IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාව ලබන අධීක්ෂණ මන්ත්‍රීවරු 55 ක්

(කැළුම් බණ්ඩාර)

රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන ප්‍රවාහන දීමනාව ලබන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වෙත නිකුත් කර ඇත.

අමාත්‍යාංශය මෙම නාම ලේඛනය නිකුත් කර ඇත්තේ ලොකුගේ මන්ත්‍රීවරයා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් 55 දෙනකුට රුපියල් ලක්ෂ දෙකක ඉන්ධන දීමනාවක් ගෙවන බවත් එම මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව තමන් ළඟ තිබෙන බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත්කර ඇති මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක ප්‍රවාහන දීමනාවක් ලබාදෙන බව කීවේය.

මෙම මුදල සංවර්ධන සම්බන්ධීකරණ කටයුතුවලට පත්කර ඇති මන්ත්‍රීවරුන්ට ගෙවන බවත් එය පසුගිය ආණ්ඩුව කාලයේදී ද සිදු වූවක් බවත් ඇමැතිවරයා පැවැසීය. මේ නිසා මෙය අලුත් දෙයක් නොවන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර මෙම ලැයිස්තුවේ නම සඳහන් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා සංචාරක සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙස පත්වීමෙන් පසුව මෙම ප්‍රවාහන දීමනාව ගෙවීම නවත්වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව දැනට ප්‍රවාහන දීමනාව ලබන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මෙසේය.

සිසිර කුමාර අබේසේකර මහතා,

ආනන්ද අලුත්ගමගේ මහතා,

රංජිත් අලුවිහාරේ මහතා,

තුෂාර ඉඳුනිල් මහතා,

හෙක්ටර් අප්පුහාමි මහතා,

අතුරලියේ රතන හිමි,

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා,

නාලක ප්‍රසාද් කොලොන්නේ මහතා,

සිරිනාල් ද මෙල් මහතා,

මයන්ත දිසානායක මහතා,

ඩී. චන්දිම ගමගේ මහතා,

එඞ්වඞ් ගුණසේකර මහතා,

විජේපාල හෙට්ටිආරච්චි මහතා,

නලින් බණ්ඩාර ජයමහ මහතා,

අනුර සිඞ්නි ජයරත්න මහතා,

ලකී ජයවර්ධන මහතා,

කාවින්ද හේෂාන් මහතා,

වේලුකුමාර් මහතා,

අරවින්ද් කුමාර් මහතා,

ආනන්ද කුමාරසිරි මහතා,

ඉම්රාන් මහරුෆ් මහතා,

එම්.එම්. අබ්දුල්ලා මහරුෆ් මහතා,

අජිත් මාන්නප්පෙරුම මහතා,

එම්.අයි.එම්. මන්සුර් මහතා,

ආශුබෝධ මාරසිංහ මහතා,

එස්.එම්. මරික්කාර් මහතා,

අලි සහීර් මවුලානා මහතා,

බුද්ධික පතිරණ මහතා,

සුජිත් සංජය පෙරේරා මහතා,

කේ.කේ. පියදාස මහතා,

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

අශෝක ප්‍රියන්ත මහතා,

මුජිබර් රහුමාන් මහතා,

ඉෂාක් රහුමාන් මහතා,

හර්ෂණ සුපුන් රාජකරුණා මහතා,

සන්දිත් සමරසිංහ මහතා,

වතුර සේනාරත්න මහතා,

එම්. තිලකරාජා මහතා,

එම්.එස්. තවුෆික් මහතා,

සුරේෂ් වඩිවේල් මහතා,

හේෂාන් විතානගේ මහතා,

ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා,

තුසිතා විජේමාන්න මහත්මිය,

රෝහිනී කුමාරි මහත්මිය,

චමින්ද විජේසිරි මහතා,

ඒ.ඒ. විජේතුංග මහතා,

මලික් ජයතිලක මහතා,

කාදර් මස්තාන් මහතා,

අංගජන් රාමනාදන් මහතා,

ආරුමුගම් තොණ්ඩමන් මහතා,

ඩග්ලස් දේවානන්ද මහතා,

ප්‍රේමලාල් ජයසේකර මහතා,

ජයම්පති වික්‍රමරත්න මහතා,

පියංකර ජයරත්න මහතා,

මුත්තු සිවලිංගම් මහතා

 

 



අදහස් (6)

ලක්ෂ දෙකක ප්‍රවාහන දීමනාව ලබන අධීක්ෂණ මන්ත්‍රීවරු 55 ක්

HERA Monday, 13 August 2018 05:23 AM

එකාබද්ධේ මන්ත්‍රීලත් ඉන්නවනේ...

:       75       63

kalani Monday, 13 August 2018 05:39 AM

බොහෝ දෙනෙක් ලක්ෂ දෙකේ දීමනාව ලබනවා වගේ. අනේ වාසනාවන් දුම්රිය සේවකයින්ට රුපියලක් වත් දෙන්න එපා.

:       22       15

vernon Monday, 13 August 2018 06:30 AM

මේ අයට රජයෙන් තව වාහනයක් දෙනවාට වඩා නම් ප්‍රවාහන දීමනාවක් දෙන එක ඉතුරුයි. මොකද වාහනයක් දෙනවා නම් ඒකට තෙල් ගහන්න, සේවා කරන්න, රක්ෂණය කරන්න, කැඩුනාම හදන්න ඔය ඔක්කොම රජයෙන් දෙන්න ඕනනේ.

:       0       1

de silva berlin Monday, 13 August 2018 07:11 AM

රජයේ සංවර්ධන වියපෘති අධීක්ෂණය කරගන්න විෂය භාර ඇමති සහ නියෝජ්‍ය ඇමති සහ නිලධාරීන්ට බැරිද ? ජයවර්ධන ජනාධිපති තුමාගේ , ප්‍රේමදාස මහත්මන්යගේ කාලේ රටේ කොච්චර සංවර්ධන වියපෘති තිබුනද ? දැන් තාක්ෂණයත් දියුණුය , ඉස්සර මෙච්චර විශාල ඇමතිමන්ඩලයක් තිබුනේ නැහැ , දැන් මොකද මේ වෙලා තිබෙන්නේ.

:       0       0

kalani Monday, 13 August 2018 09:24 AM

රජයේ සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවන්න දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වුවමනාවටත් වඩා රාජ්‍ය නිලධාරින් ඉන්නවා. මේ රට ගොඩනැගීමට නොව පසුපෙළ රජයේ මන්ත්‍රීවරු නලවන්න අටවපු ඔන්චිල්ලාවක්. උන්චිලි චිලි චිල්ල මලේ - ඉහළ ගිහින් එන්න මලේ - පහල වැවෙන කටු අකුලේ - කටු උල් වෙයි මගේ මලේ .

:       0       1

rocky Tuesday, 14 August 2018 07:19 AM

අහ් බොලේ! මේ සෝවාන් වෙලා වගේ පහු ගිය දා කතා කොරපු අතුරලියේ උන්නාන්සේගේ නමත් ලයිස්තුවේ තියනවනේ! මගේ හිතේ උන්නාන්සේ වෙනුවට මේ සල්ලි ගන්නේ ඇබිත්තයා වෙන්න ඇති!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31210 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13368 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 72 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site