IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රුසියා - ඇමරිකා තානාපතිවරු විදේශ ඇමැති හමුවෙති

 
( තිළිණි ද සිල්වා )
 
ශ්‍රි ලංකාවේ, රුසියා තානාපති ඇලෙක්ස්සැන්ඩර්  ඒ කර්චාවා සහ ඇමරිකා තානාපති අතුල් කෙෂාප් මහත්වරු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවුහ. 

පළමුවෙන්ම රුසියානු තානාපති මහතා රවි කරුණානායක මහතා හමුවී ප්‍රකාශ කළේ  රුසියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී බැඳීම වර්තමානයේ ශක්තිමත් වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා රුසියාව නිරන්තරයෙන් සහය ලබා දෙන බවද තානාපතිවරයා කීය. රුසියාව ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රටක් ලෙස නිරන්තරයෙන් ලබාදෙන සහය අතිශය අගය කරන බව විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජීය සංවර්ධනය ඉහළ තලයක පවතින බවත් එය සතුටුදායක තත්ත්වයක් බවත් පෙන්වාදුන් කෙෂාප් මහතා ඉදිරියේ දී, එම ක්‍ෂේත්‍රයන් ශක්තිමත් කිරීම සඳහා සහයවන බව පැවසීය.

ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම ඉතා වැදගත්වන බව විදේශ ඇමැති ප්‍රකාශ කළේය.


 



අදහස් (0)

රුසියා - ඇමරිකා තානාපතිවරු විදේශ ඇමැති හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site