(තරිඳු ජයවර්ධන)
හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද සවස හතරේ සිට හෙට සවස හතර වන තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයට අදාලව තවත් පැය 24ක් ඉදිරියට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇත.
පොලිසිය මහනුවරට මුල් වරට ඇඳිරි නීතිවය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය සඳුදාය. ඇඳිරිනීතිය මධ්‍යයේද අද සවස්වනතුරුම යම් යම් සිදුවීම් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ ඉන්න නරුම මෝඩයින්ට අවුරුදු උදාව වගේ සතුටක්... හදවත්වලට දැනෙද්දී ඇඳිරිනීතිය දැම්මාම ඒ සතුට තවත් දෙගුණ, තෙගුණ වෙලා වගේ හැඟෙනවා ඇති නේද? එ්ත්, මහනුවර වෙසෙන, සාමකාමී හදවත් ඇති ජනතාවට සිදුවෙන අපහසුතාවය ගැන කණගාටුයි. අපි නම් පහුගිය ටිකේ නරි හූ තදින් ඇහෙද්දීම හිතුවා, ඒ අයගේ අවුරුද්ද ළඟදීම ඒවි කියලා.
සිංහලයාගේ සිත්වලට ඇඳිරිනීතිය දාන්න බැහැනේ..