IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මළසිරුර මාරු වී අලි ජරමරයක්

 (සුමතිපාල දීයගහගේ)
යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයගේ නිවසට මල් ශාලාවෙන් රැගෙන යෑම නිසා එම මළසිරුර අයිතිකරුවන්ගේ ඥාතීන් දැඩි අපහසුවට පත්ව ඇත.
ඊයේ (18) අහංගම මැලියගොඩ ප්‍රදේශයේ හැට පස් හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය පසු මොහුගේ මළසිරුර සකස් කිරිමට වැලිගම ප්‍රදේශයේ මල් ශාලාවකට භාරදී තිබේ. එම අවස්ථාවේ එම මල් ශාලාවේ සකස් කිරිමට තවත් මළසිරුරු දෙකක් තිබී ඇත.
 ඊටපසුව එක් මළසිරුරක් සකස් කළ මල් ශාලාවේ සේවකයින් එම මළසිරුර යක්කලමුල්ලේ එකක් බව අවමංගල රථයේ රියදුරුට පවසා එය යක්කලමුල්ලට ගෙන යන ලෙද දැනුම්දී තිබේ. ඒ අනුව මෙම මළසිරුර රැගත් පෙට්ටිය අවමංගල්‍ය රථයෙන් යක්කලමුල්ල ප්‍රදේශයට ගෙන ගොස් මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඩ මැද නිවසේ සාලයේ   තබා විවෘත කර ඇත. එවිට මළසිරුර දුටු නිවැසියන් දැඩි ලෙස කලබලයට පත්ව මෙය තම ඥාතියාගේ මළසිරුර නොවන බව අවමංගල්‍ය රථ රියදුරුට දන්වා තිබේ.
 ඊටපසු සිරුර රැගත් පෙට්ටිය නැවත මල්ශාලාවට ගෙන ගොස් නියම මළසිරුර යක්කලමුල්ලට ගෙන ගොස් භාරදී ඇත. මේ අතර අහංගම පුද්ගලයාගේ මළසිරුර යක්කලමුල්ලට ගෙන ගොස් විශාල රවුමක් ගසා අද (19)  අලුයම අහංගම මැලියගොඩ නිවස වෙත ගෙනවිත් තිබේ.



අදහස් (2)

මළසිරුර මාරු වී අලි ජරමරයක්

tommy Monday, 19 March 2018 12:18 PM

මෙය දැන් කාලේ කා අතිනුත් සිදුවිය හැකි වරදක්...

:       19       6

rocky Wednesday, 21 March 2018 02:05 PM

ඔව්.., අනේ. ගණන් ගන්න දෙයක් නෙමෙයි. මැරුණට පස්සේ අපි කවුරුත් සමානයි නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site