(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය ලබන 10 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා අද (05) නියම කළේය.
හිටපු අමාත්‍යවරයා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටියේය.
මෙම පෙත්සම විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් තමාගේ අසනීප තත්වයක් හේතූවෙන් අද දිනට නියමිත නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා මෙම ප්‍රතිශෝධන ඇයැදුම්පත්‍රය ඉදිරිපත් කොට ඇත.
එම ප්‍රතිශෝධන ඇයැදුම්පත්‍රය සළකා බැලීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් තමාගේ අසනීප තත්වයක් හේතූවෙන් අද දිනට නියමිත නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය කළ විනිසුරුවරයා මෙම ප්‍රතිශෝධන ඇයැදුම්පත්‍රය ලබන 10 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
පෙත්සම්කාර නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද පෙනී සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාජිතට ඇප ලබා දීමට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට දිනයක්
Nadeeka Thursday, 05 March 2020 07:31 PM
අර එක්කෙනෙක් කිව්ව්ව ස්වාධීන නීතිපති දෙපාර්තුමෙන්තුව, මෙහෙමත් වැඩ, දිනපු නඩුවක් නම් නෑ.
saman Friday, 06 March 2020 05:52 AM
නීතිපති දෙපාර්තමේන්තුවේ එයාට අසනීප නම් වෙනකෙනෙක් නැත්ද නම් කරන්න. ජනාධිපති අත ගැසිය යුතුයි. ලංකා ජයරත්න ගැනත් බැලිය යුතුයි.