(නිමල කොඩිතුවක්කු සහ හසිත රංග ගුණතිලක)
රැකියා විරහිත උපාධිධාරීන් පනස් හත්දහස සඳහාම කප්පාදුවකින් තොරව රැකියා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (25) දහවල් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර අසළ මාර්ග රැසක රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
බදවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ දැමීම, අභ්‍යාසලාභී පුහුණු කාලය වසර 02 දක්වා දීර්ඝ කිරීමේ තීරණය නවතා පුහුණු කාලය වසර 1 දක්වා අඩු කිරීම, බඳවා ගැනීමේදී වසර අනුපිළිවෙල අනුගමනය කර බඳවා ගැනීම් සිදුකිරීම හෝ සැමට රැකියා ගබාදෙන බවට ආණ්ඩුව සහතික වීම, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ මූලස්ථාන වල හොර රහසේ සිදුකරන සම්මුඛ පරීක්ෂණ නවතා බඳවා ගැනීමේදි සිදුකරන දේශපාලන මැදිහත්වීම නතර කිරීම, උපාදියට සමාන්තර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ඩිප්ලෝමාධාරීන්ට හා දෘෂ්‍යාබාධිත උපාධිධාරීන්ට රැකියා අවස්තා ලබාදීම එම ඉල්ලීම් අතර වේ.
මෙම උපාධිධාරීන් පිරිස ඊයේ පෙරවරු 12.30 ට පමණ ලෝටස් වටරවුම ඉදිරිපිට රැස්වී ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධතා පා ගමනක නිරතවීමේන් අනතුරුව විරෝධතාවය ආරම්භ කළේය.
සුදුසුකම් වයස් සීමාව 45 කරනු පත්වීම් සඳහා දේශපාලන අතපෙවීම් නවතනු, උපාධිධාරින් සංවර්ධන නිළධාරීන් ලෙස බඳවා ගනු, ආබාදිත උපාදිධාරින් සඳහා සියයට 03ක කෝටාව ක‍්‍රියාත්මක කරනු, ආදි වැකි සඳහන් බැනර් සහ විරෝධතා පුවරු අතැතිව පිරිස විරෝධතාවේ ගමන් ගත්හ.
පිරිස ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයවෙත ගමන් ගැනීම වළක්වමින් පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් හා අධි පීඩන ජල ප‍්‍රහාරක රථයක් ඒ වෙත කැඳවා තිබුණි.
පසුව නියෝජිතයින් කිහිප දෙනෙකු ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් සමග ගැටළු සම්බන්ධයෙන් සාක්කච්ඡා පැවැත්වීමට පොලිසිය අවස්ථාව ලබාදුන්නේය.
එම සාකච්ඡාවෙන් අතරතුර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිළධාරීන් වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.
සාකච්ඡා වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා මෙසේ පැවසීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
පාසල් වලින් නිසි වෘත්තීය මාර්ගෝපදේශකත්වයක් නැති වීමත්, උසස් අධ්‍යාපනය සඳහා පාඨමාලවක් තෝරා ගනිද්දි අනාගත වෘත්තිය ගැන නොතැකීමත් හින්ද නෙමේද මෙහෙම වෙන්නේ. ලංකාවේ කැම්පස් වල විෂය නිර්දේශවල අඩුපාඩුත් ඇති. උපාධිය පමණක් රැකියාවකට ඇති සුදුසුකමක් නොවෙන වග සාමාන්‍යපෙල අවසන් වුණු ගමන් දරුවන්ට කියලා දෙන්න ඕනෙ කියලයි මම හිතන්නේ. තව එකක්, ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන හැමෝටම ආරම්භයේදීම අවධාරණය කරන්න ඕන උපාධියෙන් පස්සේ රැකියාවක් දෙන්න රජයක් බැඳිලා නැති විත්තිය.
උපාධිය යනු අධ්‍යාපන සුදුසුකමකි. එය වෘත්තීය සුදුසුකමක් නොවේ.
මෙතන ඉන්නේ ඔක්කොම වගේ කලා උපාධිධාරීන්. මෙතන තියන අවුල තමයි කලා උපාධියක් හිමි අයෙකුට පුද්ගලික අංශය තුල කිරීමට රැකියාවක් නොමැති වීම... කරනවා නම් උපාධිය පැත්තක තබා සා.පෙ සහතිකයට කර්මාන්ත ශාලා වල වැඩ කිරීම තමා කරන්නේ තියෙන්නේ. එ්කත් උපාධියක් තියනවා කියලා දැනගත්තොත් එ් ගන්නෙත් නෑ. මෙතන තව ටිකකින් හර බර අදහස් දාන අය එ්ක තේරුම් ගන්න ඕනේ. අනික මෙතන අදහස් දාන නගර වල අය දන්නෑ.... නගරයෙන් පිට තියන පාසල් වල කලා විතරයි තියෙන්නේ. නගරයේ පාසලට දරුවන් එවීමට දෙමාපියන්ට හැකියාවකුත් නෑ. ගන්නෙත් නෑ. අනික ගොඩක් අයට තියෙන්නේ මොකක් හෝ උපාධියක් ලබා ගැනීම... එතැනින් පසු එන ගැටළු ගැන දැනීමක් එ් කාලේ නෑ. එ්කයි කලා උපාධිධාරින් වැඩිවීමට හේතුව. දැන්වත් අාණ්ඩුව මේ වරද නිවැරදි කළ යුතුයි. වෘත්තිය අධ්‍යාපනය හා අනෙකුත් අංශ පුළුල් කිරීම හා දෙමාපියන් දරුවන් එ් කෙරෙහි පෙළඹවීම කළ යුතුයි. තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි සෑම පාසලකටම ලබා දීම හා අනිවාර්ය කල යුතුයි.
කිසිම දියුණු රටක , රජයේ රැකියා ලැබිය යුත්තේ උපාධිදාරින්ට පමණයි හෝ සියලුම උපාධිදාරින්ට රජයේ රැකියා ලැබිය යුතුයි යන නීතියක් නැත. තමන් රැකියා වෙළඳ පොලට අවශ්‍ය ලෙස උපාධි පාඨමාලා තෝරා නොගෙන ආණ්ඩුවට දොස් පවරන්නේ ඇයි! කලා උපාධියක් සහිත කෙනෙක් සරසවියෙන් පිටවුණා ගමන් රජයේ බැංකුවක කලමනාකර තනතුර දුන්නේ නැතිය කියා කියන එක මොන විහිලුවක්ද ? මොකක් හරි රජයේ රැකියා දෙන්න කියලා , මොරටුවෙන් ඉංජිනේරු පාඨමාලා හදාරපු කෙනාව ගෘහ විද්‍යාව උගන්වන්න යවන්න ද කියන්නේ ? දැනටමත් රාජ්‍ය සේවය අකර්මන්‍ය ආකාර්යක්ෂම සේවාවක්. අත්‍යවශ්‍ය වෘත්තීය කුසලතා අඩු බහුතරයක් උපාධිදරින්ට අපි කියන්නේ මහන්තත්වය පැත්තකින් තබා, ඉංග්‍රීසියෙන් ලියුමක් ලිවීමේ සිට පාර්භෝගික සේවා සැලසුම් දක්වා ඔබලා ඉස්සෙල්ලම පුද්ගලික අංශයේ හෝ රැකියාවකට ගොසින් ඉගෙන ගන්න. උපාධිය සියලුම වරදාන ලැබෙන බලපත්‍රයක් නෙවෙයි. නැති නම් ඔබලාට වෙන්නේ පුද්ගලික අංශයේ උසස් පෙළ සමත් පියන් කෙනෙකුට වඩා අඩු වෘත්තීය කුසලතා සමග රජයේ හද්දා කම්මැලි ක්ලාක් නෝනා මහත්වරු වෙන්න.
සමහර තරුණ උපාධිදාරීන් රැකියාවේ අලුත් යමක් ඉගෙන ගන්න උනන්දු නොවේ. මට සමාජ විද්‍යා උපාධිය තිබෙද්දී මම මොකටද පාර්භෝගික සේවා උපදෙස් පොත කියවන්න යන්නේ ? මම මොකටද අස්ථානගත වුන වාර්තා පොත සොයන්න යන්නේ.. අර මගෙන් භාගයක් ඉගෙනගෙන නැති පියන් ඉන්නේ කබඩ් එක අවුස්සලා ඒවා සොයන්න.... ආදී වශයෙන් අතක් පයක් සොලවා වැඩක් කරන්න අකමැති සමහරු මම දැක ඇත්තෙමි . කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න, සේවාලාභීන්ට ආචාරශීලීව කතා කරන්නවත් සමහර උපාධිදාරීන් දන්නේ නැත. තවත් සමහරු ඉංග්‍රීසි භාෂාවේ වැදගත් කම අවතක්සේරු කරයි. එහි නිපුණතාවයක් ඇතිඋදවියට පරිභව කරති. පරිගණකය ක්‍රියාත්මක කර සේවාලාභී වාර්තාවක් සොයා ගන්න කම්මැලියි. මේවා උපාධියේ වැරදි නොව, තමන්ගේ ආකල්පමය වැරදිය. පුද්ගලික අංශයේ රැකියාවක නියුතු මම මේ දේවල් ලිව්වේ උපාධිදාරීන් ගැන කිසිම තරහකින් නොවේ . විචාර බුද්ධියක් ඇති තරුණ උපාධිදරින්ට තේරුම් ගෙන තමන්ගේ යහපත සලසා ගැනීමටය.
ඇයි ඉගෙනගන්න කාලේ මහපාරේ රිලා නැටුම් නටලා ගන්න අත්දැකීම් රැකියාවකට අදාල වෙන්නෙම නැද්ද? අනුන්ට ඉරිසියාකම්, කුහකකම් කරලා ගන්න සතුට ජීවිතේ හැමදාටම තියා ගන්න බැරිද?
පාරට නෙමෙයි, ළමයිනේ .. බැහැපල්ලා කුඹුරට!