(අමල් වික්‍රමරත්න)
ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අනුරාධපුර මහා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ හදිසි අනතුරු වාට්ටුවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජය සෞඛ්‍ය සේවය සදහා කෙතරම් වියදමක් සිදු කළත් ජනතාවට ඒ සදහා වැයවන මුදල් ප්‍රමාණය ගැන හැගීමක් නොමැති නිසා මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේ නමුත් ඉදිරියේදී සෞඛ්‍ය සේවය පෞද්ගලිකරණය කිරීමට කිසිදු අදහසක්ද නැතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ටත් බිලක්
nuwan Sunday, 18 March 2018 09:23 AM
ඉස්සෙල්ල ඔලුව දානවා.අව්ලක් නැත්නම් මුළු ඇගම දානවා.
sena Sunday, 18 March 2018 09:25 AM
පිස්සුද? නැතිනම් හැටිද මන්දා? - නිකම්ම නිකන් කොළ නාස්ති කරන වැඩක් ඒ මදිවාට ඔය බිල් හැමතැනම දාලා මුළු ඉස්පිරිතාලේම අපිරිසිදු කරනවා ඔක්කොමට වැඩියේ ඔය බිල් වලට කඩදාසි ගන්න තවත් කෝටි ගානක් වියදම් වෙයි.
PerakumSunday, 18 March 2018 10:14 AM
බිල මුද්‍රණය නොකර කොම්පියුටරයේ පෙන්නුවම ඇති. ඕන කෙනෙක් ඉල්ලුවොත් බිල මුද්‍රණය කරලා දෙන්න.
sam Sunday, 18 March 2018 09:34 AM
මෙය එන්නේ හොඳ පොට කට නෙමි.
Bamunuarachchi Sunday, 18 March 2018 10:00 AM
ඔබ වෙනුවෙන් මේ රටේ දුප්පත් ජනතාව සිංගප්පූරු ඉස්පිරිතාලයට කෝටි දෙකක බිලක් ගෙව්වා. එම මුදලින් මෙහෙ රෝහලක් ඉදිකරන්න පුළුවන්. ඒ බිල ගැන අහලා අපි කිව්ව දේවල් ඔබ දන්නවා නම් නේද? දැන් මෙයා අපිට බිල් දාන්න එනවා.
RaveendraSunday, 18 March 2018 11:28 AM
බමුණුආරච්චි මයා වෙත, මේ හාදයා පිං මාමෙක් බව ඔබ නොදන්නේද? "ඉස්සරත් ඇමතියෙක්, දැනුත් ඇමතියෙක්" ඉතින් සියලුම සැප සම්පත් ලබමින්.... ඔබේත්, මගේත් අපගේ දුප්පත් මුදලින් යහමින් කල් ගෙවන අයෙකි.
abaran Sunday, 18 March 2018 10:24 AM
එහෙනම් හයිටියට කිට්ටුයි වගේ...
jayantha Sunday, 18 March 2018 10:27 AM
එතකොට කඩදාසි කොන්ත්‍රාත් එකක් දෙන්න පුළුවන්නේ තමාගේ ළඟම ඉන්න හිතවතෙකුට කොමිස් එකක් තියාගෙන.... මොලේ තමයි.
කපිල වසන්ත Sunday, 18 March 2018 10:32 AM
තවත් පාරක් ඉල්ලගෙන කෑමක්... 2020දී ඇපත් නෑ.
menna Sunday, 18 March 2018 10:41 AM
ඒක හොඳයි, ලංකාවේ සෞඛ්‍ය නොමිලේ කියල කිව්වට සිස්ටම් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ලොකු ලොකු කට්ටිය හැමෝම යන්නේ පිටරට සැත්කම්වලට... ලංකාවේ දොස්තරලා කියන්නේ ඒ ගොල්ලෝ තමා ලෝකේ ඉන්න හොඳම දොස්තරලා කියලා... එ්ත් ඇයි ලොකු කට්ටිය හැමෝම පිටරට ගිහිල්ල සැත්කම් කරන්නේ? මට තියෙන ප්‍රශ්නයක් තමා ලංකාවේ දොස්තරලාට උගන්වන්නෙත් නොමිලේලු මිනිසුන්ට බෙහෙත් දෙන්නෙත් නොමිලේලු, මේවායේ වියදම් ගෙවන්නේ කොහොමද කියන එක... බදු සල්ලි වෙන්න පුළුවන්, එහෙමයි කියලා බදු සල්ලි වලින් කරන්න තියෙන්නේ එකක් විතරක් නෙවේනේ... ලංකාවේ පිළිවෙලකට බදු එකතු කරනවද? හැමෝම ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා බලන් ඉන්නේ බදු සහන වලට... ජනාධිපති ජපානෙට ගිහිල්ලා ලැජ්ජා නැතිව සහනදායි ණය ලැබුණා කියලා කියනවා. ලාංකිකයෝ ප්‍රෝඩා කාරයින්. ආගමක් අල්ලාගෙන ඉන්න තැන විනාශ කරන්න විතරයි දන්නේ...
CiscoSunday, 18 March 2018 11:21 AM
ලංකාවේ දොස්තරලා පමණක් නොවෙයි අනෙකුත් විභාග අසමත් අයත් නොමිලේ තමයි ඉගෙනගත්තේ....
Asanka Sunday, 18 March 2018 10:54 AM
ඉතා හොඳ දෙයක්... වෙන රටවල අපේ වගේ නිකන් සෞඛ්‍ය පහසුකම් දෙන්නේ නැහැ. ලංකාවට ඉතා විශාල මුදලක් වැයවෙනවා... නොමිලේ බෙහෙත් දෙන්න. දේශපාලකයින් නඩත්තුවෙන් පසු ඉතාමත්ම විශාල වියදමක් යන්නේ සෞඛ්‍ය සඳහා... ජනතාවට මේ ගැන වගකීමක් තියනවා.
pahan Sunday, 18 March 2018 11:52 AM
එතකොට අපෙන් ගන්න බදු මුදල්? වාහනවලට ගහන 400% බදු මුදල් වලට මොකද වෙන්නේ? වාහන වලට විතරක් නෙමෙයිනේ... වරායෙන් එළියට එන හැම එකකටම ගහන බදු කන්දරාව.... බදුත් ගෙවලා බේත්, අධ්‍යාපනයත් සල්ලි දීලා ගන්න කියලද ඔයා කියන්නේ? හොඳයි ටිකිරි මොලේ....
nishaSunday, 18 March 2018 02:56 PM
ලංකාවේ ගන්නේ මොන බදුද? දියුණු රටවල් සියලුම තරාතිරමේ වැටුප් ලබන්නන් බදු ගෙවිය යුතුවේ. සියලුම භාණ්ඩ මිලදී ගැනීම් වලට අමතරව, ලංකාවේ මිනිසුන්ට නිකන් දෙනවට අමතරව වෙළෙන්දන්ට බද්දක් ගෙනාවොත් පාරේ පෙළපාලි... රටක් කොහොමද දියුණු වෙන්නේ?
pahan Sunday, 18 March 2018 05:57 PM
නිශා එහෙම බදු ගැහුවට කමක් නැහැ මිනිස්සුන්ගේ ජිවන තත්වය උසස් නම් එවැනි අංකයත් එක්ක සසදද්දී ලැබෙන වැටුප ඉහල නම්. රැකියා වියුක්තිය අඩු නම්. ඇති නැති පරතරය අඩු නම්. ඒක පුද්ගල අදායම ඉහල නම්. මමත් ඔය සුපිරි කියන රටවල් ගණනාවක ඉදල දැනුත් ඉන්නේ සුපිරි රටක තමයි. මේ රටවල් එක්ක ලංකාව සසදන්න එපා. ලංකාවේ අපේ මිනිස්සු එදා වේලා කන්නේ කොහොමද කියල ඉන්නේ. අපිට වෙනසක් කෙරුනට ලංකාවේ ඇත්ත තත්වය මම කිව්වේ .
සතයපාල Sunday, 18 March 2018 11:25 AM
ඇයි රෝගීන්ට විතරක් බිල් දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ටත් මාස්පතා බිලක් දෙන්න පුළුවන්නේ... පාර්ලිමේන්තුවෙන් ගන්න කෑමවලට විදුලිය, ජල ගාස්තු, සේවක වැටුප්, දුරකථන හා ඩේටා හා ලිපි ද්‍රව්‍ය හා වෙනත් පහසුකම් සියල්ල ගණන් බලා බිලක් හදලා දුන්නා නම් හරි.... එතකොට මන්ත්‍රීවරුන්ටත් තේරෙයි තමන් වෙනුවෙන් කොතරම් මුදලක් රටේ ජනතාව වැය කරනවද කියලා... ඒ වැය කරන මුදලට සමාන සේවයක් ඔවුන්ගෙන් රටට සිදු වෙනවද කියලා හොයලා බලන්නත් පුලුවන් වෙයි. ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරුන් ඇමතිවරුන් අගමැතිවරයා හා ජනාධිපතිවරයාටත් මේ ආකාරයෙන් මාසිකව බිල් සාදා දිය යුතුයි. ඔවුන් වෙනුවෙන් මේ රටේ බදු ගෙවන ජනතාව මාසිකව කොපමණ මුදලක් වියදම කරනවාද?... යන්න හා ඒ සඳහා සාධාරණ සේවයක් ඔවුන් විසින් ජනතාවට සලසන්නේද යන්න දැනගැනීම සඳහාය.
ramaSunday, 18 March 2018 12:53 PM
මන්ත්‍රිලා අැමැතිලාටත් බිල් දුන්නා නම් හොඳකම බිල්, ටෙලිෆෝන්... ඒවත් අතින් ගෙවන්න කිව්වා නම් එයාලට තේරේවි ජනතාව විඳින දුක...
Ranjan Sunday, 18 March 2018 11:35 AM
පුද්ගලික රෝහල් චැනල් සෙන්ටර්වලට ගෙවලා බෙහෙත් ගන්න යන්න පුළුවන් නම් නරකද කාගෙනුත් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවන්න සැක කරනවා නම් අපේ අයට වැදගත් කමක් තියනවා. නිකම් දෙන බෙහෙත්වල සහ ලැබෙන මුදලින් අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.. බෙහෙත් සඳහා යන වියදම මේ බිලටම පෙන්වා ඉන් රුපියල් 50 අයකළාම හරි...
සෙනෙවි Sunday, 18 March 2018 12:41 PM
ආණ්ඩුවේ වියදමින් සිංගප්පුරුවේ එළිසෙබෙත් රෝහලෙන් ප්‍රතිකාර ගත්තාම මේ වගේ බිලක් දෙන්න ඇති නේ...
pathiranaSunday, 18 March 2018 02:50 PM
සෙනෙවි මහත්තයෝ, ආණ්ඩුවෙන් නෙවෙයි, ඔයාලගෙයි, අපෙයි හාල් හුණ්ඩුවට, කරවල කෑල්ලට ඉහට උඩින් බදුගහලා හොයාගන්න සල්ලිවලින් පුළුවන්, උපරිම සැප ලබාගන්න. ඒ ගමන් මේ උදවිය අපි ගන්න ඩිස්ප්‍රීන් පෙත්තට මේ ගණන් හිලව් අපිට පෙන්නන්න තවත් අපේ තුට්ටු දෙකට දෙන්නයි හදන්නේ...
sopi Sunday, 18 March 2018 12:54 PM
හැබැයි ... අපේ මිනිසුන්ට නොමිලේ දෙන කිසිදෙයක අගයක් නැහැ. මේවට වැය වෙන්නේ අපේම මුදල් බවවත් හිතන්න කැමති නැහැ. ඒ වගේම අර සත්‍යපාල කියන වැඩෙත් කළා නම් තවත් හොඳයි..
Mahesh jaya Sunday, 18 March 2018 01:35 PM
සයිටම් ප්‍රශ්නේ ඉවර වේගෙන යද්දී ඔන්න පටන් ගත්තා අළුත් නාඩගමක් නටන්න. අධ්‍යාපනයත් විනාශ වෙලා... දැන් සෞඛ්‍යයටත් ගේමක් දෙන්නයි යන්නේ.
Sanath Sunday, 18 March 2018 01:41 PM
අධ්‍යාපනයත් නොමිලේ දෙන නිසා පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ටත් අවුරුද්දකට සැරයක් බිලක් දුන්නොත් හොඳයි.
Kalum Sunday, 18 March 2018 01:56 PM
මේක ඉතා හොඳ වැඩක්. නමුත් මේක ගෙනා පුද්ගලයා ගැන මිනිසුන්ගේ පැහැදීම නැති නිසා මෙහි වටිනාකම අවබෝධ කරවීම අපහසුයි.
Namal Sunday, 18 March 2018 02:07 PM
දේශපාලකයින් බදු සල්ලි වලින් පිටරට ගිහින් බේත්, නිවාඩු ගන්නේ... ඇයි දුප්පතුන්ගෙන් සල්ලි තව ඉල්ලන්නේ ඔවුන්ට සැප ගන්න? හරි කැතයි!
Nimal Sunday, 18 March 2018 02:19 PM
ඒකටත් වැරැදි ලංකාවේ දොස්තරලද? ඔබේ අදහස ඉතාමත් වැරැදියි. ලංකාවේ දොස්තර කෙනෙක් දිනකට සැත්කම් විශාල ප්‍රමාණයක් කරයි. තම කාලය, මහන්සිය කැප කළා. එසේ කරන්නේ රජයේ රෝහල්වලට එන දහස් ගණන් ලංකාවේ දුප්පත් රෝගීන් සුවපත් කිරීම සඳහායි. ඔබ ඔය කියන මහලොකු පිටරට වෛද්‍යවරු දිනකට සැත්කම් කරන්නේ ඉතා අඩු ප්රමාණයකි. ලංකාවේ සැත්කම් 20ක් කරන වHට පිටරට කෙරෙන්නේ 2ක් වැනි වූ ප්රමාණයකි. එසේ තිබියදී ලංකාවේ වෛද්‍යවරුන්ට වැඩ බැරි බව කියමින් කරන අපහාස තරයේ හෙළා දකිමු.
naradha Sunday, 18 March 2018 03:36 PM
මෙවැනි බිලක්, මහජන බදු මුදලින් නඩත්තු වෙන සරසවි වල ඉගෙන ගන්න අයටත් දිය යුතුයි.
RNG Monday, 19 March 2018 06:23 AM
සරසවිවලට විතරක් දුන්නම ඇති ද.. නිදහස් අධ්‍යාපනය කිව්වට හැම අධ්‍යයන වර්ෂයකටම ගෙවන්න ඕන..
de silva Sunday, 18 March 2018 04:51 PM
ඉස්පිරිතාලවල ලෙඩ්ඩු පෝලිමේ ඉඳලා ප්‍රතිකාර කරගන්න බැරුව අපහු හැරිලා ගෙදර යනවා. තව බිල් ලියන්න ගියොත් ඔය කරන ටිකවත් කරගන්න බැරි වෙනවා. නිකන් බහුභූත වැඩ කරලා සල්ලි නිකන් නාස්ති කරන්න එපා.
Ransiri Sunday, 18 March 2018 05:55 PM
ප්‍රධාන නගර ආශ්‍රිතව තිබෙන සෑම රජයේ රෝහලකම පුද්ගලික වාට්ටු සාදා මුදල් ගෙවිය හැකි අයට ලබා දීම කාලෝචිත බව මගේ හැගීම වේ. අප වැනි දුප්පත් රටකට අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් සදහා විශාල මුදලක් වැය කිරීමට රජයට හැකියාවක් නැත. එයින් වන්නේ අප මත බදු බර තව තවත් වැඩි වීමයි. කෙසේ වෙතත් අපගේ දේශපාලකයන් ගැන පැහැදීමක් ඇත්තේ නැත.
Ruwan Sunday, 18 March 2018 05:56 PM
නොමිලේ දෙන දේ එපා වෙනවා ඇතුලේ ඉන්නේ අයගේ ලොකුකම දැක්කම.
Sunil Sunday, 18 March 2018 06:23 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් නෑ නෑ සොරි අනේ. ඡන්ද පොරොන්දුවක්!
sam Sunday, 18 March 2018 08:53 PM
බිල් වලට යන කොළ සපයන්නේ.? නියමයි. මෙන්න ජනතවට උදවු. අනේ අර සිංගප්පූරු රෝහලේ බිල ඉස්සෙල්ලම ඉදිරිපත් කරන්ඩ...
Aruna munasingha Monday, 19 March 2018 04:28 AM
මටනම් පෙන්නේ බිලක් වගේ නෙවෙයි. සියල්ලෝ අවධානයෙන් සිටිත්වා.
janahitha Monday, 19 March 2018 04:50 AM
බිල් දෙන්න ඕන අපිට නෙමේ මහජන නියෝජිතයන්ට , රටේ දියුණුවට යොදාගන්න තියන කොයිතරම් මුදලක් නිකරුනේ එයාල වෙනුවෙන් වැයකරනවද කියල දැනගන්න .
ගලබොඩ අත්තේ චමින්ද Monday, 19 March 2018 05:19 AM
මජනතාවට බෙහෙත් සඳහා රජයෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය දැනගන්න එක හොඳයි. ජනතාවගේ බදු මුදලින් මාසිකව එක් එක් දේශපාලකයන් සඳහා යන වියදම පිලිබඳ ඔවුන් දැනුවත් කරලා , මාධ්‍යත් දැනුවත් කලොත් ඊටත් වඩා හොඳයි.
jana Monday, 19 March 2018 05:42 AM
මහා ජනතාවට නොමිලේ ලැබෙන කිසිදෙයක් නැත. නොමිලේ දෙනවා කියන සියලු දේට මහජනතාව බදු ගෙවනවා ඇත. හරියට ගෙවල් වලින් ගෙනත් නොමිලේ දෙනවා වගේ කතා කරන්නේ. මේ අය සැප විදින්නේ අපි ගෙවන බදු වලින් තමා.
siri Monday, 19 March 2018 08:32 AM
හිඟන්නාගේ පාත්තරේටත් කෙළින්නයි හදන්නේ. කොහොමද රාජිත... පරාජිත වෙච්චි තරම?
sam Monday, 19 March 2018 09:37 AM
බය වෙන්ඩ එපා. මෙයා එනකන් අපායේ ඉන්න යක්කු බලාගෙන ඉන්නේ.. කරලා තිබෙන වැඩවලට දඬුවම් දෙන්න...