IMG-LOGO

රියදුරු බලපත් විභාගය ඩිජිටල් ක්‍රමයට

(මනෝප්‍රිය ගුණසේකර)
 
රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුව තීරණය කොට ඇතැයි වාර්තා වේ.
 
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැවැත්වෙන විභාගය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට සුදානම් කොට ඇති බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ ලබන මැයි මස සිට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
 
විභාග අක්‍රමිකතා වැළැක්වීම සහ කඩිනමින් විභාග ප්‍රථීපල නිකුත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම නව වැඩපිළිවෙළ යටතේ අයැදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකි වන බව පවසන ජගත් චන්ද්‍රසිරි මහතා මුල් අදියරේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ වේරහැර කාර්යාලයේදී මෙම ක්‍රමය ආරම්භ කරන බවද පැවසීය.



අදහස් (6)

රියදුරු බලපත් විභාගය ඩිජිටල් ක්‍රමයට

hema Sunday, 08 April 2018 01:41 PM

ඔය කියන විභාගය ඩිජිටල් ක්‍රමයට ඔන්ලයින් කරන්න පුළුවන් විදියට සකස් කළා නම් හොඳයිනේ.. එහෙම නැති මුළු ලංකාවේ ඉන්න හැමෝටම වේරහැර එන්න වෙනවනේ ඕක ලියන්න එක මොනතරම් අසාධාරණද මේ ඩිජිටල් ලෝකේ..?

:       36       17

Sampath Sunday, 08 April 2018 02:50 PM

මේක තරග විභාගයක් නොව ලිඛිත පරීක්ෂණයකි.

:       0       39

Prasanna Sunday, 08 April 2018 04:40 PM

හේමා ඔය කියන ක්‍රමය හරියන්නේ නැහැ. මේ වගේ විභාගයක් මාර්ගගත ක්‍රමයට තියන්නේ කොහොමද. එතකොට ඕනේ කෙනෙකුට තව අයගෙන් උදව් අරන් ලියන්න පුළුවන්නේ. මේක තමා ලෝකේ සම්මත ක්‍රමය. හැමදේම මාර්ගගත ක්‍රමයට කරන්න බැ.

:       43       11

prasannaMonday, 09 April 2018 09:49 AM

මේ මොකද්ද මේ දාල තියෙන්නේ මම ලිව්ව එක නෙමේනේ. මම කිව්වේ digital ක්‍රමයට බෑ කියල නෙමේ online කරන එක සාර්ථක නැහැ කියල.

:       0       0

lal Monday, 09 April 2018 02:10 AM

බොහොම හොඳයි. හොඳ ක්‍රමයක්. ලෝකේ බොහෝ දියුණු රටවල පාවිච්චි වෙන්නෙත් කම්පියුටර් බේස්ඩ් ටෙස්ටින් සිස්ටම් එක. ඊට පස්සේ ප්‍රායෝගික ටෙස්ට් එක....

:       0       0

sachith Monday, 09 April 2018 07:07 AM

පොඩියට හරි ඩිජිටල් පැත්තට යන එක හොඳයි. මේ වගේම දඩ ගෙවන එක වගේ ඒවත් අන්තර්ජාලය හරහා කරන්න පුළුවන් විදිහට සකස් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 679 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site