IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රුපියල 170 ත් පනී

 

 

 

හර්ෂණ තුෂාර සිල්වා

 

ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද  (21) තවදුරටත් අවප්‍රමාණය වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ශ්‍රී ලංකා රුපියල් අගය 170.65ක් දක්වා ඉහළ ගියේය.  

 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (21) ඉතිහාසයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට මෙතෙක් ගෙවූ ඉහළම අගය වාර්තා කළේය.  

 

ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) වනවිට රුපියල ඇමෙරිකා එක්සත් ජනපදයට සාපේක්ෂව රුපියල් 2.02කින් පහත වැටිණි. මේ සතිය ආරම්භ වන විට එක්සත් ජනපද ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය 165.14ක් විය. මේ අනුව රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මේ සතියේදී පමණක් රුපියල් 5.51කින් පහත වැටිණි.  

 

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 170.65ක් ලෙසත් ගැනුම් මිල 166.78ක් ලෙසත් සටහන්ව තිබිණි.  

 

බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (21) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී සහ කොමර්ෂල් යන බැංකුවල 172 සීමාව ඉක්මවා ගියේය. 

 

ඊට අමතරව  මහජන බැංකුව, ලංකා බැංකුව, එන්.ඩී.බී සහ එන්.එස්.බී බැංකුවල එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 171 සීමාව ඉක්මවා තිබිණි. සම්පත් බැංකුවේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල සම්පත් බැංකුවේ 170.70ක් ලෙස සටහන්ව තිබිණි. 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප්‍රමාණය වී ඇත. 



අදහස් (11)

රුපියල 170 ත් පනී

Harshana Friday, 21 September 2018 08:51 AM

ඔහොම යමු... ඔහොම යමු රුපියල රජ ගමනේ පහළට. ලක්ෂ 62 ඔබ වෙනුවෙන් රජයෙන් තෑගි පිට තෑගි...

:       4       103

PerakumFriday, 21 September 2018 10:09 AM

කලබල වෙන්න දෙයක් නෑ හර්ෂණ... අපි කලින්ම කිව්වනේ ඕක 200න් නවතිනවා කියලා. එච්චරයි...!

:       0       34

BandulaSaturday, 22 September 2018 12:33 AM

අපි රුපියල ඉවත් කර ඇමරිකන් ඩොලර් භාවිතයට ගනිමු. කොහොමද මගේ කැකිරි මොලේ...?

:       0       2

NandasenaSaturday, 22 September 2018 12:38 AM

1960දී ඇමෙරිකන් ඩොලරයක් ලංකාවේ රුපියල් 11.60යි නේද?

:       0       0

Asanka Friday, 21 September 2018 10:04 AM

මට පෙනෙන්නේ එක්කෙනෙක් බල්ලන් සහ කජු, බූවල්ලන් සහ කඩු ගැන මිස වෙන මෙලෝ දෙයක් නොදන්නා අතර අනෙකා හැමදේම ඕනෑවට වඩා දන්නා බැවින්, රටේ ආර්ථිකය මෙසේ සීග්‍රයෙන් වලපල්ලට යන බවයි.

:       0       38

dias Friday, 21 September 2018 10:47 AM

දැනට සිදුවන රුපියලේ අවප්‍රමාණය වීමට හේතුව, ඇමෙරිකාව සහ චීනය අතර ඇති වෙළෙඳ යුද්ධය සහ ඇමෙරිකානු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවණතාවයි. මේ දෙක ලංකාව වැනි රටකට පාලනය කල හැකි තත්වයක් නොවන බැවින්, ලංකාවේ මොන රජයක් තිබුණත් මෙවැනි තත්වයකට මුණ පෑමට සිදුවනු නියතයි.

:       203       6

Thilina Friday, 21 September 2018 11:18 AM

නිකන් කඩේ යන්නේ නැතුව ඉන්න..අවුරුදු 4 තිස්සේ දිගටම රුපියල පහළ ගියේ ඕව තිබිලා නෙමෙයි ..මහ බැංකු හොරකමයි නොහැකියාවයි නිසා ..ඔයිට වඩා දරුණු ලෝක ආර්ථික අර්බූදයක් 2011 ආවා..ඒත් මේ තරම් මිනිස්සුන්ට අමාරු වුනේ නැහැ ..ඇත්ත පිළිගන්න

:       2       165

සතයපාලFriday, 21 September 2018 04:52 PM

මහබැංකුවේ හොරකමයි නොහැකියාවයි විතරක් නොවේ මේකට බලපාලා තියෙන්නේ මහරජායි එයාගේ සන්හරේ එවුනුයි, කළ හොරකම් කොමිස් ගැහිලි හා මගඩිද මේවට බලපාලා තියනවා. රටේ ආර්ථිකය කඩා වැටෙනවා දන්න නිසා තමයි අවුරුදු දෙකකට කලින් ඡන්දයකට ගියේ... නියමිත පරිදි 2017 දෙසැම්බර්වල ඡන්දය තිබ්බා නම් මහා රජා ලොවෙත් නැතිවෙනවා.

:       54       0

සතයපාලFriday, 21 September 2018 04:52 PM

මහබැංකුවේ හොරකමයි, නොහැකියාවයි විතරක් නොවේ මේකට බලපාලා තියෙන්නේ මහාරජයි එයාගේ සනුහරේ අයයි කළ හොරකම් කොමිස් ගැහිලි හා මගඩිද මේවට බලපාල‍ා තියනවා. රටේ ආර්ථිකය කඩා වැටෙනවා දන්න නිසා තමයි අවුරුදු දෙකකට කලින් ඡන්දයකට ගියේ.... නියමිත පරිදි 2017 දෙසැම්බර්වල ඡන්දය තිබ්බා නම් මහා රජා ලොවෙත් නැති වෙනවා.

:       74       0

ThusharaSaturday, 22 September 2018 03:00 PM

"ගොන් තර්ක දැමීම කලාවක් නම් සත්‍යපාල එහි පිකාසෝ වෙයි" කියලා තමා ලක්ෂ 62 වෙනුවෙන්ම කියන්න තියෙන්නේ... සත්‍යපාල කඩේ යනවාට සිරිකොතෙන් හොඳ ගානකුත් හම්බ වෙනවා ඇති ....

:       0       24

smith Friday, 21 September 2018 12:53 PM

දැන් ඉතින් රටේ ආර්ථිකේ හිටු කියලා දියුණුවෙයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site