(නාලක සංජීව දහනායක)
මහවැලි ගඟ ඇතුළුව මෙරට ජලාශවල වැලි කැණීම නියාමනය කිරීම සදහා ජලාශවල වැලි කොපමණ ප‍්‍රමාණයක් තැන්පත්ව ඇතිදැයි සොයාගැනීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය සමීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
මෙම සමීක්‍ෂණයෙන් හෙළිවන තොරතුරු අනුව ජලාශවල තැන්පත්ව තිබෙන වැලි ප‍්‍රමාණය, එම වැලි ලබාගත හැකි කාලසීමාව පිළිබද තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව එම තොරතුරු මත පදනම්ව ඉදිරියේදී වැලි කැණීම් බලපත‍්‍ර නිකුත් කිරීමට කටයුතු කරන සභාපතිවරයා කීය.
එමෙන්ම මේ වනවිටත් ක‍්‍රියාත්මක කර තිබෙන ‘හරිතවැලි තොටුපළ’ සංඛල්පය අනුව වැලි කැණීමේදී නව තාක්‍ෂණය යොදාගැනීම තහනම් කර තිබෙන අතර වැලි කැණීමේදී ගං ඉවුරේ සිට මීටර් 20 ක දුරක් පැවැතීම අනිවාර්ය කර තිබෙන බවද සභාපතිවරයා කීය. මෙවැනි ක‍්‍රියා මගින් වැලි කැණිමේදී පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමට හැකි වනු ඇතැයිද ඉද්දවෙල මහතා සදහන් කළේය.
සාමාන්‍යයෙන් මෙරට වාර්ෂිකව වැලි කැණීම් බලපත‍්‍ර 5000ක් පමණ නිකුත් කරන බවත් ඉන් බලපත‍්‍ර 3300ක් පමණ ගංඟ හා ජලාශවලින් වැලි කැණීම සදහා නිකුත් කරන අතර අනෙක් බලපත‍්‍ර ගොඩ වැලි (පස් සොදා ) ලබාගන්නා වැලි කැණීම සදහා නිකුත් කරන බවද ඔහු කීය.
COMMENTS
මෙච්චර කල් උඩ බලාගෙනද හිටියේ? හොර වැලි ජාවාරම්කාරයන් පරිසරයට කරන්න තියෙන හානි උපරිමයෙන් කරලා දැන් ඉවරයි...
නියාමනයෙන් සමහර නිලධාරීන්ගේ ගිණුම් තරවෙනු ඇත. අපේ පළාත්වල සමහර නිලධාරීන් වැලිකාරයින්ගේ ඔඩොක්කුවල...
ජලාශ සහ වැව් තාවුළු වලින් වැලි කැණීමෙන් වැව් විනාශ වේ. වැව්වල කාන්දුව වළකන මඩ තට්ටුවට මේ ක්‍රියාව නිසා විනාශ වීමෙන් කාන්දුව වැඩිවී ජලය රඳවා ගැනීමට නොහැකි වනු ඇත. තවද වැලි ලබා ගැනීමට පස් සෝදා ඉතිරි වෙන අපද්‍රව්‍ය වැවට මුදාහැරීම නිසා වැවගොඩ වී යාමටද ඉඩ තිබේ. භූ විද්‍යා පතල් කාර්යාංශය දූෂිත නිලධාරීන්ගෙන් පිරී ඇති බැවින් අල්ලස් ලබාගෙන ජාවාරම්කරුවන්ට මෙම විනාශය කිරීමට ඉඩ ලබා දෙන බව පැහැදිලිය. එමනිසා මෙම පාහර ක්‍රියාවට විරුද්ධව ගොවි ජනතාව පාරට බැස සටන් කළ යුතුයි.