පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.
ඒ අනුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත වේ.
මෙම කළහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූර්ණය කිරීම, මෙම සිදුවීම් පිටුපස කුමන්ත්‍රණකාරී හස්තයන් ක්‍රියාත්මක වූයේ ද යන්න, අනාගතයේ දී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය හා ඔවුන්ගේ වගවීම ආදී කරුණු පිළිබඳවත් මෙම කමිටුව මගින් විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
අපි යෝජනා කරනවා ... මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පත්කලා නම් සුපිරි .....හොරාගේ අම්මගෙන් පේන අහන්න තිබුන ..!!!
අශ්වයා ගියනිසා දැන් ඉස්තාලය වැහුවොත් හොඳයි.
විකාර... ඊළඟ ඡන්ද රැස්වීමේදී කියන්න කරුණු හොයනවා. ජනාධිපතිතුමා මේ විහිළු දැන්වත් නවත්තලා ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ඨ කරන්න ඕනේ...
පශ්චාත් මරණ පරීක්ෂණ වැඩක් නැහැ. වෙන්න කලින් සියලුම ජාති වාදී කණ්ඩායම් සිංහල, දෙමල, මුස්ලිම් තහනම් කළයුතුයි. මුස්ලිම් මන්ත්‍රී වරුන්ට එක නීතියක්. සිංහලයින්ට එක නීතියක්. දෙමල අයට එක නීතියක්. ඒවා හරි යන්නේ නැහැ. අපි හැමවෙලාවේම දැක්කේ ජාතියක් කෙරෙහි වෙන වෙනම නීති... උද්ඝෝෂණයක් දැක්කත්. එකෙකුට කඳුළු ගෑස් ගහද්දි අනිකාට මල් මාල දානවා.
මේ කමිටුව හරියකට ක්‍රියාත්මක වෙනවද බලන්න කොමිසමකුත් පත් කළානම් හොඳයි.
විමර්ශන කමිටුවක් දාගන්න ඕනෑ සිරිසේන නමැති පුද්ගලයා හැදීමට... මේ කමිටු නිකන් කල්මරන්න කරන වැඩ... හැබැයි මේ ප්‍රශ්න මේ විදියට කල්මරමින් ඇදිඇදී යන්න ඉඩ දුන්නොත් ඉතින් ලංකාව අරාජිකත්වයෙන් අරාජිකත්වයට යෑම වළක්වන්න බෑ.. ඔය නිකන් කයිවාරුකාර අඳෝනාවක් විතරයි වැඩ නෑ. අනික අගමැතිත් ගියා නුවර බලන්න. ඔබතුමා බියගුල්ලෙක් ලෙස රට පැන්නා පණ බයට! ඔබතුමා රටේ දැවැන්ත පක්ෂයක් විනාශ කරලා දැම්මා වගේම තව හිටියොත් රටත් ඉවර කරනවා! කරුණාකරලා සිරිසේන මහත්තයෝ ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කරන්න පුළුවන් මනුස්සයෙකුට දීලා...
ගම්මන්පිල සහ විමල් ඇතුළු පිරිසට දෙන්න.. එළකිරි වගේ සොයලා දෙයි... ගොඩම තමයි.
මොකටද කමිටු .... නාවලපිටිය..... පැත්තට ගියානම් සුළු දෙයක්
වැඩේ වහල දාන්න කරන්න පුළුවන් හොඳම පිළියම ඕක තමයි. කියන්න බලන්න ඔය එක කොමිසමකින් වත් උන වැඩක්. ඔය සල්ලි වලින් ඔය කැඩිච්ච ගෙවල්, පල්ලි ටික හදල දුන්න නම් ඊට වඩා හොඳයි.
ඊලග ජනදිපතිවරණයේදී අපි කමිටුවක් පත්කර ගනිමු . එක පහසුයි සැරෙන් සැරේට කමිටු පත්කරනවට වඩා.
"අට වෙනිදා රාත්‍රී 12ට අපි ගුවන්තොටුපල සහ වරාය වල ගේට්ටු සේරම ඉබ්බෝ දාල යතුල්ලනවා. කිසිම හොරෙකුට පනින්න ඉඩ තියන්නේ නෑ" කියලයි එදා කිව්වේ. එදා මෙදා තුර ඔය කතාව කී වතාවක් නම් දෙසා බෑවද? නමුත් කටින් බතල හිටවන අතරේ හැම බඩ කඩිත්තුවකටම විශේෂ පරීක්ෂණ කොමිටි, විශේෂ අධිකරණ ආදිය පත්කර කර කාලය නාස්ති කළා මිස කරපු කෙහෙල් මලක් පෙනෙන්නට නම් නැත. බලයට පත්කළ කට්ටිය දැන් "පතෝල බණ්ඩක්කා" කතා කියන්නට පටන්ගෙන ඇත. දූෂිතයින්ට දඬුවම් දීම දින නියමයක් නොමැතිව කල් අරින වැඩෙන් ඇස් පනාපිට පෙන්නුම් කරන ආකාරයට දැනට ක්‍රියාත්මක ඩීල් වලට අනුකූලව තව අවුරුද්දක් යනකොට "මම මේ තනතුරේ හිටියා දැන් හොඳටෝම ඇති" කියල විශේෂ ප්‍රකාශයක් කර පක්ෂයේ සභාපතිකම පරණ කෙනාටම පුජා කරල පණකෙන්ද බේරාගෙන පැත්තකට වෙලා ඉන්න තමා මේ හොර ගල් අහුලන අතරතුරේ පහුරු ගගා කල් මරන්නේ කියලයි හන්දියේ කට්ටිය කතා බස්වෙන්නේ.
කොහොම හරි කලබල ඇති කරලා රනිල්ගේ විශ්වාස භංගයත් ඉවරයි. ඕනෑ විදියට හදිසි නීතියදාලා ද්‍රෝහී පනත් බොරු කියමින් කඩි මුඩියේ සම්මත කර ගත්තා. රනිල්ගේ මහබැංකු හොරකමත් යට ගහනවා. වෙන දිසාවකට ජනතාව යොමු කරනවා. ඒ වගේම අන් අයට ඇඟිල්ල දිගු කරමින් සිටින බවත් පේනවා. මේවාට ජඩපාලකයින් වග කිව යුතුය.
විමර්ශන කමිටු වාර්තාව ජනතාවට දැනගැනීමට ප්‍රසිද්ධ කරන්න. එසේම එහි අඩංගු වැදගත් යෝජනා ඔබතුමාගේ ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාවට එකතු කරන්න.
හොඳයි, ඔබතුමාට ටොයිලට් එකට යන්න පරක්කු වෙනවා නම් එ්කටත් කොමිසමක් පත් කරන්න. ඔය ජනාධිපතිකම කොන්ද පණ තියෙන කෙනෙකුට දීලා නම්බුකාර පිටින් ගෙදර ගියොත් නේද හොඳ.. අපේ රටට වෙච්ච දේ...
උගත්කමක් බුද්ධිමත්කමක් තියා මූලික හැදියාවක්වත් නැහැ කියලා මූන බලපුවාම තේරෙනව. හැසිරීමෙන් ඒක තහවුරු වෙනවා.
අතිගරු ජනාධිපති තුමනි,රටක ජනාධිපති වරයෙක්ව විවේචනය කල හැකිය.හෙළා දැකිය නොහැකිය.මා මෙහිදී කරනුයේ විවේචනයකි.එය රටත් ජනතාවත් කෙරෙහි සද් භාවයෙනි. එදා සියලු කලබල සිසුවෙද්දීත් මේ රටේ නායකයා ඔබතුමාය.වෙන කවුරුවත් නොවේ.කළට වේළාවට නිසි තීන්දු තීරණ ගත්තා නම් මේවා මෙසේ වෙන්නේ නැත.අඩුම තරමේ රස පරීක්ෂක වාර්තාව වත් නිසි වෙලාවට ලැබුණාද?මේවා සදහා ඉක්මනින් පරීක්ෂණ පවත්වා සත්ත්‍ය ජනතාවට ලබා නොදුනහොත් ජනතාව නීතිය අතට ගන්නා බව දෙස් විදෙස් පළපුරුදු මාද්‍යකරුවෙකු වන මා පවසා සිටියා.ඒවා ඔබතුමාගේ උපදේශක වරුන් හෝ මාද්‍ය අංශ හෝ ගණන් ගන්න නැතුව ඇති.මෙවැනි දේ වලින්ම ජනතාව සත්‍ය තේරුම් ගන්නවා. පෙර සිටි සමහර රජවරු වෙස්වලාගෙන ගොස් තමන්ම සත්ත්‍ය දැන ගත්තා.එවැනි රජවරුන්ට මුසා පවසා වාසි ගන්න පුරෝහිතයන්ටද නොහැකි උනා. රජතුමාටද ජනප්‍රසාදය ලැබුනා.
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වහල වැඩක් නැහැ, ඔබ එතාම දුර්වල ජනාධිපති කෙනෙකි.