(වසන්ත චන්ද්‍රපාල)
අක්කරපත්තුව ඔලුවිල් ගම්මානයේ දරුවකු (6) තම නිවස අසල තිබු මොටර් රථය තුළට ගොස් දොර වසාගෙන සිටියදි මොටර් රථයෙන් එළියට ඒමට නොහැකිව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙළඳසලට ගිය දරුවා නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේ දී දරුවා වාහනයේ ඉදිරිපස අසුන ළඟ වැටී සිටියදී දෙමාපියන්ට හමුවී ඇති අතර පසුව රෝහල් ගත කරනු ලැබීමෙන් පසු මියගොස් ඇත.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විනය පාලක වන සේන සෙයියදු මොහමඩි බුහාරි මහතා තම වාහනය මාර්ගය අසල නවතා නිවසේ සිටි අතර එදින සවස වාහනයට නැග දොර හරින අවස්ථාවේ දී අතුරුදහන්ව සිටි දරැවා වාහනයේ ඉදිරිපස අසුන ළඟ වැටී සිට ඇති අතර දරුවා රියට නැග එහිවූ විවිධ උපකරණ ඇල්ලීමේදී වාහනයේ දොර අගුලු වැටෙන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිහු සැක පළ කරති.

COMMENTS
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. සාමාන්‍ය රස්නයක් තිබෙන දිනයක වීදුරු වසා ඇති වාහනයක් තුල උෂ්ණත්වය සෙන්.අංශක 60-70 තරම් ඉහළ යනවා . කුඩා ළමයින් වාහනයක තබා රියදුරා ඉවතට යාම බොහෝ දියුණු රටවල දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නේ මේ නිසයි.
සංවේගයි අසරණ දරුවා ගැන. දරුවාට සසරදී මෙවන් අකල් මරණ නොලැබේවා!
කාර් එකේ දොර ලොක් කරන්නේ නැතුව පාර අයිනේ නවත්තලා ගිය පුද්ගලයට දඬුවම් ලැබිය යුතුයි.