IMG-LOGO

මහේන්ද්‍රන්ගෙන් හරස් ප්‍රශ්න අහන්න කල් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම සඳහා වෙනත් අයගේ සාක්කි සහ ලේඛණ අධ්‍යනය කිරීමට කල් ලබා දෙන ලෙස බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද  (20) කොමිසමෙන් ඉල්ලා සිටියේය.
 
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ සාක්කි මෙහෙයවා අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේය.
 
 අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කොමිසම අමතමින් එම ඉල්ලීමට අවසරදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද ලබන සතිය පුරා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන නඩුවකට පෙනී සිටින නිසා එම සතියේදී තමන්ට මෙම කොමිසමේ පෙනී සිටීමේ හැකියාවක් නැතැයි කීය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම හෙට (22) දක්වාද කොමිසමේ ඉතිරි සාක්කි විමසීම ලබන මස 02 වැනිදා දක්වාද කල් තැබුවේය.



අදහස් (3)

මහේන්ද්‍රන්ගෙන් හරස් ප්‍රශ්න අහන්න කල් ඉල්ලයි

සමන් - ඕමානය Wednesday, 20 September 2017 02:25 PM

ඕනෑ තරම් කල් අරන් අරඹ‍න්න පුතේ, උක් දණ්ඩ මිරිකනවා වගේ, ඔක්කොම පැණි බේරෙන්න. ඇත්ත දැනගන්න අපි කන්දෙක උල් කරගෙන බලාගෙන ඉන්නවා. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.

:       0       106

RaveendraWednesday, 20 September 2017 03:02 PM

සමන් - ඕමානය මයා වෙත, ඔබගේ අදහසට අපද ගරු කරන්නෙමු. අප කුඩා අවදියේ අපගේ පාසල් ගුරුතුමිය කියාදුන් වැදගත්වූ සහ ඉතාම ප්‍රයෝගිකවූත් ඔවදනක් සඳහන් කිරිමෙට කැමැත්තෙමු. පුතේ, දුවේ මෙලොව මොනම තනතුරකටවත් කිසිදවසක නිර්දේශ කල නොහැක.

:       0       30

Chanak Los sngeles Thursday, 21 September 2017 12:43 AM

මේ හොරකම රටට හෙළිකර පුද්ගලයා දේශයේ වීරයෙක් වශයෙන් ඉතිහාස ගත විය යුතුයි .

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 143 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site