
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පාසල් වලට බලාදීම සඳහා ටැබ් පරිගණක 96,916 ක් එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
රජයේ පාසල් වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් 2017 වසරේදී යෝජනා කරනු ලැබුවද එය අතරමග නතර කරන්නට සිදුවිය.
නව රජයේ පත්වීමෙන් පසුව ටැබ් පරිගණක 96,916 ක් මාස 3 ත් 6 ත් අතර කාලයක් තුළදී අවස්ථා තුනකට මිලදී ගෙන පහසුකම් අඩු පළාත් හා ජාතික පාසල් වලට ලබාදීමට තීරණය කළේය.
එම ටැබ් පරිගණක 96,919 ක් දැනටමත් නිෂ්පාදනය කර ඇති බැවින් එම ප්‍රමාණය එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය රජය ක්‍රියාත්මක කරන්න හදපු දේ අතරමග ඉබේ නතර වුනේ නෑ. නතර කරන්න මූලික වුනේ මේ ආණ්ඩුවේම ඉන්න සිරිසේන මහත්මයාම තමයි. ඒකට දැන් ඔය ටැබ් ගන්න හදන කට්ටියත් උදව්කළා. ඒ වැඩේ වැරදි නම් ඇයි ආපහු ඒකම කරන්න යන්නේ? හොඳටම පැහැදිලි නිවැරදි වුණත් බල ලෝභය හා අවස්ථාවාදීකම නිසා කඩාකප්පල් කරපු බව... නිල ඇඳුම් වැඩේ වුණත් එහෙමයි.
කවුද මේකෙන් ගහන්නේ ලොකු ගැහිල්ල..?
තීරණය පමණකි.. වැඩ නැත.
ඉස්සර කාලේ ඕවා දෙන්න ගියාම මේ ගොල්ලෝ විරුද්ධ වුණා වගේ මතකයි. ‘‘රට රකින කෙනෙක් වේ නම්... ඒ ඔබයි උතුම් මිනිසා...‘‘ අපොයි... රට රකින කෙනෙක්..
කමක් නැහැ දේශීය නිෂ්පාදනයක්නේ. මොකද අන්තිමට සල්ලිටික චීනාටත්, කොමිස් එක සාක්කුවටත් යන එකක්යැ..
පසුගිය යහපාලන යුගයේ මේ විදිහට ටැබ් බෙදාදීමේ තීරණයට එරෙහිව, උගුර රතු වෙනකම් බුරපු රංචුව දැන් කෝ? ඒ ගොල්ලන්ට නරක වැඩ, අපට හොඳයිද?