
(නිමල කොඩිතුවක්කු)
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් රියදුරු බලපත්‍රය අහිමි කිරීමක් මින් ඉදිරියට සිදුනොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍ය සහතිකය ලබාදීමේදී රුධිර පරීක්ෂාව සේවයක් හැටියට පමණක් සිදුකිරීමට තීරණයක් ගෙන ඇති බවද සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි රාජ්‍ය අමාතයාංශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
වෛද්‍ය සහතිකය නිකුත් කිරීමේදී ඇස් පරීක්ෂාව පමණක් ප්‍රධාන පරීක්ෂාව ලෙස සැලකිල්ලට ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඇස් පෙනීම යම් මට්ටමකින් දුර්වල සහ සුලු ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී තැරැව්කරුවන්ට මුදල් දීම අවශ්‍ය නොමැති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නියම කරන ලද මුදල පමණක් ගෙවා කඩිනමින් එම සේවා ලබාදීමට අවස්ථාව සලසා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුමිත් අලහකොන් මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
COMMENTS
මෙම පරීක්ෂා රියදුරන්ට, පදිකයින්ට, මගීන්ගේ ආරක්ෂාවට නේද? අනේ අපොයි රටට යන කලක්...
මට තේරෙන විදියට රියදුරු රස්සාව ජීවිත සමග කරන සටනක් නිසා, යම් අනතුරකදී අධික රැධිරවහනය ඇති අවස්ථාවක රියදුරු මහතාගේ රුධිර වර්ගය ක්ෂණිකව අවබෝධ කරගැනීමට රුධිර වර්ගය පවා රියදුරු බලපත්‍රයට ඇතුල් කළ යුතුයි. ඔබලාගේ තීන්දු තීරණ අපිට නම් තේරෙන්නේ නැහැ. නමුත් විදේශයක ජීවත්වන මාගේ අත්දැකීම නම් රියදුරු වෘත්තීය වනාහි ලෝකයේ ඇති අනතුරුදායක වෘත්තීන්ගේන් එකකි. ආබාධිත අයවලුන්ට රියදුරු බලපත්‍ර දෙනකොට හදිසි අවශ්‍යතාවකදී (කහ සුදු දෙකම ලංකාවෙ තියෙනවා) ඉරිමත ක්ෂණික තිරිංග තදකිරීමක් අවශ්‍ය වූවිට වෙන දේ අවබෝධ වේවා...!!!