IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ආයතන සතු ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීමේ යෝජනාවක්

නිමල කොඩිතුවක්

රටතුළ හදිසි විදුලි අවශ්‍යතා ඇතිවන විට රාජ්‍ය  ආයතන සතු ජනන යන්ත්‍ර (ජෙනරේටර්) මගින් විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.

රාජ්‍ය ආයතන සතුව මේ වනවිටත් ජනන යන්ත්‍ර බොහෝමයක් භාවිතා වන බවත් මෙම ජනන යන්ත්‍ර මගින් මෙගාවොට් 150 -  200 අතර විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

හදිසි විදුලි අවශ්‍යාතාවක් ඇතිවු විට පෞද්ගලිත අංශයෙන් වැඩිමිලට විදුලිය මිලදීගැනීම වෙනුවට රාජ්‍ය  ආයතන සතු මෙම ජනන යන්ත්‍ර භාවිතා කිරිම කෙරෙහි ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

මෙම විදුලිය ජාතික පද්ධතියට ලබාගන්නා ආකාරය පිළිබඳව රජය දැනුවත් කර  ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට  කටයුතු කරන බවත් දමිත කුමාරසිංහ මහතා කීවේය.

රාජ්‍ය ආයතන සතු ජනන යන්ත්‍ර මගින් නිපදනවන විදුලිය සඳහා සාධාරණ ගෙවීමක් සිදුකර විදුලිය ලබැගැනීම රජයට මෙන්ම විදුලිබල මණ්ඩලයටද සහනදායි ක්‍රියාවක් වනු ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

රජය සතු ආයතන වල ජනන යන්ත්‍ර වලින් විදුලිය ජනන කිරීම ආරම්භ කළහොත් හදිසි අවස්ථාවලදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි මිලදීගැනීමට හැකි බවත් එහිදී වැයකිරීමට සිදුවන අධික මිල මග හරවා ගතහැකි බවත් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.  



අදහස් (8)

රාජ්‍ය ආයතන සතු ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීමේ යෝජනාවක්

nilmini Wednesday, 25 April 2018 03:27 PM

2020 ජනාධිපති රොහාන් පල්ලෙවත්ත . ශ්‍රිලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය .

:       28       10

ශාන්ත කුමාර Wednesday, 25 April 2018 03:36 PM

පෞද්ගලික විදුලිබලාගාරවල හිමිකරුවන් කවුද කියල හොයා බලන්න

:       0       7

Kumar Wednesday, 25 April 2018 04:10 PM

තවත් වංගු ගහන්න ක්‍රමයක්... ආණ්ඩුවේ කාර්යාලවලට ජෙනරේටර් වලට පෙට්‍රල් ගහන්න සහ නඩත්තු කරන කොට හොර බිල් දාන එක කොච්චර හොඳයිද?

:       6       13

duminda Wednesday, 25 April 2018 11:48 PM

මේ වගේ යෝජනා කරන්න ලෙහෙසියි නමුත් තාක්ෂණික හා කාර්මික ආරක්ෂාව සම්බන්දව දන්නා කෙකෙකුට තේරෙනව එක කොච්චර ප්‍රායෝගිකව කල නොහැකි බව. කරන්න පුළුවන් දේ තම තමන්ගේ විදුලි ජනක මගින් තම ආයතනය ට අවශ්‍ය ජනනය සිදු කර ජාතික පද්ධතියෙන් නොගෙන සිටීම . හැබැයි මේ යෝජනාව බොහෝ දෙනෙකුට හොද්ද බොර කර ගත හැකි එකක් . හොදම දේ තම මෙලෝ දෙයක් නොදන්නා ගම රාලලා, ග්‍රාම සේවකල , ගොන් දේශපාලකයෝ තීරණ ගනීමෙදී පැත්තකට වෙලා සිටීම . ඒසදහා දැන උගත් උදවියට ඉඩ දීම . ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ඉන්න කොමිස් කාක්කෝ , බහිරවයෝ දේශපාලනය අරමුණු ඇති පුද්ගලයන් තීරණ ගැනීමෙන් ඉවත් කිරීම . උන්ට ඒගැන දැනුම තියෙන ඇමති කෙනෙක් අවොත් මගදී බැරි නිසා යටින් එකට කටුව ගහනවා . දැනුම තියෙන දේශපාලකයා උනත් හොරකම කරන්න පුළුවන් නිසා එවැන්නෙක් පත් කලත් ඒගැන සොයා බැලිය යුතුයි .

:       0       13

රවින් Thursday, 26 April 2018 12:47 AM

ඔන්න ඔන්න තවත් කොමිස් ගැහිල්ලක්. වැඩේ නම් ටිකක් හිතල බලන්න පුළුවන් අදහසක්. නමුත් හරහට හිටින්නේ හොරකම නවත්වන වැඩ පිළිවෙල ගැන. ඩිසෙල් වලින්ද ? ගබඩා පහසුකම් වලින්ද? අලුතින් සවිකරන මීටර් වලින්ද? එකී මෙකි නොකී දේවල් වලින්. හැබැයි ඉතින් දැන් තියෙන මධ්‍ය ගත ගැහිල්ල විමද්‍ය ගත වෙන එකනම් ෂුවර්.

:       0       3

sachith Thursday, 26 April 2018 02:21 AM

මේක කවදාවත් ක්‍රියාවට නැංවෙන වැඩක් නෙවෙයි. පෞද්ගලිත අංශයෙන් වැඩිමිලට විදුලිය කියන්නේ ඉතින් උඩ ඉන්න අයට රජ මගුල්.

:       0       2

ගාමිණී Thursday, 26 April 2018 03:44 AM

රාජ්‍ය ආයතනවල තියෙන ඒවා ස්ටැන්බයි වර්ගයේ . ඒවා දිගටම දුවන්න බෑ. ඒවා තියෙන්නේ හදිසි විදුලි බිඳවැටීම් සහ මංඩලයේ විදුලි පද්ධතිය නඩත්තු වැඩ වලට විසන්ධිකල විට පාවිච්චි කරන්න. අනිත් එක ඒවායේ කාර්යක්‍ෂමතාවය අඩුයි.

:       0       52

shan saudi Thursday, 26 April 2018 04:50 AM

මේ වගේ යෝජනා කරන්න ලෙහෙසියි නමුත් මේ කාර්ය කරන්න පළමුව අප සොයා බලන්න ඕනේ රටේ ස්ථාපිත රජයේ ආයතන සදහා දිනකට කොපමණ විදුලියක් වැය වෙනවද කියන එක මොකද ප්‍රදාන නගරයේ හා පිට පළාත්වල අප දකිනවා රජයේ ආයතන විදුලිය නාස්ති කරන ආකාරය පැය24 පුරාවටම පහන් දල්වමින් දවස පුරාවටම කුඩා හා විශාල වායුසමීකරණ ක්‍රියාත්මක වෙමින් අනවශය ලෙස විදුලිය විනාස කරන ආකාරය මෙය නැවතුණහොත් රටේ ඇති විදුලි හිගය මට හිතෙනවා 30% -40% පහත දමා ගැනීමට හැකිවනු ඇත මේ රටවල සියලුම ආයතන සේවකයන් ඉවත්ව් යනවිට සියලු විදුලි උපකරණ විසන්ඳි කර යන ලෙසට පාලන අධිකාරිය දන්වා තිබෙනවා ඇයි අපේ රටේ මේවා කරන්න බැරි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site