
(කවිතා සුබසිංහ)
මහර බන්ධනාගාරයට යාබද අතුරු මාර්ගයක සිට බන්ධනාගාර තාප්පයට ඉහළින් විසිකරන ලද පාර්සලයක් අද (11) සොයා ගැනීමට එම බන්ධනාගාරයේ නිලධාරීන් සමත්වී තිබේ.
එම පාර්සලය තුළ තිබි ජංගම දුරකථන 04 ක්, චාජර් 01 , ජංගම දුරකථන බැටරි 06 ක් , සිම් කාඩ් පත් 03 ක් සහ දුම්කොල කැබලි තොගයක් හමු වූ බව බන්ධනාගාරය සඳහන් කරයි.
මහර බන්ධනාගාරයේ අභ්‍යන්තර රාජකාරි වල යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් දුම්කොළ කැබලි සහිත මෙම පාර්සලය අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර වෙනත් රටවල තියෙන්නේ මිනිස් වාසයෙන් ඈත. ලංකාවේ මේවා පාලකයන් හා සම්බන්ධ නිසා මහ නගර මැද්දේ ඉදිකරගෙන දැන් හැමදාම අරක දැම්මා, මේක දැම්මා කිය කියා විහිළු සපයනවා. කිසි ප්‍රමිතියක් නැහැ.
සිරගෙවල් වලට හමුදාවේ ස්නයිපර්වරු යවන්න.. වැඩේ ඉවරයිනේ...