IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය වසා දමයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
රුහුණ විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට අද (10) තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.
 
ඒ අනුව මානව ශාස්ත්‍ර පීඨය, කළමණාකරණ හා මූල්‍ය පීඨය, විද්‍යා පීඨය, ධීවර හා සාගර විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි පීඨය යන පීඨ පහේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත් කර ඇත.
 
 අද (10) සවස 4.00 වන විට විශ්වවිද්‍යාල භූමීයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබුණි. එසේ ඉවත් නොවන සිසුන් පොලීසිය යොදා ඉවත් කිරීමට කටයුතු කරන බව අමරසේන මහතා කීය.
 
කෙසේ වෙතත් රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර පෙරේදා (09) ඇති වු ගැටුමක දී දෙපිරිසේම 16 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
 
ඉන් අනතුරුව රාත්‍රී කාලයේ කුපිත වු සිසුන් පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ කුටියට ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කර ආරක්ෂක නිලධාරීන්ට ද පහර දී ගෘහස්ත දුරකථනයේ වයරය කපා එය පැහැරගෙන ගොස් තිබෙන බව උප කුලපතිවරයා සදහන් කළේය.

ඒ සමගම ආරක්ෂක නිලධාරීන් ද සිය රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබුණි. පසුව අද  (10) උදෑසන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් රාජකාරි සදහා පැමිණෙන විට සිසුන් පිරිසක් පොලු මුගුරු සහිතව පරිපාලන ගොඩනැගිල්ල ආසන්නයේ රැදී සිටින බවට ඔවුන්ට ආරංචී වී තිබුණි.

ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව පවසා ඔවුහු විශ්වවිද්‍යාලයට නොගොස් උදෑසන 10.00 පමණ වන තෙක් ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදී සිටියහ.
 
මේ නිසා එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබුණි. පසුව එම සේවක සේවිකාවන්ට යළි නිවෙස් වෙත යන ලෙසට උපකුලපතිවරයා දැනුම් දීමෙන් පසු ඔවුහු විසිර ගියහ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුළ සිටින සිසුන් ඉවත් කර ගැනීම සදහා එහි විදුලිය හා ජල පහසුකම් විසන්ධි කිරීමට ද පියවර ගෙන තිබුණි.
 
විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් පසු සිසු සිසිවියන් සිය ගම් බිම් බලා යන අයුරුත් තවත් සිසුන් පිරිසක් තව දුරටත් විශ්ව විද්‍යාල භූමියේ රැදී සිටින අයුරුත් දැක ගත හැකි විය. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ගත් පසු යළි විවෘත කිරීම ගැන සලකා බලන බව උපකුලපති අමරසේන මහතා වැඩිදුරටත් කීය.
 
එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විනය හේතුන් මත එහි පාලන අධිකාරිය මීට පෙර ක්‍රියා කර තිබුණි.එම දඩුවම ඉවත් කරන්නැයි සිසුන් දිගින් දිගටම විවිධ ක්‍රියා මාර්ග වල නිරත වු අතර එතැන සිට ඔවුහු උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය සමග ගැටුම් ඇති කර ගත්හ.



අදහස් (1)

රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය වසා දමයි

sampath Wednesday, 10 July 2019 09:45 AM

මේ ළමයින්ට මොලේ කොලොප්පන්... හැමදාම ගහගන්නවා. පාරෙ සරසවි කියන්නේ මුදා නොගත් ප්‍රෙද්ශ නොවී නිකම් මෝඩ නොවී තමුන්ගේ අධ්‍යාපනය අවසන් කරගන්න කීයෙන් කී දෙනාටද ඔය වාසනාව උදා වෙන්නේ? කී දෙනෙක් සරසවියක පස් පාගන්න නැතිව හූල්ලනවද?

:       2       82

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site