විනීතා එම් ගමගේ
රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි මිලදී ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ දී හරිත ගොඩනැගිලි පමණක් ලබා ගැනීමට රජය ඉදිරියේ දි කටයුතු කරනු ඇතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ක්‍රිෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ගොඩනැගිලිවලට හරිත අගයක් ලබා දෙන බවත් 0 සිට 5 වූ එම අගයන්ගෙන් 5 සිට 2.5 දක්වා වූ අගයක් ලබා ඇති ගොඩනැගිලි පමණක් රාජ්‍ය ආයතන සඳහා ලබා ගනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගොඩනැගිලි ඉදිකිරීමේ දී යොදාගන්නා ස්වභාවික සම්පත් භාවිතය හේතුවෙන් විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බවත් මේ නිසා තිරසාර සංවර්ධනයට බාධා ඇති වි ඇති බවත් කී මහාචාර්යවරයා රජය මේ තීන්දුව ගන්නේ මෙම හේතුවනිසා යැයි ද පැවැසීය. ඒ අනුව පරිසරයට අවම හානි සිදුවන ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගෙන ඉදි කර ඇති ගොඩනැගිලි පමණක් ලබා ගැනීමේ නීති ඉදිරියේ දී සකස්වනු ඇතැයි ද රණසිංහ මහතා කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි හෙට දක්වා පැවැත්වෙන තිරසර ලංකා ප්‍රදර්ශනය පිළිබඳව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
COMMENTS
අපට කීමට ඇත්තේ ලංකාවේ ගොඩක් තැන්වල ලංකාවේ දැනට පවතින සරල ප්‍රශ්න නොවිසදා වඩා සංකීර්ණ දේවල් තනි තනිව විසදීමට යාම ප්‍රයෝගික නොවන බවයි. තිරසාර සංවර්ධනය බොහෝ අගනේය. එනමුත් දැනට පවතින ගොඩනැගිලි සම්පුර්ණයෙන් තිරසාර නොවුනත් ආර්ථික ලෙස උපරිම ප්‍රයෝජනයට ගත යුතුයි. එලෙසම හිතවතුන්ගේ තිරසාර ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතුය. රජයේ ගොඩනැගිලි කුලියට ගැනීම එක ආයතනයකින් හරි හැටි විශ්ලේෂණයකින් පසුව සිදු කල යුතුය. සුර්ය පැනල බදු අඩු කල යුතුය.
සුර්ය පැනල වලට බදු ගන්නේ නැහැ නේ.
හරිත ගණයට වැටෙන ගොඩනැගිලි ලංකාවෙ තියෙන්නෙ ඉතාම අල්පයයි. මේ බව නොදැනද මහාචාර්යතුමා මෙවැනි යෝජනාවක් ගෙනෙන්නෙ. හරිත ගොඩනැගිල්ලක් හදන්නට යන පිරිවැය සාමාන්‍ය ගොඩනැගිල්ලකට වඩා 30%-40% කින් වැඩියි. එම ආයෝජනය නැවත ලබාගන්න වෙන්නෙ අධික කුලියක් අය කිරීමෙනුයි. මේ යෝජනාවෙන් වෙන්නෙ සීමිත පිරිසකට රජය මගින් ලාභ උපයන්න මාර්ගයක් හදාගන්න එක විතරයි. හරිනම් කරන්න ඕනෙ තායිලන්තයේ චියන්ග් වටනා වල කලා වගේ රජය මගින්රජයේ ආයෝජනයක් ලෙස තම ආයතන සඳහා විශාල හරිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමයි.
මහාචාර්යතුමා, ඉදිරියේ දී ඉදිකරන ගොඩනැඟිලි සඳහා හරිත ගොඩනැඟිලි පමණයි කියල අපි යෝජනාව පොඩි වෙනසක් කරමු ද? මොකද ඉදිකර ඇති ගොඩනැඟිලි හරිත නෑ කියල බැහැර කිරීම අපි වැනි රටකට ඔරොත්තු නොදෙන ජාතික අපරාධයක්.