ක.ග කරුණාරත්න
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා යොදවා තිබෙන බෝට්ටු 30 ක් පමණ අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මේ බෝට්ටු එම ස්ථානයේ වැලි ගොඩ දැමීම කරන පෞද්ගලික සමාගමක් සතු වන බව අනාවරණයවී ඇත.
මෙය කිසියම් පිරිසක් විසින් සිදුකර තිබෙන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - කග කරුණාරත්න


ඡායාරූප - නිමල් ජයරත්න





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම පළාතේ සුන්දරත්වය සොබාවික සම්පත් විනශ කරන සියලු යන්ත්‍ර සුත්‍ර ගිනි තබා විනාශ කිරීමට නුවන පැදෙවා . මෙයට සහභාගි වූ සියල්ලන්ට ජාතියේ ප්‍රණාමය
කවුරු කලත් හොඳ වැඩක්, පරිසර අධිකාරියෙන් මේ කරපු වැඩේට උපහාර දක්වන්න ඕනා. මේ වැලිගොඩදාන්නේ ඔක්කොම දේශපාලුවන්ගේ හෙන්චයලානේ
ගමට අයහපතක් වෙනවනම් රට පුරා සියලු ගම්වැසියන් මෙසේ ක්‍රියාත්මක විය යුතුයි.
පරිසරයට ආදරය කරන මිනිසුන් මේවා දුටු තැන විනාශ කලයුතුය.
නීතිය ක්‍රියාත්මක කරනවා විනා ගිනිතැබීම් කර ප්‍රශ්න විසදන්න මිනිසුන් දිරිමත් කරන්න එපා