විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය රජය සමයේ මොන චෝදනාව ආවත් කිසිවකු ඉල්ලා අස්වී නැතැයි ද, චෝදනාවක් එල්ලවූ සැනින් පරීක්ෂණවලට දක්වන සහයක් ලෙස කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් මේ ආණ්ඩුවේ යහපාලනය පෙන්වා ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.

ජනමාධ්‍ය අද විවිධ චෝදනා කිරීමෙන් පෙනී යන්නේ දැන් මාධ්‍ය නිදහසක් ඇති බව යැයි කී අගමැතිවරයා ගිය ආණ්ඩුව කාලේ එසේ කතා කළහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නන්ට වූ දේ සිදු වන බව ද ප්‍රකාශ කළේය.  අද ලැබී ඇති නිදහසත් සමඟ ජනමාධ්‍ය සියලුම දෙනාට හොරුන් යැයි චෝදනා කරන බව ද ඔහු පැවසීය.