නිමන්ති රණසිංහ
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ දුරකථන සංවාදය සම්බන්ධයෙන් කලූතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප‍්‍රකාශයක් සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති මිලන්ත ජයවර්ධන, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ , ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, වරාකාපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත සහ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රහස් පොලිසිය නියෝජ්‍ය පොලිස්පති රන්මල්ගෙන් ප්‍රකාශයක් ගනී
ranjith Tuesday, 02 October 2018 12:25 AM
රටට ගිය කලක්. ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට වෙඩි තියෙනවා. මේවා හැමදාම ටීවී එකේ පේනවා. වාසනාවන්ත රටට වෙලා තියෙන අවාසනාවන්ත කමක් හොද පාලකයෝ මතුවටවත් බිහිවේවා.!