මනෝප්‍රිය ගුණසේකර
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද (24) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද පැවසීය.
රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.
එමෙන්ම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කොට එම සමාගමේම ප්‍රධාන විධායක නිලධාරීවරයාට බාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයෙක් රහස් පොලිසිය හමුවේ පිළිගෙන ඇතැයි දැනුම් දුන් යසන්ත කෝදාගොඩ මහතා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමද එහි මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇතැයිද දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි මාස තුනකට අධික කාලයක් පුරා සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (24) නියම කළාය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.
COMMENTS
නඩු කටයුත්ත ඉවර වෙනකම් ඇප එහෙම දෙන්න එපා , අැප දුන්නොත් මේ ගොල්ල සිංගප්පුරුවට පනිනවා ඊට පස්සේ අල්ලලා බොරු
ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් නිසාද නම එලියට දන්නේ නැත්තේ. දැන් පේනවනේ කවුද හොරු කියල.. තවත් ජනතාව රවටන්න එපා. මේ ආණ්ඩුව අසර්ථකයි. හොරු අල්ලනවා කියල හොරකන් කලා. ආර්ථිකය ගොඩ ගන්නවා කියල .. ආර්ථිකය සම්පුර්ණයෙන්ම විනාශ කලා. රාජපක්ෂ ආණ්ඩුව රට චීන කොලනියක් කරනවා කියල , මේ ආණ්ඩුව ඔක්කොම චීනෙට විකුණුව. වොක්සවගන් ගේනවා කියල බොරු කිව්වා.. ඔක්කොම බොරු. පොර්ට් සිටි නවත්වනවා කියල බොරු කිව්වා. හම්බන්තොට වාරයේ ගලක් කියල බොරු කිව්වා. මත්තල වී දැම්ම. දැන් මංගල අයෙත් බොරුවම කියන්න පටන් අරන්.
කරුණාකරලා මන්ත්‍රී ගේ නමත් කියන්න.
නම නොකියන හින්ද ඔක්කොම මන්ත්‍රිලා සැක කරන්න වෙනවා. එම නිසා වරද කරු හෙළි කර අන් අයගේ ගරුත්වය අරක්ෂ කළ යුතුය
හනේ කාට කියන්න ද? ම දැයි හැට දෙලක්ෂයක බලාපොරොත්‍තු ගම්මන්පිල මහත්තයෝ ඕන එකක් කියන්න අහගෙන ඉන්නම්
මැදවච්චියේ ගිය මන්ත්‍රීතුමා වෙන්න ඇති
හරි, තවත් මාස ගණනක් කතා කරන්න , කතා මවන්න තවත් පොටක් පෑදිලා වගෙයි.
ඕක ඉතින් දැන් රහසක් නෙවෙයිනෙ, අර සුදු ඇදගෙන එලියට ගිය 16 දෙනාගෙන් කෙනෙක්නෙ.
දයාසිරි ජයසේකර
ගරු අධිකරණය කරුණු නිවැරදිව පවසන තුරු පුද්ගල අපහාස කිරීම නුසුදුසුය.