(මනෝප්‍රිය ගුණසේකර )
කොළඹ මහාධිකරණයේ විනිසුරුවරු හත් දෙනාගෙන් හය දෙනකුම විනිසුරුවරුන්ගේ වැඩමුළුවකට සහභාගී වීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ .ඒ. ආර් හෙයියන්තුඩුව මහතා අධිකරණ හතේම නඩු කටයුතු ආවරණය කිරීම අද (28) සිදු කළේය.
මහාධිකරණ විනිසුරුවරයා එකින් එක උසාවියට ගොස් නඩු කටයුතු විමසා නඩුකල් දැමු අතර මහාධිකරණ විනිසුරුවරයකු අධිකරණ හතකට වෙන වෙනම ගොස් වැඩ බැලු ප්‍රථම අවස්ථාවෙ මෙය වේ.
COMMENTS
මෙතුමාත් වැඩමුළුවට සහභාගී වුනානම් නඩුවලට පැමිණි අයට රස්තියාදු නොවී උදෙන්ම ආපහු හැරිලා යන්න තිබුණ. හැබැයි ඉතින් ලෝයර්ලගේ පැත්තෙන් නම් කල්ලමරේ .
අධිකරණය මගින් සාමාන්‍යයෙන් එක් නඩුවකට අදාලව කැඳවීම් කර ඊලඟ නඩු වාරය දෙන්නේ මාස 5-6 ක් ඉදිරි දිනකි. එනම් පසුගිය නඩු වාරයේ සිට මාස 6 කට පසුව නඩුව සඳහා පැමිණි පුද්ගලයෙකුගේ කිසිදු සාක්ෂි විමසීමකින් තොරව තවත් මාස 5-6 ඉදිරියට නඩු දිනය තීන්දු වේ..එනම් අවසාන සාක්ෂි විමසීමෙන් පසුව නඩුව නැවත සාක්ෂි විමසන්නේ වසරක පමණ කාලයකට පසුයි...කල් තබන නඩු වාරයට ද නීතිඥ ගාස්තු ගෙවීම සිදු කරයි.
රටේ නඩු දහස් ගණන් ගොඩ ගැසි තියෙන වෙලාවක විනිසුරුවරුන් වැඩමුළු සාකාච්ජා සම්මන්ත්‍රණ පවත්වමින් කාලය නාස්තී කීරීම සාධාරණද ? අධිකරණ සේවා කොමිසන්සභාව හා අධිකරණ අමාතයාංශය නිදිද ?
නඩු හබ වලින් දිනන්නේ කලුපාට ඇඳුම් අඳින උදවිය