හර්ෂණ තුෂාර සිල්වා
සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති මන්දාගාමී ප්‍රගතිය කනගාටුදායක යැයි මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝර් අද (21) ප්‍රකාශ කළාය.
එසේ වුවත් මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හා අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ යුතු යැයි ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය කීවාය.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද ලිඛිත වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එම කරුණු කීවාය.
ලබන වසරේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවට සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රයේ කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත්දැයි යන්න සැක සහිත බව ද ඇයි මෙහිදි කීවාය.
කේට් ගිල්මෝර් මෙසේ ද පැවැසුවාය.
“අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සාමාජිකයන් පත් කිරීමට පනත සම්මත වී මාස 20කට ආසන්න කාලයක් ගත වුණා. එය කනගාටුවට කරුණක්. හමුදාව යටතේ තිබූ ඉඩම් නැවත ලබාදීමේදී ද ශ්‍රී ලංකා රජය පෙන්වා ඇත්තේ මන්දගාමී ප්‍රගතියක්. අල්ලාගත් ඉඩම් නැවත ලබාදීමට නොහැකි වුවහොත් විශ්වාසය ගොඩනගන්න බැහැ. ආරක්ෂක හේතු මත හමුදාව යටතේ තිබෙන ඉඩම්වලට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතුයි. ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා.
මහනුවරදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් දියත් වූ ප්‍රචණ්ඩත්වය සහ දින 12ක කාලයක් පැවැති හදිසි නීතිය සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සුළු ආගමික හා සුළු ජන කොටස් ඉලක්ක කරගනිමින් කෙරෙන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද අපි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කනගාටුවට පත්වෙනවා. මේ නිසා එම කරුණු මෙන්ම ශ්‍රී ලංකාව තුළ වගවීම හා සංහිඳියාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කවුන්සිලය දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි” ද ඇය ප්‍රකාශ කළාය.
මෙහිදි ශ්‍රී ලංකාවට අමතරව බුරුන්ඩි, කොලොම්බියාව, සයිප්‍රසය, ගෝතමාලාව, හොන්ඩුරාස් සහ ඉරානය යන රටවල් සම්බන්ධයෙන් ද ලිඛිත වාර්තා ඉදිරිපත් කරන ලදි.
ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත වාර්තාව පහත සබැඳියෙන්..
http://daccess-ods.un.org/access.nsf/Get?Open&DS=A/HRC/37/17&Lang=E
COMMENTS
ඇයි නෝනේ අපි සිංහලයන් මිනිස්සු බව දන්නේ නැද්ද ? අවුරුදු 35 කොටි අපිව මරද්දී පුච්චද්දී, එලවද්දී, ඔය වගකීම් ඔබල යෙදෙව්වද ? වචනයක් කිව්වද කොටින්ට ? Hypocrisy කියල ඔයාලගේ භාෂාවේ වචනයක් තියෙනවා නේද ? ඇයි මේ discrimination against Sinhalese ?
අල්ලාගත් ඉඩම් .......
ඔය අතුරුදන් වුන කියල කියන බොහෝ දෙනෙක් කොටි සංවිධානේ එක්ක එකතුවෙලා යුද්දෙට ගිහින් එතනදී මැරිලා විනාශ වෙලා ගිය අය. ඒවාට වග කියන්න ඕනි කොටි. ඉතින් අපි ඒ ගොල්ලෝ ගැන වග වෙන්න ඕනි නැහැ. ඒවාට අපිට කරන්න දෙයක් නැහැ කියල කියන්නයි ඕනි. කොහෙද ඉතින් අපේ අය ඒවත් ඔලුවේ දාගන්නවා.
යුද්ධය ඉවර වෙලා අවුරුදු 10ක් වෙනවා, එත් යුද්ධය ඇතිවන්න හේතු වුනු කාරනා වලට විසඳුමක් ලැබිල නැහැ, යුද්ධයේ සිරකරුවන් නඩු නැතිව ඉන්නවා, හරි නම් යුද්ධය අවසන් වූ විගසම සංහිඳියා කොමිසමක් පත් කරලා ගැටළු විසඳා ගත්තා නම් අද කිසි කෙනෙක් ඇඟිලි ගසන්නේ වත් විසඳන්න බලපෑම් කරන්නෙත් නැහැ, දෙමළ ජනයා මිලියනයක පමණ පිරිසක් ඉන්නේ විදේශයන් වල. ඒ විතරක් නෙවේ තමිල්නාඩු දෙමළ ජනයා ආදීන්ද බැලුවම දෙමළ ඩයස්පෝරාව ඉතා බලවත්, ඉතින් අපේ රටට ලොකු පීඩනයක් දෙන්න ඔවුන්ට පුළුවන්. අපි තේරුම් ගත යුතුයි අපි ජීවත් වන කුඩා දූපත කියන්නේ ලෝකය නොවන බව, අනෙත් දෙය දෙමළ ජනයා වසර 30 මුළුල්ලේ පරදින යුද්ධයක් වෙනුවෙන් සහයෝගය දුන්නේ යුද්ධ කරන්න තියෙන ආශාව නිසා නොවේ.