විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 56 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් විය.
ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114 ක් එසවූ චතුරංග ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134 ක් එසවීය. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 248 කි.
මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියාවේ ඉසාර් අහමඩ් විසින් දිනාගන්නා ලද අතර රිදී පදක්කම ඉන්දියාවේ ගුරුරාජා සතුවිය.

COMMENTS
ලක්මාල් ඔබේ ජයග්‍රහණය රටේ ජයග්‍රහනයය්. ඔබ වැන්නන් අපේ රටට ආඩම්බරයක් මෙන්ම අධර්ශයක්. ඔබගේ ඉදිරි ගමනට ජය.
මෙන්න මේවා තමා අගය කරන්න ඕනි පුවත්. මේ වගේ ක්‍රීඩකයින්ට හරි අනුග්‍රහයක් දුන්නනම් අපිත් ඔලිම්පික් පදක්කම් ගන්න රටක් වෙන්න තිබ්බ.
ජයවේව ! මේවා තමයි රටම සමරන්න ඕන. රටටම ආඩම්බරයක් ගෙන දෙන ලෝක පුවතක්.