( සමන් විජය බංඩාර )
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳ ආණ්ඩුව සුදුසු පරිදි තීරණයක් ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි
“ රවි කරුණානායක මහතාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දැන ගන්න ලැබිලා තියෙනවා. ඒ ගැන පක්ෂ නායකයෝ කථා කරගෙන යනවා. ඒ නිසා ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ලැබෙයි.“
“ප‍්‍රධානතම දේ තමයි අපි මෙ ආණ්ඩුව වශයෙන් යහ පාලනය පිළිබඳ ස්ථාවරයක් ගත්තා. මෙ වාගේම සිද්ධියක් පසුගිය රජය කාලේ සිද්ධ වුණා නම් ඇමැතිවරුන්ට රටේ නිතීය ක‍්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අපි මෙ රටේ නිතීය ආධිපත්‍යයට සම්පුර්ණයෙන් ඉඩ දිලා තියෙනවා. අපි ඒ වගකීම හා විනිවිදය පිළිබඳ ස්ථාවරයේම ඉන්නවා එක වෙනස් වෙන්නේ නැහැ. එම නිසා ඉදිරි දිනයන්වල මෙ සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් අපි ගන්න පියවර කුමක්ද කියන එක ගැන අපි තීරණයක් ගන්නවා. “
“පසුගිය කාලේ සොරකම් කරපු වංචා කරපු විපක්ෂයේ හිටපු ඇමැතිවරුන්ට විරුද්ධව චෝදනා ගේනකොට කොමිසමකට එන්න කීවාම ඒවා දේශපාලන පලිගැනිම් කියලා සහ ඒවා දේශපාලන න්‍යාය පත‍්‍ර කියලා විවිධ හේතු දක්වලා මහජනයාට වැරදි පණිවිඩයක් දෙන්න හැදුවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
අනේ කොහොමහරි රවීව බේරගන්න. මතක නෑනේ. දන්නේ නෑනේ. පව්නේ ඉතින්...
රවිට කලින් ආණ්ඩුවේ හොරුන්ටත් දඬුවම් දෙන්න. විස්සයි20 දී අපේ එජාප ඡන්දේ ඕනෙ නම් රවී කරුණානායක මහතා වහාම මේකෙන් නිදහස් කරන්න.
යහපාලනයට ඡන්දේ දුන්නේ පරණ අය හොඳ නැති නිසා තමයි. ඒ නිසා පරණ කතා මෙතනට අදාළ නැහැ. ඒකාලේ මෙහෙමයි දැන් මෙහෙමයි කියලා වැඩක් නැහැ. නීතිය ඉදිරියේ මොන බොරු කිව්වත් මුළු ලෝකෙටම ඔප්පුවෙලා ඉවරයි රවී ගැන... ඒ නිසා මහත්තයෙක් වගේ ඉල්ලා අස්වෙන්න. නැතිනම් අස් කරන්න. යහපාලනයද? ගවපාලනයද? ජයගන්නේ කියලා අපි බලා ඉඳිමු.
මොන පක්ෂ නායක කතාද? පක්ෂවල හිටපු මියගිය නායකයන්ව ගෙනැල්ලා කතාකලත් ලාංකීය මහජන අධිකරණය විසින් දැනටමත් තීරණය කර අවසානයි. මේ හතරටවත් ගැනගන්නවත් බැරි තොත්ත බබා අපගේ මුදල් හොරකම් කර ඇතිබව. එබැවින් මෙම හොර තක්කඩියාට නීතිප්‍රකාර දඬුවම් දිය යුතුමය. ඉල්ලා අස්වෙන ලෙස නොව සියළු තනතුරුවලින් නෙරපා දැමිය යුතුය. තවද පෙර රජයේත් පල් හොරුන්ටද මෙයම වියයුතුය. දැන් ඉතින් යන්නකෝ කිලිනොච්චි යනවා කියලා මැදවච්චියට. අලිමංකඩ කියලා පාමංකඩ යන්නකෝ. ඒ ගමන් දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්නකෝ හොඳා ....
ඇයි විජේදාස මහතාට විරුද්ධව දෝෂාභියෝග ගේන්නේ නැත්තේ? ඒකාබද්ධයේ හොරු රකින්නේ මේ අය නිසාද?
මට මතකයි රවී සතොසට කරපු දේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ, "කළුගල් ගිලපු කෙනාට අග්ගලාවත් කජ්ජක්ද?" කියලයි.
ආරංචිය හැටියට ජනාධිපතිතුමා රවිට අස්වෙන්න කියලා නෑ කියලයි.
රවිට දඬුවම් කොට එජාපයේ පිරිසිදු භාවය පෙන්වමු. හිටපු අයටත් ඉක්මණින් දඬුවම් දිය යුතුයි.
කොළ, නිල් ඔක්කෝම හොරු තමයි. රතු,නිල්,කොළ ඔක්කොම එකම සංගමයේ කට්ටිය...
පක්ෂ නායකයන්ගේ තීරණය කෙසේ වෙතත්, ඔබ ලේකම් ධුරය දරණ එජාපයේ ස්ථාවරය කුමක්දැයි කියා අපට දැනගන්න කැමැතියි. මොකද රවි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ? තිස්ස මහතා ලේකම් ධුරය දැරුවා වගේ ඔබත් කළා නම්, පක්ෂයේ ලිපිනයත් හොයන්න බැරිවේවි.
මෙතුමාගේ ප්‍රකාශ අනුව එක්සත් ජාතික පක්ෂයත් රවී මහතාව ආරක්ෂා කරනවා වගේ. දන්නේ නැති, මතක නැති කෙනෙකුට රජයේ ඉහළ වගකියන තනතුරු දෙනවද?
"වැටත් නියරත් ගොයම් කනවා නම් කාට පවසම්ද මේ අමාරුව" කියල කිව්වලු !!!