(ඩී.ජී.සුගතපාල)
වසරකට කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවී තිබූ නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි.
ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා පිටත වරායේ නැගුරම්ලා තිබූ ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රී ලංකා ග්ලෝරි“ නමැති මෙම නැව පසුගිය වසරේ ජූනි මස 18 වැනි දින හමාගිය තද සුළඟින් නැගංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවී තිබූ අතර එහි සිටි නාවිකයින් නම දෙනා බේරගනු ලැබීය.
නැවේ තිබූ තෙල් විසිරීමකින් පරිසර හානි ඇති වීමට ඉඩ තිබූ නිසා සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධික්ෂණය යටතේ නැවේ තිබූ තෙල් ටොන් 22ක් ශානිකා මෙරයින් නමැති සමාගම විසින් ඉවත් කරගෙන එම සමාගමට අයත් පුත්තලම පිරිපහදුව වෙත ගෙනයන ලදී.
පසුව නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයට ගෙන බාහිර කිසිම පුද්ගලයෙකුට නැවට ඇතුල්වීමද තහනම් කර තිබිණ.
මේ අතර නැව කපා ඉවත් කිරීමට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සහ වනජීවි දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා දී ඇත.


COMMENTS
නැවක් ගහගෙන යන්න සුළඟට මොන බලයක් තියෙන්නට ඇද්ද? ඉන්ධන විතරක් ටොන් විසිදෙකක්. නැව තිබුණොත්, කොරල් පරයට හානි සිදුවෙනවා ඇති. ඒත්, කළුදුම් දමමින් පරිසර දූෂණය සිදුකරන පරණ කසිකබල් සීටීබී බස්කබලක් වත් විසි නොකරන මේ රටේ වටිනා නැවක් අලුත්වැඩියා කරගන්න පුළුවන් වුණානම් නියමයි. ඒත්, එහෙම කරන්නට බැරි තරමට අලාභහානි සිදුවෙලා ඇති. එහෙනම් ඉතින් මොනවා කරන්නද? ඔන්න පරණ යකඩ වලටම කඩපුවාවේ...
හරි හරි... ගානට වෙලාවට තිතට, නූලට පරණ යකඩවලට කපනවා කියලා අපි දන්නවා.
පුහුණුවීම් වලට, ගිනි නිවිමේ පුහුණු වලට ගන්න බැරිද?
කවුද සත්ගුණවත් දේශමාන්‍ය පින්වත් දේශපාලුවා මේ සදහා තුට්ටු දෙකට නොවටිනා අධික මුදලක් ගෙවා පරණ යකඩවලට නැවම ගිල දැමීමට භාග්‍ය උදාකර ගත්තේ කියලා දැනගැනුමට කැමැත්තෙමු...
වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවේ කට්ටිය පරණ නැව් කපලා යකඩ වලට විකුණන්න දක්ෂයින්, මතකනේ නන්දිකඩාල් කලපුව ආසන්නයේ තිබ්බ ප්‍රසිද්ධ නැව ඉක්මනට යකඩ වලට කපලා විකුණගත්තා...
පරණ යකඩවලට ප්‍රසිද්ධ රූපවාහිනි මාධ්‍යවේදියෙක් හිටියා. බලන්න එයාවත් ඔය පැත්තේ කැරකෙනවද කියලා...