Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 08 වන සඳුදා
(රංජන් කස්තුරි)
රැකියා විරහිත උපාධීධාරින් 20,000කට රජයේ රැකියා ලබාදීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එම උපාධීධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගන්නා අතර ඔවුනට වසර දෙකක අභ්‍යාසලාභී පුහුණුවක් ලබාගැනීමට ද නියමිතය.
පුහුණු කාලය තුළ එම උපාධිධාරීන්ට දීමනාවක් ගෙවීමට නියමිත අතර ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සේවයට යෙදවීමට නියමිතය.
දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් උපාධීධාරින් බඳවා ගන්නා අතර ඔවුන් ඉදිරි දිනවලදී සම්මුඛ පරීක්ෂණ වලට ලක් කිරිමට නියමිතය.
උපාධිධාරීන්ට ලබන ජුනි මාසයේ සිට පත්වීම් ලබාදීමට නියමිතය.
asiri Monday, 09 April 2018 10:41 AM
මෙයාල ගත්තට ඉතින් කිසිම වැඩක් නෑ. නිකන් පඩි අරන් ඉන්න තමා රජයේ සේවයට එන්නේ....
Reply : 4 114
sas Monday, 09 April 2018 10:45 AM
මෝඩ වැඩක්... ඔය මිනිස්සු කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔයිට වඩා හොඳයි තෝරාගත් අයට ව්‍යාපාර පටන් ගන්න මුදල් දෙන එක...
Reply : 6 91
sachith Monday, 09 April 2018 11:14 AM
ඔබතුමාගේ අදහස හරියටම හරි. ලංකාවේ බලය ගන්න හැමදාම කරන්නේ මේ වගේ මෝඩ වැඩ. ඒකයි අපි තාමත් එක තැන පල් වේවි ඉන්නේ. අනික අවුරුදු 13ක් නොමිලේ උගන්වලා, තව අවුරුදු 3ක්, 4ක් උසස් අධ්‍යාපනය නොමිලේ දීලා රජයෙන්ම විතරක් රැකියා ඉල්ලනවා කියන්නේ එකේ ලොකු නොගැලපීමක් තියෙනවා. මෙයාලගේ මුලික තර්කෙ එයාලව පුද්ගලික අංශෙන් ගන්නේ නෑ කියන එක. එකට හේතුවත් රජයෙන් දෙන අධ්‍යාපනය හරි නැති එකලු.
Reply : 1 5
බද්රානි Monday, 09 April 2018 10:57 AM
අපේ මුදලින්ම පිනට උගන්වලා, අපේ මුදලින්ම ජීවිත කාලයම ඔවුන්ව නඩත්තු කරන මේ නන්දිත ක්‍රමය මේ රටේ පවතින තාක්කල් අපට හා අපේ රටට පැවැත්මක් නැත. රජයේ බොහෝ ආයතන වල සිටින බොහොමයක් සේවකයින්ට ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ අල්ප මාත්‍රයක දැනුමක්වත් නැත. ජනතාව අපහසුතාවයට පත් කරමින් ඔළුවේ අං පටලවා ගෙන මහත් උජාරුවෙන් සිටින උද්දච්ඡයින් පිරිසක් සිටින බව අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. පගාවට සේවය කිරීමට සැදී පැහැදී සිටින මොවුන් අල්ලසට කඩිනම්ව රාජකාරිය සිදු කරන බව සැම දන්නා පොදු කාරණය වේ. මොවුන් විසින් සිදු කරන වැරදි සඳහා පැමිණිලි කළ හැකි වගකිව යුත්තෙක්ද නැත. මන්ද සැවොම එකම මට්ටමේ සිටි දේශපාලන ගැත්තෝය.
Reply : 1111 1014
සතයපාල Monday, 09 April 2018 12:35 PM
බද්රානී ඔබ ද්වේශයෙනුයි කතා කරන්නේ. ඔබ කොහොමද දන්නේ නැහැ. මම ඇතුළු මේ රටේ අතිමහත් බහුතරය පිනට තමයි ඉගෙන ගත්තේත් ඉගෙන ගන්නේත්. ඒකට කියන්නේ නිදහස් අධ්‍යාපනය කියලා. ඒක රටක ජීවත්වන පුරවැසියන්ගේ අයිතියක්. ඒකට අවමං කරන්න හෝ ගරහන්න කාටවත් අයිතියක් නැහැ. ඒ වගේම තමයි රාජ්‍ය සේවය.. ඒක පවත්වාගෙන යන්නත් විශාල සේවක සංඛ්‍යාවක් නඩත්තු කරන්න වෙනවා. නැත්නම් රාජ්‍ය සේවය නවත්වාගෙන යන්නේ කොහොමද? මෙතන ප්‍රශ්නය වන්නේ කිසිම සැලැස්මක් හෝ වැඩපිලිවෙලක් නැතිව හුදූ දේශපාලන වාසිතකා පුද්ගලයන් රැකියාවන්ට බඳවා ගැනීමයි. ඒක කරන්නේ ඔබේත් මගේත් ඡන්දයෙන් පත්වන දේශපාලකයින් විසිනුයි. රටගැන හැඟීමක් නැති දූෂිත දේශපාලකයෝ රංචුවක් නඩත්තු කරන ඔබත්, මමත් මෙහි අවසානයේ වරදකරුවන් වෙමු.
Reply : 15 627
බද්රානි Monday, 09 April 2018 02:43 PM
සත්‍යපාල මහත්තයට, සත්‍යය ඇහෙද්දී, කනට පිහියෙන් අනිනවා වගේ ස්වභාවයක් තිබෙන පාටයි. සත්‍යය බොරුව තරම් නම් සුන්දර නැහැ තමයි. අවාසනාවකට, සත්‍යපාලලාටම, සත්‍යය ඇලජික් වී තිබීම කණගාටුවට කරුණක්. මගේ අදහසේ අන්තර්ගතය පිනට ඉගෙන ගැනීම ගැන මට තිබෙන ද්වේශය නෙවෙයි. තමන්ට පිනට ඉගෙන ගැනීමට දායකවූ අහිංසක, අසරණ, ජනතාවට මොවුන් පෙරලා දක්වන අකරුණාවන්තකම ගැනයි. සත්‍යපාල මහත්තයා වලිගය පාගාගෙන, නපුරට ආවැඩුවාම සත්‍යය නොපෙනී නන්නත්තාරවී, නං දෙඩවීම සාමාන්‍ය ලක්ෂණයක්...
297 148
සතයපාල Tuesday, 10 April 2018 03:27 AM
බද්රාණී නෝනා ඔබ සත්‍ය කියා හිතා වපුරන්නේ ද්වේශයමයි. රාජය අංශයේ බහුතරය උපාධිධාරින් නොවේ. අනික මගේ අත් දැකීම්වලට අනුව රාජය සේවයේ වර්ථමානයේ ආකල්ප වල සැලකිය යුතු වෙනසක් දකින්න පුළුවන්. විශේයෙන්ම තරුණ පරම්පරාව ඔවුන් තම සේවාදායකයන්ට ආචාරශීලීව හා සහයෝගයෙන් තම රාජකාරි ඉටු කරනවා. සමහර තැන්වල පරණ අදහස් තියෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. හැමෝම ඒ ගොඩට දාලා අපහාස කිරිම හෝ දෝෂාරෝපණය කිරිම වැරදියී. ඒ වගේම තමයි සමහරු වැඩක් කරගන්න ගියහම ඒ මිනිස්සුන්ට ඇණයක් නොවී තමන්ගේ වැඩේ කරගන්න දන්නේ නැහැ. තමන්ගේ අඩුපාඩු හදාගෙන ගියාම පහසුවෙන් තමන්ගේ කර්ය කරගන්න අද බෝහෝ රාජ්‍ය ආයතනවල හැකියාව තියනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රජයේ සේවකයන්ද මනුෂ්‍යයෝය. ඔවුන් අතර ඔබගේ අසල්වැසියන් ඥාතින් මෙන්ම හිත මිතුරන්ද ඇත.
0 42
RNG Monday, 09 April 2018 03:34 PM
මෙයා කියන්නේ රාජ්‍ය සේවකයනුත් මැද පෙරදිගින් බෝ කරලා එවන්න වෙන්නැති.. වයසෙ තරමට මොළේ වර්ධනය නොවීමේ රෝග ලක්ෂණ තමයි මේ..
Reply : 4 54
සතයපාල Monday, 09 April 2018 11:05 AM
හැම ආණ්ඩුවක්ම ඡන්දය ලංවෙනවිට රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නයට අත ගහනවා. එහෙම කරලා රටේ නැති එක එක තනතුරු හදලා ඒවාට මේ උපාධිධාරින්ගේ කොටසක් තල්ලු කරනවා. අභ්‍යාස ලාභීන් හැටියට මැතිවරණ පොරොන්දු ඉටුකළ බව පෙන්වන්න හා බදවාගත් අය ස්ථිර කිරීමටත්, අනිත් අය ඊළඟට බඳවා ගන්නා බවට නැවත පොරොන්දු වෙමින් තම ඡන්ද පදනම රැක ගන්න. මේකෙන් රටට වෙන යහපතක් නැහැ. රටේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන්ට අනුකූල විදිහට මේ උපාධිධාරින් බඳවාගෙන ඔවුන්ට එම ආයතන හරහා නිසි පුහුණුවක් ලබා දෙමින් රටට වැඩ දායක පිරිසක් නිර්මාණය කිරිමේ කටයුත්ත සෑම ආණ්ඩුවක්ම පැහැර ඇර ඇත.
Reply : 10 49
රසික Monday, 09 April 2018 11:44 AM
රාජ්‍ය ආයතනවලට කිසිසේත්ම අවශ්‍ය නැති තනතුරු ඇති කරමින් මේ බඳවාගැනීම් කරන්නේ රැකියාවල් දීමේ අරමුණ පමණක් ඇතිවයි. මේ සඳහා ඉල්ලුම් කරන්නේත්, වෙනත් තරඟකාරී රැකියාවකට ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති නාමමාත්‍ර උපාධිධාරීන් පමණයි. රටේ මහජන මුදල් නිස්කාරනේ වැයවීම හැර වෙන කිසිම ප්‍රතිඵලයක් නෑ මේ වැඩෙන්...
Reply : 94 50
ronan Monday, 09 April 2018 11:52 AM
ඉතා හොඳ අර්ථවත් වැඩපිළිවලක්... කාලෝචිතයි.
Reply : 134 67
NIro Monday, 09 April 2018 12:09 PM
මෙහෙ හරි ඒ ළමයින්ට රැකියාවක් ලබාදෙනවා නම් හොඳයි.
Reply : 111 53
ලුම්බිණි Monday, 09 April 2018 12:19 PM
හැමදාමත් කලේ මේක තමයි..
Reply : 22 3
Bimal Monday, 09 April 2018 12:53 PM
උපාධිය තිබුණ පමණින් ඕනෑම රැකියාවකට සුදුසු නැහැ. තනතුරට අවශ්‍ය මූලික කුසලතා තිබේද බලන්න. නැති නම් තරු පේන්නේ මොවුන්ගෙන් සේවය ලබා ගන්න එන මහජනතාවට! සමහර උපාධිදාරීන්ට ඉංග්‍රීසියෙන් පරිගණක ලිපියක් ටයිප් කිරීම තබා ආචාරශීලිව පාරිභෝගිකයාට කතා කිරීම, කාර්යක්ෂමව කටයුතු කිරීම වැනි දේ ගැන කිසිම අවබෝධයක් නැහැ... උපාධියේ තත්වය පවා බාල්දු වෙන්නේ මෙවැන්නන්ට උසස්පෙළ සමත් පුද්ගලික අංශයේ කාර්යාල සහායකයෙකුට තරම්වත් වෘත්තීය දක්ෂතා නැතිවුණාම...
Reply : 5 261
රවිඳු Monday, 09 April 2018 01:17 PM
කවුරුන් හෝ හිතනවා නම්, මහපාරේ රිලා නැටුම් නටලා ගන්න උපාධිවල ප්‍රමිතියක් ඇතැයි කියා, එය මිත්‍යාවක්. මොලේ කොලොප්පන් වූ ගෝත්‍රිකයින් රෑනකට උපාධි තොප්පිය ඔලුවට දැම්මාම, සමාජ මෙහෙවරක් සිදුවෙනවා යයි සිතීම හාස්‍යයට කරුණක්. වර්තමානයේදී, දියුණු රටවල පමණක් නොවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල පවා, උපාධිධාරීන් උපාධිය ලබා ගැනීමටත් ප්‍රථම, ඔවුන්ගේ ජීවිතය තවකෙකු මත යැපෙන තත්වයෙන් මිදී හමාරයි. ඔවුන් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා හදාරන කාලය තුලදී අමතර රැකියා කර ලබන අත්දැකීම් තුලින් උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තුරු, තම ජීවිතය තමන් විසින්ම ජීවත් කරවීමට තරම් ඔවුන් ශක්තිමත් වගේම බුද්ධිමත්... එ්ත්, අපේ රටේ අම්බරුවෝ තවමත් රෑන් පිටින් තප්පුලමින් මහපාරේ? රටේ අහිංසක ජනතාවට පව් නොදී ගැලපෙන හා තමන්ට යමක් තෝරා ගන්න මිනිසුනේ...
Reply : 204 161
RNG Monday, 09 April 2018 03:58 PM
තමන්ගෙ දරුවෙකුත් ගොඩක් අමාරුවෙන් උපාධියක් ගත්තු දවසට මේ ටික මේ විදියටම සිහිපත් කරලා දෙන්න..
Reply : 12 81
ධනුෂ්ක Monday, 09 April 2018 04:08 PM
මෝඩයන්ට විභාග පාස් කරන්න උපාධි ගන්න බෑ. එහෙම වෙනවනම් එ්ක පාලකයන්ගේ වරද. ඔබතුමාට උපාධියක් තිබ්බනම් ඔබතුමා ඔහොම කතා කරන්නෑ. හැබැයි ඔබ කියන මට්ටමේ පහත් උපාධියක්වත් ගන්න බැරිවුන ඔබ තුමා ගැන හිතාගන්න පුලුවන්. ඔබතුමා ඔව්වා ගිහින් පාලකයන්ට කියන්න අමාරුවෙන් කට්ට කාපු කොල්ලො කෙල්ලො හෑල්ලු නොකර තමන්ට බැරිවුන දේ වෙන කෙනෙක් කලාම හරි අවුල් නේද. රජයෙ සේවකයන්ගේ වැඩ ගැන අවුලක් තියනවා තමා හැබැයි ඔවුන්ගෙන් වැඩ ගන්න විදිය අාණ්ඩුව දැනගන්න ඕනේ. ඡන්ද ගන්න වුවමනවාට හුරතල් කරලා. වැඩ ගන්න බෑ
Reply : 25 105
prabash Monday, 09 April 2018 01:18 PM
මමත් උපාධිදාරි රැකියාවක් ලැබුණු කෙනෙක්. මම එ්ක දමලා ආයිත් රට අාවා. මොකද මගේ හැකියාවෙන් කිසිම වැඩක් කරන්න දෙයක් එතන තිබුනේ නැහැ. අනික පුටු උඩට වෙලා වාඩිවෙලා කතා කරකර නිකන් පඩි ගන්න එක මට ඒ තරම් හුරු නැහැ. මේකේ කමෙන්ට් සේරම හරි. මේ රැකියා දීමෙන් වෙන්නේ රට තව තවත් දුප්පත් වෙන එක විටරයි. රටේ අවශ්‍යතාවයට වඩා දැනටමත් රජයේ රැකියා තියෙනවා. මේකෙන් රටේ නිකන් ඉගෙන සල්ලි ගන්න පිරිසක් නඩත්තු කිරීමේ බර අනිත් මහජනතාවට පැටවෙනවා.
Reply : 0 117
RNG Monday, 09 April 2018 03:52 PM
ඉතින් ඔයාට වගේ හැමෝටම රට යන්න සල්ලි නෑනේ. ඒක උපාධිධාරීන්ගෙ වැරැද්ද නෙවෙයි අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද. අනිත් එක මෙතන මෙහෙම අදහස් දක්වන අය අර සයිටම් එකට විරුද්ධව අදහස් දක්වද්දි කියන්නෙ නම් සරසවිවලට ඇතුළත් කරගන්න සිසුන් ප්‍රමාණය වැඩි කර ගන්න ඕන කියලා. එතකොට ඒ උපාධිධාරීන් ට රැකියා දෙන්නෙ මේ රටේ නෙවෙයි ද..?
Reply : 101 72
prabash Tuesday, 10 April 2018 07:38 AM
සල්ලි නෑ අපිට, මේ වගේ ආකල්ප නිසා තමයි අපේ රට දුප්පත් වෙලා තියෙන්නේ අපේ උපාධිදාරීන් ගොඩක් අය හිතන්නේ උපාධියට හරියන රස්සාව රජයෙන් දෙන්න ඕන කියල. මන් රට ආවේ මහලොකු සල්ලියක් වියදම් කරලා නෙමෙයි. සම්මුඛ පරීක්ෂණයක් කරලා මගේ හැකියාවෙන්. උපාධි දාරීන් රජයෙන් රැකියාවක් බලන් උද්ඝෝෂණ කර කර බලන් ඉන්නවා. මමත් ශ්‍රී ලංකා රජයේ උපාධිදාරියෙක් තමයි. අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන තමයි. එත් ඒක ගැන කියා කියා රජයේ රැකියවක්ම බලන් ඉන්න එක හරිද. තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරගන්නේ නැතුව.
0 1
Pradeep Monday, 09 April 2018 01:29 PM
උපාධිධාරීන්ට විදෙස් රැකියා වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් තියනවා. ආසියානු රටවල් අතරින් ඉන්දියාව මෙහි විශාල කොටසක් හිමිකරගෙන තිබෙනවා. හෙද සේවයට, ගුරු සේවයට, ගණකාධිකාරි, අයි.ටී වගේ විවිධ අංශවල රැකියා බොහොමයක් තිබෙනවා. නමුත් අපේ බලධාරීන්ගේ අවධානයට ඒ කරුණ යොමුවෙලා නෑ වගේ. මේ ගැන අවදානය යොමු කරන්න පුළුවන් නම් රටට විශාල මුදලක් ලබා ගන්න පුළුවන්..
Reply : 0 51
විකුම් රංගන Monday, 09 April 2018 01:37 PM
වැඩබැරි ටාසන්ලාට රැකියා දන්සලක් දී, සිදුකර ගන්නා මහා පුණ්‍යකර්මයම ඇති, ලබන ආත්මයේත් මේ සිරි ලංකාවේම ඉපදිලා දේශපාලකයෙකු වන්නට... රටේ දුප්පත් ජනතාවට ඉතින් හැමදාමත් අබ සරණයි!!
Reply : 1 89
Sarasi Monday, 09 April 2018 02:07 PM
කරුණාකර මේ උපාධිදාරින්ට සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනයාට ආචාරශීලිව කතා කරන හැටි ඉස්සෙල්ලාම උගන්වන්න. අවුරුදු තිස්ගානක් ගුරු සේවයේදී ලඟදී විශ්‍රාම වැටුප ලබා ගැනීමට කටයුතු ඉටු කරගන්න ගිය මගේ නැන්දාට මේ උපාධිදාරියෙකු ඇඟට ගොඩ වෙලා. කිසිම විචාර බුද්ධියක් නැති, රැකියාවට අත්‍යාවශ්‍ය කුසලතා නැති සමහරුන්ට ඉගෙන ගත්තේ මහජන මුදලින් කියලා මතක නැහැ...
Reply : 10 33
RNG Monday, 09 April 2018 03:42 PM
ඒවා ඉතින් හදන්න ඕන පාසලේදි තමයි.. ඒක ගුරුවරුන්ගේ වැරැද්ද ..
Reply : 1 32
Ravi Monday, 09 April 2018 02:15 PM
ලෝකයේ කිසිම රටක නැතිව ඇති මෙහෙම රැකියා දීමේ ප්‍රතිපත්තියක්. දියුණු රටවල උපාධිය කියන්නේ ඕනෑම රැකියාවකට හරියන සුදුසුකමක් නෙවෙයි. අපේ කලා උපාධිය කළමනාකාර තනතුරු වලටත්, වාණිජ උපාධිය පාසලේ, සිංහල ගුරුකමටත් ගැලපිලා. කවුරුවත් කාටවත් රැකියා සොයා දෙන්න බැඳිලා නැහැ. නොමිලේ ඉගෙන ගත්තා මදිවාට රස්සාව! ඊළඟට ප්‍රස්ථාවත් මහජන මුදලින් කර දෙන්න කියාවි.
Reply : 7 130
Dulmi Monday, 09 April 2018 02:25 PM
අපේ කාර්යාලයේ සේවයට පැමිණි එක්තරා උපාධිදාරී තරුණියක් කාර්යාලය ගෙදරකර ගත්තා. ඕනඕන වෙලාවට වැඩට පැමිණීම, බාර දුන් වැඩ කල් දැමීම , සෙසු කාර්යාල සාමාජිකයින් නූගතුන් ලෙස සලකා උද්දච්ඡ බැවින් කටයුතු කිරීම ඇගේ සිරිතක් වුණා. අන්තිමේ මුල්‍ය වංචාවකට අසුවී සේවයෙන් නෙරපුවා. මේ උපාධිදාරීන් සියලු දෙනාගේම තත්වය නෙවෙයි. නමුත් බහුතරයක් ඉතාම අකාර්යක්ෂම ප්‍රතිලාභ පමණක් ගැන සිතන, කාර්යාලයේ තමන්ගේ යුතුකම නොදන්නා කොට්ටාශයක්...
Reply : 0 102
ධනුෂ්ක Monday, 09 April 2018 02:56 PM
මෙතන ගොඩක් අය මේ ගැන ද්වේශයෙන් අදහස් දක්වලා තියනවා. එ්ක මිනිස් ස්වභාවය. තමන්ට එතනට යන්න උත්සාහ කරලා බැරි වුණාම ඔහොම කියනවා. අපේ පැරැන්නෝ නරියට මිදි තිත්ත වුණු කතන්දර හදලා තියෙන්නේ නිකන් නෙමේ. ඔයාලා කියන දේවල් හරි හැබැයි එ්කට මේ උපාධිධාරින් පලි නෑ. පිස්සන්ට මෝඩයින්ට විභාග පාස් වෙලා උපාධි ගන්න බෑ. උපාධිදාරීන් මෝඩයෝ නම් එ් උපාධියවත් ගන්න බැරි වූ තමුන්ලා කවුරුන්ද කියලා තමුන්ටම තේරුම් ගතහැකියි නේද? අධ්‍යාපනයේ තියන අඩුපාඩුවලටයි, දේශපාලකයින්ගේ වැරදි වලටයි... කට්ට කාලා ගත්ත උපාධිය හෑල්ලු කරනන එපා. මොනවා වුණත් රටේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න එපැයි. එ්කට මෙහෙම උපාධියක්වත් නැතුව ඉන්න තමුන්ලා ගන්න කියලද කියන්නේ? එහෙනම් සතුටුයි නේද? තමුන්ලා ගැන දුකයි.
Reply : 156 124
ලක්සිරි Monday, 09 April 2018 03:49 PM
එකිනකට පරස්පර බුද්ධිමත් අදහස් හමුවේ, ධනුෂ්කගේ අදහස, පලකරලා නොවේ, පහ කරලා කියලා තමයි....කියන්න තිබෙන්නේ. මෙතන අදහස් පලකොට තිබෙන කිසිවෙක් ධනුෂ්කගේ පන්තියේ දරුවන් නොවන බව නම් සහතිකයි. කුඩා දරුවන් ඔවුන්ගේ කටයුතු සඳහා රජයේ ආයතනවලට තනියෙන් නොයන බව ස්ථීරයි. ඒ වගේම දෙමව්පියන් තම දරුවන්ව රජයේ කාර්යාලවලට රැගෙන විත් රස්තියාදු කරවීමට තරම් බොළඳත් නැහැ. ඒ නිසා, කුඩා ධනුෂ්ක හෝ, මොළයේ ක්‍රියාකාරිත්වය මත, ළදරු ධනුෂ්කට තවමත් ජීවිතය පිළිබඳ බහුල අත්දැකීම් නැතිව ඇති. අනික මෙතන කිසිවෙක් උපාධිධාරයෝ මෝඩයින් යයි පවසා නැහැ. ලෝකයේ නිසි අධ්‍යාපනය ලැබූවන්, තමන් හදාරන විෂය පමණක් නොව, එය ප්‍රායෝගිකව ජීවිතයට බද්ද කරගෙන, ඒ අයගේ ජීවිත, කාටවත් අත නොපා, ගොඩනගාගෙන ඇති බව සමහරු අදහස් මගින් දක්වා තිබෙනවා. එයට හේතුව වන්නේ, කෙනෙකු ලැබූ අධ්‍යාපනය හේතුකොටගෙන ඇතිවන මොළයේ වර්ධනයයි. ධනුෂ්ක, ඔබට ගැලපෙන හා ඔබට තේරෙන, සරල මාතෘකාවක් සොයාගෙන ලස්සන රචනාවක් ලියා පන්තියේ සිංහල උගන්වන ටීචර්ට පෙන්වන්න. එවිට, ලොකු හරියක් ලැබෙයි. වාද කරන සුදුසු ක්‍රමය ගුරුතුමිය උගන්වයි. දැන්මම පණ්ඩිතයෙක් වෙන්න හදන්න එපා.
Reply : 186 116
ධනුෂ්ක Tuesday, 10 April 2018 02:39 AM
ලක්සරිට තමා මගේ කතාව හොඳටම වැදිලා තියෙන්නේ. මම කිව්වේ බොරුද මේක බලන අයට තේරෙනවා ඔයාටත් මිදි කන්න බැරිවෙලා. මිදි කාපු අය එක්ක ගොඩාක් අවුලෙන් ඉන්නේ කියලා. මොකද ඔයාට ඔය තරම් වචන පාවිච්චි කරන්න දෙයක් මම කියලා නෑ. ඔයා රචනා ටීචර්ට පෙන්නකොට අපි රචනා මහාචාර්ය වරුන්ටත් පෙන්නලා අැවිත් ඉන්නේ. ඔයාගේ බුද්ධියෙ තරම තමුන්ගේ අදහසෙන් පේනවා. ඔයාට හිතට හරි මදිනම්. කළු ගලක ඔයාට මං කියලා හිතන ඕනේ විදියෙ රූපයක් අැඳලා එ්කට හයියෙන් ගහන්න.
0 64
Raveendra Monday, 09 April 2018 05:40 PM
ධනුෂ්ක මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. මෙහි කිසිවකු උපාධිධාරින් මෝඩයන්සේ සලකා තිබේද යන්න ගැටලුවකි. කෙසේවෙතත් අප රටේ අධ්‍යාපන ක්‍රමය නම් අවුල් ජාලයක් බවනම් කිව හැක. කිසිවකු එය නිවැරදි ලෙස , කාලයට ඔබින ලෙස සකස් කිරිමටවත් උනන්දුවක් නැතිබවත් හොදින් පැහැදිලිය. අප සැවොම අවංකව සිතා බලන්න රජයේ ආයතනවල කඩාවැටීම ,සේවයක් ලබාගැනීමට පැමිණෙන ජනතාවට අඩුතරමින් කතා කිරිමටවත් වැඩිදෙනෙක් නොදැනීම කනගාටුවකි. එමෙන්ම අවංකව තම රාජකාරිය කරන නිහතමානි ලෙස අනිත් තැනැත්තාට හොදින් කතාකරන "නිලදාරීන් නැතුවාම" නොවේ. ඔවුනට අපේ ආචාර්ය පුදන අතර "අප අපට අවංකවේනම් අනිත් අයද අපට අවංක වෙනු ඇත".
Reply : 0 8
prabash Tuesday, 10 April 2018 07:46 AM
මෙහි කිසිම කෙනෙක් උපාධිදාරීන් මෝඩයන් ලෙස සලකලා කතා කරලා නෑ. එහෙම කතා කලොත් එයා මෝඩයෙක්.
Reply : 0 0
RNG Tuesday, 10 April 2018 10:04 AM
ඉහතින් අදහස් දක්වා ඇති රවිදුගේ අදහස කියවලා බලන්නකෝ. මොළේ කොලොප්පන් වුණු කියලා එහෙම තියෙන්නෙ.. ඒක මෝඩ කියන වචනයට ගොඩක් සමීපයි නේද
16 11
රොෂාන් Monday, 09 April 2018 04:13 PM
ධනුෂ්කට තියෙන්නේ, පොතේ දැනුමට වඩා, පොත් පෙරලන දැනුමක් වගෙයි. මෙතන තමන්ගේ හීනමානය හා මෝඩකම ප්‍රදර්ශනය නොකොට ඉන්න. වැඩිය පිනි බාන වෙලාවට එලියට බහින්න එපා. ටිකිරි මොළය තවත් ලෙඩ වෙයි.
Reply : 18 40
සිරිනාථ Monday, 09 April 2018 04:49 PM
අවුරුදු 5 ක් කට්ට කාලා ගත්ත උපාධියට අවුරුදු 2 ක් යනකම් හම්බ වෙන්නෙ රු 20000 ඔයාලා කියන විදියට ලියන තරග විභාග වල ප්‍රතිපලවත් නෑ. හිතන්න අපිත් උසස් පෙළ නොකර හිටියානම් අද හොද තැන් වල. දැන් උපාධිය අරන් අවුරුදු 3ක් අපෙ වයස 28 ත් පැනලා
Reply : 2 11
prabash Tuesday, 10 April 2018 07:50 AM
සිරිනාථ උපාධි රජයේ රස්සාවට දමන ගමන්. ඔය උපාධිදාරියෙක් කියන එක අමතක කරලා පුද්ගලික අංශයේ රස්සාවක් ගොයාගන්න උත්සහ කලේ නැද්ද. රජය රස්සාව ලැබුනොත් එහෙමයි නැත්නම් මෙහෙමයි.
Reply : 0 0
Bamunuarachchi Tuesday, 10 April 2018 08:31 AM
හැම උපාධියක්ම රැකියාවට සුදුසු කමක් නොවෙයි. ඔබ bcom උපාධිය තියන අය වෙනුවෙන් තිබෙන රැකියාවකට ලැබෙන ඉල්ලුම්පත් කොපමණද කියා සොයා බලන්න. දේශපාලන විද්‍යාවෙන් උපාධිය අරගෙන කරන්න පුළුවන් රැකියාව මොකක්ද? ඒත් සුදුස්සන්ට අඬගහලා රැකියාව දෙන්නේ. සම්මුඛ පරීක්ෂණ යෙදී වැටුප කීයක් බලාපොරොත්තු වෙනවද ඇසුවාම 30000 කීවා නැහැ අපි 50000 දෙන්නම් අපිට ජොයින් වෙන්න කීව අවස්ථා ගැන ඔබ දන්නවාද? පිටරට නොවෙයි මේ සිරි ලංකාවේ.
Reply : 0 0
Jehaan Monday, 09 April 2018 08:35 PM
ධනුෂ්ක , උගත්කම කියන්නේ තමන්ගේ සහ රටේ දියුණුවට යොදා ගන්න පුළුවන් මෙවලමක් මිසක් අනුන්ට ගරහන්න පාවිච්චි කරන මඩ ගුලියක් නෙවෙයි. සමහර උපාධිදාරීන් ගේ පවුලේ ඔක්කොම පීඑච්ඩී කාරයන්ද ? ඔය ගොල්ලන් මව්පියන්ටත් උපාධි නැති මෝඩයන් කියලාද කතා කරන්නේ ? අද මහලු නිවාස වල සිටින බහුතරයක් අයගේ දු පුතුන් උපාධිදාරී උගත්තු. යන්තම් ඉගෙන ගත්තු ඔය කියන මෝඩයන් රටේ සංවර්ධනයට බදු ගෙවමින් යහපත් ලෙස ජීවත් වෙනවා. අවුරුදු ගණනක් ගුරු සේවයේ දීලා විශ්‍රාම වැටුප හදා ගන්න ගිහින් බැනුම් අහපු සරසිගේ නැන්දාට වුනදේම ඔබලාට වුන දාට තේරේවි.
Reply : 0 0
කරුණාපාල Monday, 09 April 2018 09:32 PM
අයියෝ, මේ ධනුෂ්ක තාමත් නරි මිදී තිත්තයි කියලා කියපු පරණ කතන්දර පොත් කියවන උපාධි කාරයෙක්නේ. ඔය වගේ කතන්දර කාරයින්ට ඉතින් දේශපාලකයින් සරණන් ම තමයි.
Reply : 0 0
kamal Tuesday, 10 April 2018 12:48 AM
හෙට පාරට බහියි වැඩි පඩි ඉල්ලලා.
Reply : 0 0
පුෂ්පකුමාර . Tuesday, 10 April 2018 06:54 AM
මේ අයව නම් පැත්ත පළාතේ වද්ද ගන්න හොඳ නැහැ. ගිය තැන විනාශයි තැනකට ගියොත් එතන තියන මුළු පරිපාලනයම අවුල් වන තැනට කටයුතු කරලා. ආයතනය තුල මාෆියා කල්ලියක් අටවා ගෙන රාජකාරිය මගහැර මුළු ආයතනයෙන ව්‍යුහයම අඩපන කරනවා. මොළ හෝදපු මනංකල්පිත ලෝකයක ජීවත් වෙන මුග්දයෝ වගෙයි හැසිරෙන්නේ. දන්නවා කියලා හිතුවට දන්නා දේකුත් නැහැ, මම මේ අත්දැකීමෙන් කියන්නේ. මෙතනම ලියල තියන සමහර මන්ද බුද්ධික අදහස් දෙස බැලුවාම පැහැදිලි වෙනවනේ. උගත්කමේ තරම. ඉගෙන ගන්න කාලය තුල එක දේශපාලක පක්ෂයකට කත් ඇදලා, නිසි වයස පැනලා රැකියාවක් ලැබුනම, තමයි මුදල් හම්බ කරන්න මතක් වෙන්නේ. ඊටපසුව බලය තියන දේශපාලන පක්ෂයකට කත් ඇදලා, පගා ගසමින් හෝ මුදල් රැස් කරන්න පෙලඹිලා අර කලින් ගතකල රස්තියාදුකාර ජීවිතය එලෙසම බුක්තිවිදිනවා. මෙන්න මේක තමයි රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂම බවට මුලික හේතුව හා විනයකින් තොරව ලබන අධ්‍යාපනයේ ප්‍රතිපලය.
Reply : 0 0
RNG Tuesday, 10 April 2018 10:08 AM
ඔයා කියන්නේ එතකොට රාජ්‍ය සේවයට අට පාස් අය වද්දගත්තම හරි කියලද..?
Reply : 0 36
Bamunuarachchi. Tuesday, 10 April 2018 02:54 PM
ඒ කාලේ 8 පාස් නැතිනම් JSC පාස් කෙනෙක් කියන්නේ අද උපාධි දාරියෙකුට වඩා ඉංග්‍රීසි දැනුමැති පුද්ගලයෙක්. ඒ කාලයේ කාර්යාලයක ලිපිකරුවෙක් වෙන්න 8 සමත්වීම හොඳටම ප්‍රමාණවත්. අද උපාධි දාරියෙකුට ලිපිකාරයෙකු වීමටවත් බැරිය. ඉංග්‍රීසියෙන් ලිපියක් කාර්යාලයකට යැව්වොත් එයට පිළිතුරු ලැබෙන්නේ නැත.
0 0