(මනෝප‍්‍රිය ගුණසේකර සහ මහර ගනිදු රෝචන සමරතුංග)
බන්ධනාගාර ගතවුවන් පුනරුත්ථාපනය කිරීමට කායවර්ධන පුහුණුව සහ ක‍්‍රීඩාව යොදාගැනීමට තමන් අපේක්‍ෂා කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය.
ලංකාව පුරා ඇති බන්ධනාගාර වල කායවර්ධන පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීම ආරම්භ කරමින් මුල්ම කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය ‘පවර් ෂෙල්’ නමින් මහර බන්ධනාගාරයේ විවෘත කරමින් නිශාන් ධනසිංහ මහතා එසේ පැවසීය.
මහර බන්ධනාගාර අධිකාරී අයි. ටී. උඩුවර සහ එහි සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ‘පවර් වර්ල්ඞ්’ කායික යෝග්‍යතා ආයතනයේ හිමිකරු වන ටල්වොට් අලයිලීමා මහතා විසින් මහර බන්ධනාගාරයේ ‘පවර් ෂෙල්’ කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කොට ඇත.
‘පවර් ෂෙල්’ කායවර්ධන පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස්වරුන් වන ගාමිණි ජයසිංහ සහ තිස්ස ජයසිංහ යන මහත්වරුද සහභාගි වුහ.
විවිධ වැරදි සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතවී සිටින කායවර්ධන පුහුණුවට කැමැති රැඳවියන් පිරිසක් ‘පවර් වර්ල්ඞ්’ කායික යෝග්‍යතා ආයතනයේ කායවර්ධන පුහුණු නිලධාරීයෙකුගේ අධීක්‍ෂණය යටතේ සිය පුහුණුවීම් ආරම්භ කරන ලදී.
‘‘ඇත්තෙන්ම බන්ධනාගාර කියන්නේ වැරදි වැඩ වලට යොමු වු අපේම මිනිසුන් පුනරුත්ථාපනය කරන ස්ථාන මිස දඬුවම් දෙන ස්ථාන නොවේ. බන්ධනාගාරගත වුවන් බන්ධනාගාර තුළදී විවිධ වැරදි සඳහා පෙළඹෙන්නේ එහිදී ඔවුන්ට කිරීමට කිසිම කාර්යයක් නොමැති වු විටදීයි. මේ තත්වය වහාම වෙනස් කිරීමට කාලය පැමිණි තියෙනවා. ඒ අනුව තමයි කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට අවශ්‍ය වුණේ‘‘ යැයි එම උත්සව සභාව ඇමතූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහර බන්ධනාගාරයට කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයක්
කසුන් Wednesday, 20 December 2017 12:49 PM
අනේ ෂෝයි !! පොඩි ගේමක් දීලා ඇතුලට ගිහින් ඇඟත් හදාගෙන එළියට එතහැකි !! අනේ මෙහෙමත් මෝඩ ප්‍රවර්ධන වැඩ සටහන්.
asad Wednesday, 20 December 2017 01:35 PM
ඇත්තටම මට තේරෙන්නේ නැත්තේ කසුන් මෝඩයිද? නැත්තම් හැටිද කියලා. යමක් දිහා ධනවාදීව හිතන්න බැරි නොදියුණු නූගත් මිනිස්සු හින්ද තමයි... තවමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහටම පවතින්නේ.
AsankaWednesday, 20 December 2017 03:05 PM
වැරදි කරලා බන්ධනාගාර ගතවුණු සමහරු ඇඟ හදාගෙනම එළියට ආවම මොකද වෙන්නේ කියල තේරුම් ගන්න බැරි කෙනෙක්ද ඔබ? ධනවාදිව බලනවා කියන්නේ හැම එකටම හොඳයි කියන එක නොවේ. බටහිර ෆිල්ම් වල හිරගෙවල් වල පෙන්නනවා වගේ මේ රටේ ඇඟ හදවන්න කලින් මොවුන් යොදාගෙන කොච්චර ඵලදායි දේවල් කරන්න පුලුවන්ද? ගල් වලකට, ගොවි බිමකට වගේ ශ්‍රමය අවශ්‍ය කොච්චර තැන් තියනවද මේ රටේ?
Sathyayaa Thursday, 21 December 2017 01:29 AM
අසංක ඔබ ඉතාමත් නිවැරදියි. මේක පිටි පස්සේ වෙන කතාවක් තියෙන්න පුළුවන්. දුමින්දට හිරේ ඉඳන් කාය වර්ධනයට ඉඩ සලසා දෙන්න නම්, අනික් හිරකරුවන්ටත් ඒ පහසු කම දෙනවා කියා ප්‍රචාරය කිරීමෙන් මිනිසුන් කිපෙන එක වලක්වා ගන්න පුළුවන් කියා මේ ගොල්ලෝ හිතන වා ඇති. පින්තුරයේ ඉන්න කාය වර්ධනය ට යොදා ගත්ත පුද්ගලයාගේ දෙපා දුටු විට හිතාගන්න පුළුවන් දුමින්ද නිකායේම පුද්ගලයෙක් කියා. දුමින්දලා ඇතුළු දරුණු අපරාධ කරුවන්ට කාය වර්ධනය සඳහා කුඹුරු හාන්නත් ගල්කොරි වල ගල් කඩන්නත් දාන්නම ඕනේ.
asad Thursday, 21 December 2017 04:16 AM
මිනිස්සු කියන්නෙම වැරදි කරන කොටසකට............ඒ වැරදි වලට දඩුවම් දෙන තැනක් නෙවෙයි බන්දනාගාරය කියන්නේ.,ඒ මිනිසුන් පුනරුත්තාපනය කරන තැනක්.ඒ කියන්නේ නැවත සමාජයට මුදා හරින්න සුදුසු පුද්ගලයන් නිර්මාණය කරනවා කියන එක.අසංක වැරදි නැහැ එත් සෑම මිනිසෙකු දිහාම මනුස්සත්වයෙන් බලන්න.
chaninda Wednesday, 20 December 2017 01:52 PM
බරපතල වැඩ, ඔය මිනිස්සුන්ව ගල් වලකට, ගොවි බිමකට යවලා, ඵලදායි වැඩක් ගන්න.
chathuri Wednesday, 20 December 2017 10:44 PM
මෙපමණයි අඩු දැන් පුම්බලා එලියට ගෙනත් ලොකු විනාසයක් කර ගන්නවා , ඒ. වගේම මෙවැනි ව්‍යායාම කරන්න තරම්. පෝෂ්‍යදායි අහාර. වේලක් මොවුන්ට ලැබෙනවද . අඩුම ගානේ දවසට කිරි වීදුරුවක් තව සතියකින් වර්ජනය පටන් ගනියි අපිට කිරි ඕන. කියලා මිට වැඩිය නරකද අසරණ. දුප්පත්. දරුවන්ට. යමක් කෙරුවනම් අපි තවම. දුප්පත් රටක් තේරුමක් ඇති. දෙයක් කරන්න ඕන
Lalith Perera Thursday, 21 December 2017 12:04 AM
මේක හොද දෙයක්.
Nayan Thursday, 21 December 2017 02:30 AM
කඳ හදනවා වෙනුවට ඔළුව හදන්න ක්‍රමයක් හඳුන්වා දුන්නොත් නරකද ?
Danuk asenarath Thursday, 21 December 2017 01:53 PM
තොරතුරු දැනගෙන අදහස් ඉදිරිපත් කලොත් තමා හොඳ .මේවාට දේශපාලනය ගාව ගන්න එපා.දඩුවමට ලක් වු මිනිසුන්ට මානසිකත්වය ගොඩනගා ගන්නට මේක හොඳයි .ඔයාට මේ තත්ත්වය උදා වුනොත් ඔයාට තේරේවි පටු විදිහට හිතන්න එපා.
prasad Thursday, 21 December 2017 11:07 PM
මේ අයගේ කය පුම්බනවට වඩා නොයෙක් කර්මාන්ත වල යෙදීමෙන් ව්‍යායාම ලැබෙයි . ඔලුව හදල නේද සමාජයට වැඩදායක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමාජයට නැවත යනවිට වැරදි නොකරන තත්වෙට වෙනස් කරලා යවන්න. (මේ ජිම් එකට සප්ලයි කොන්ත්‍රාත් කාගෙන්ද?)