IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා මේජර්ට වරෙන්තු

ටෝනි කරුණානායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා  වරෙන්තු නිකුත් කළේය.

එලෙස වරෙන්තු නිකුත් කෙරුණේ එම නඩුවේ දෙවැනි සැකකරු වන බුලත්වත්ත වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත නමැති යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහාය.

ඇප මත සිටින එම නඩුවේ සෙසු සැකකරුවන් වන ප්‍රේම් ආනන්ද උදලාගම, හේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ඒ එච් ඒ ලසන්ත විමලවීර, එච් එම් නිශාන්ත ජයතිලක සහ එම් ආර් නිශාන්ත කුමාර යන සැකකාර හමුදා සාමාජිකයන් හය දෙනා අද අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර ජූලි මස 20 වැනි දාට යළි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියම කැරිණි.

2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට හා බිරියට පහර දී තුවාල සිදුකර තිබිණි.



අදහස් (1)

යුද හමුදා මේජර්ට වරෙන්තු

Samathasena A . Aluthgama Saturday, 19 May 2018 06:23 AM

මාහට මේ හමුදා නිලධාරීන් ගැන දුකකුත් ඇතිවෙනවා. ඒක මේ අයගේ වරද නොවෙයි. දියුණුවේ ඉහළම තලයේ සිටින බොහෝ රටවල පවතින මතය තමයි "පුවත්පත් කලාවේදීන් යනු නිල නොලත් රජවරුන් " යන දෙය. මෙය ඔවුන්ට පුහුණුවේදී උගන්වලා නැහැ. එහෙම තිබුණා නම් මේ අය මේ වගේ වැඩ කරන්නේ නැහැ. අපට ආඩම්බරයක් මෙන්ම ආරක්ෂාවක්ද සැපයන මෙවන් නිලධාරීන් ඒ අයට අප ආදරය කරන බව සමහරවිට නොදන්නවා ඇති. අභීත යුද සෙන්පතියන් දේශපාලකයින්ගේ අණට කීකරු වීම නිසා, ඔවුන්ගේ කීර්තියද නැතිවී, නීතියෙන් දඬුවම් විඳීමටද සිදුවේ. එහෙයින් දඬුවම් හිමිවිය යුත්තේ මොවුන් මේ තත්වයට පත්කළ අසමද්ජාතීන්ටය. අවාසනාවකට අප එතරම් දියුණු නැත. තත්වය එවන් රටක තම දිවියටද තර්ජන සහිතව පරාර්ථය සඳහා පෑනෙන් සටන් වදින පුවත්පත් කලාවේදීන් ගැන කෙසේ පැහැදිලි කරමුද?

:       0       129

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site