තරිඳු ජයවර්ධන
මහනුවර ප්‍රදේශයේ පසුගිය හතර වැනි දා රාත්‍රියේ සිට ඇතිවූ කළහකාරී සිද්ධිවලින් සිදුවූ අලාභ හානි සම්බන්ධයෙන් තවමත් පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිසිය කියයි. ඒ දිනවල ඇඳිරිනීතිය සහ බිය නිසා ඇතැමුන් පැමිණිලි දැමීමට පැමිණ නැතැයි ද පොලිස් ආරංචි පවසයි.
අද වන විට ඒ අනුව නිවාස සහ වෙළඳසල් වලට අලාභහානි වීම සම්බන්ධයෙන් පැමිණිලි 470ක් ලැබී ඇතැයි ද, ඒවා මහනුවර පොලිස් කොට්ඨාසයෙන් 446ක් සහ වෙනත් ප්‍රදේශවලින් 24ක් වශයෙන් බව ද පොලිසිය පවසයි.
පූජනීය ස්ථානවලට අලාභ හානි වීමේ සිදුවීම් 24ක් වාර්තා වූ බවත්, ඉන් 19ක් මහනුවර කොට්ඨාසයේ බවත්, ඉතිරි පහ වෙනත් කොට්ඨාසවල බවත් පොලිසිය කියයි.
වාහනවලට අලාභ හානි කිරීමේ සිදුවීම් 60ක් නුවර පොලිස් කොට්ඨාසයෙන් ද තවත් සිදුවීම් පහක් වෙනත් ප්‍රදේශවලින් ද මේ වන විට වාර්තා වී තිබේ.
කළහකාරී සිදුවීම්වලින් 28 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් 22 කු මහනුවර කොට්ඨාසයෙන් ද හය දෙනකු වෙනත් ප්‍රදේශවලින් ද වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම කළහකාරී ස්දධි සම්බන්ධයෙන් නුවර ප්‍රදේශයෙන් 194 දෙනෙක් ද, වෙනත් ප්‍රදේශවලින් 105 දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 299ක් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ. වහලයට වඳුරෝ පැනලා කරපු අලාභ වලටත් රජය වන්දි ගෙවයි.