(චමිල් රූපසිංහ)
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් වන හාරිස්පත්තුව, කුණ්ඩසාලේ,ගඟවට කෝරළේ ,පූජාපිටිය, සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස හිමියන් 66 කට හා ව්‍යාපාරිකයින් 65 දෙනෙකු වෙත මෙම මුදල ප්‍රදානය කිරිම සිදුවිය.
මේ අතර හානිවූ නිවසක් සඳහා රුපියල් 50000 ක් ද ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් රුපියල් 100,000 ක මුදලක් ද මුලික වශයෙන් ලබා දීමට රජය තීරණය තිබේ.
තක්සේරු කටයුතු සම්පූර්ණයෙන්ම නිමවූ පසු නියම කරන අදාළ වටිනාකම් කඩිනමින් ගෙවීමට රජය සැලසුම් සකස් කර ඇත.
හානි වූ ආගමික ස්ථාන සදහා තම අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 10 මුදලක් ලබා දිය හැකි බවත් ඊට වැඩිවන මුදල් කැබිනට් අනුමැතියක් ලබා ගෙන මුදා හැරිය හැකි බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.
විපතට පත් වූවන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා තම අමාත්‍යාංශයේ කාර්යාලයක් සෑම සදුදා දිනකම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවෘතව තබන බවත් සියලු අයට වන්දි ලබා දීමට රජය ක්‍රියා කර ඇති බවද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
සාලාවෙ මිනිස්සුන්ට කියක් වන්දි දුන්නද? මුස්ලිම් මිනිස්සුන්ට විතරද පාඩු වෙලා තියෙන්නෙ. ඔහොම යන්කො. තව ඡන්දයක් තියයිනේ...
රටක ආණ්ඩුවක් තියෙන්නේ ඒ රටේ මිනිසුන් අතර ඇතිවන හා ඇතිකරන වර්ගවාදී කළකෝලාහල වලින් පසුව විපතට පත් ජනතාවට කඩිනමින් වන්දි ගෙවන්න නොවෙයි. මෙවැනී අපරාධ වෙන එක කල් ඇතිව හදුනාගෙන වැලැක්වීමට කටයුතු කිරීම හා එවැනී අපරාධ සදහා කුමන්ත්‍රනය කරන ආධාර අනුබල දෙන තැනැත්තන් සොයා ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමයි.
ශාලාව අවතැන් වුවන්ට ?
මේක දැන් රටේ සිරිතක් වෙලා. මහජන මුදලින් ගෙවනවා. දේශපාලකයෝ තමන්ගේ අතින් දෙනව වගේ පින්තුරු දාගන ලකුණු දාගන්නවා. මෙහම ගියොත් හැමදාම රට ආපස්සට තමයි.
විලි ලැජ්ජයි, ඇමතියෙක්ගෙ වාහනයකට කොටි 7ක් {ඡන්ද 5000ක් ගත්ත} ඉතිරිය ජනතාවට භාරයි.
සිංහල මිනිස්සුන්ට උපකාරයක් ආවරණයක් දුන්නට දේශපාලන වාසි ගන්නේ කොහෙන්ද ,මෙයාලට සිංහල ඡන්ද විතරයි ඕන, ගඟෙන් වතුර බීල මුහුදට ආවඩනවා.