(මහින්ද නිශ්ශංක)
මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර ඊයේ (14) රාත්‍රී පීලි පැනීමට ලක්වූ අතර ඉන් මැදිරි 4ක් පීලි පැන පෙරළීමෙන් දුම්රිය මාර්ගයට ද දුම්රිය පාලමකට ද විශාල වශයෙන් හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි පවසයි.
මේ හේතුවෙන් උතුරු හා මන්නාරම් මාර්ගවල අද (15) රාත්‍රී ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය 4ක් අවලංගු කර ඇතැයි තැපැල් දුම්රිය පාලන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද රැජිණට අලුත් පීල්ලක්වත් ඕනේ වෙලාද?
ලංකාවේ කොයි දේත් පීලි පනින එක ඉතින් අරුමයක්ද?
දුම්රියකට පීල්ලක් හදාගන්න බැරි දෙපාර්තමේන්තුවක්.... මාසෙකට දෙතුන් වතාවක් මේක පනී....