(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක සේවක වැටුප් ගෙවීම්, විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීම සදහා රුපියල් කෝටි 45 ක මුදලක් ලබාදෙන්නැයි මහාභාණ්ඩාගරයෙන් ඉල්ලීමක් කර ඇත.
ස්වාධීන රූපවාහිනි ආයතනයේ වියදම් සදහා රුපියල් කෝටි 18 මුදලක්ද, ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වියදම් සදහා රුපියල් කෝටි 27ක මුදලක්ද මෙසේ ඉල්ලා තිබේ.
කෙවිඞ් -19 වසංගතය හේතුවෙන් ඇතිවූ බලපෑම නිසා ආයතන දෙකේම ආදායම විශාල වශයෙන් පහළ ගොස් ඇති බැවින් මෙම මුදල් ඉල්ලා ඇත.
ස්වාධීන රූපවාහිනි ආයතනයේ මාස තුනක සේවක වැටුප් ගෙවීමටත්, විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීමටත් රුපියල් කෝටි 18 මුදලක් ඉල්ලා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මැයි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා මාස 6ක සේවක වැටුප් හා විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීම සදහා රුපියල් කෝටි 27 මුදලක් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සිරිසේන, කෝ මේ සිරිසේන...? ඔයා මොනවද අනේ මේ කරේ? අන්තිමට හිටපු අය හොඳද මන්දා...
මේ වගේ උසස්, වැදගත් සංස්ථා පාලනය කරන්න වැඩි බැරි "විශාරදයෝ" "කවිකොලකාරයෝ" වගේ අය දැම්මාම ඔහොම වෙන බව කියන්න ඕනද කියල මගේ සීය අහනවා ... රටේ නරක වෙලාවටයි, උන්ගේ හොඳ වෙලාවටයි කොහෙන්දෝ පහත් වුණු කොරෝන වසංගතය පිට දමා දැන් මේ අය හිඟාකන්න පටන් අරගෙන !!! හැම බංකොලොත් එකක්ම කොරෝනාවට පටවන්න තරම් මේ සොච්චම් "ලොක්කෝ" මෙතරම් පහත් තත්වයට වැටුනේ රටේම අවාසනාවට මිස, වෙන මොන හෙනයකටද? දැන් ඉතින් උන්ටම කියන්න, පොල්කට්ටක් අරගෙන ගෙන්ගෙට ගිහින් හිඟාකාල හරි, ලේන්සුවක් එලාගෙන පාරේ යන එන අයට පින්සේණ්ඩු වෙලා හරි කාසි හොයාගන්න කියලා. එහෙමත් නැත්නම්, රාජපක්ෂ පවුලේ අය චීනෙට යවලා, රාජකීය ගිනි පොළියට යුආන් මිලියන් කෝටි ටිකක් අර ගෙන එන්න කියන්න...!!!
මේ ආයතන රටටම බරක්... මේවා ලාභ ලබන බවට පත්කළ නොහැක්කේ දේශපාලනය නිසයි.. සීමාවක් නැති රාජ්‍ය රාජ්‍ය මැදිහත්වීම් වෘත්තීය සමිති නිසයි. ප්‍රවෘත්ති අහන්න බැහැ. තනිකරම ආණ්ඩුවේ හොරණෑව වෙලා.. දේශපාලන ඩීල් කාරයෝ...!!!
මොන මගුලක්ද මේ..? ඔච්චර පාඩුයි නම් වහලා දාන එකනේ අැත්තේ... පුද්ගලික එ්වා ලාභ ලබනවා නම් ඇයි මෙයාලට බැරි...? එහෙම නැත්නම් පුද්ගලීකරණය කරන්න තියෙන්නේ... ජනතාවගේ බදු මුදලින්ද මෙයාලවත් නඩත්තු කරන්න ඕනේ..?
අනේ මේවා වහලා දාන්න. කාටවත් වැඩක් නැති ආයතන...
මේ ආයතන මහා ජනතාවගේ මුදල් එක්ක නීතියක් රීතියක් නැතිව වියදම් කරන්නේ අම්ම අප්පාගේ බූදලය වගේ.
මේ දෙකම මහජනයාට වැඩක් නැති ආණ්ඩුව පුම්බන ආයතන මහජනයා බලන්නේ නැහැ. එකී මෙයාලට වෙළඳ දෙන්වීම් වලින්වත් මුදල් ලැබෙන්නේ නැත්තේ... ඒ වුණාට එයාලගේ වියදම නම් හරිම සැරයි... මේවට හොඳ පාලකයින් පත් කරන්න... නැත්නම් මේවා වහලා දාන්න. කාටවත් වැඩක් නැති ආයතන...
රාජ්‍ය ආයතන පාඩු නොලබන තත්වයට ගෙනෙනවා කියන එක කවද්ද ක්‍රියාත්මක කරන්නේ? රූපවාහිනියේ වැටුප් ගෙවීමටත් ගිය සතියේ කෝටි ගණනක ණය ඉල්ලුවා නේද?
පැය 24ම බලයේ ඉන්න ආණ්ඩු කරවන අයගේ සුදුහුණු ගෑමත් පම්පෝරි ගැසීමත්, විරුද්ධවාදීන්ට මඩ ගැසීමත් කරනකොට කොහොමද ආදායමක් උපයන්නේ? කලින් උන්නු අයත්, දැන් උන්නු අයත් වෙනසක් නැතුව ඒකනෙ කරන්නේ.. ඉතින් දෙගොල්ලොම බෑ නොකියා මුදල් අනුමත කරනවා.. හැමදාකම එකම මූණු ටිකක් ආණ්ඩු මාරුවෙනකොට එනවා යනවා විතරයි වෙන්නේ...
මේකේ පක්ෂ බදාගෙන අදහස් පළ කරන අය කිසිම කෙනෙක් ඔය රාජ්‍ය මාධ්‍ය දෙක ළඟදී බලලා නැහැ වගේ.. පුද්ගලික කියාගන්නා මාධ්‍යවලට වඩා උසස් අන්දමින් ඔවුන් දැන් වැඩසටහන් මෙහෙයවනවා.. දේශපාලන සාකච්ඡාවක් වුණත් විපක්ෂයේ නියෝජනය අනිවාර්යය කරලා. මම දැකපු විදිහට සාධාරණ අයුරින් වැඩසටහන් මෙහෙයවනවා. ටෙලිනාට්‍ය වුනත් උසස් ගණයේ නාට්‍ය විකාශනය කරනවා.. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී.. තණමල්විල කොල්ලෙක් වගේ නාට්‍යයක් මම මීට කලින් දැකලා නැහැ.. ආයතනයක් අරගෙන මාස 5න් ලාභ ලබන්නට බැරි බව බිස්නස් කරන ඕන කෙනෙක් දන්නවා...