IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක්

(මනෝප්‍රිය ගුණසේකර)


ව්‍යවස්ථාදායක සභාව විසින් අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කළ අනුපාතය හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ පුද්ගලයින්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව මහාධිකරණ විනිසුරුවරුන්ගේ මහසභාරැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත.


මහාධිකරණ විනිසුරු සංගමයේ සභාපති විකුම් කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති මෙම මහසභා රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳව සභාපතිවරයාව හා ව්‍යවස්ථාදායක සභාවට පැමිණිලි කිරීමටද වැඩිදුරටත් තීරණය කළේය. 


පසුගිය කාලයේදී අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේදී එක් මහාධිකරණ විනිසුරුවරයෙකුට, පිටස්තර ක්ෂේත්‍රයකින් එක් පුද්ගලයකු බැගින් (1:1 අනුපාතයට) පත්කළද, එය අප රට තුළ කාලයක් පුරාවට පැවැති 3:1 අනුපාතය යන සම්ප්‍රදායටම අනුව ඉදිරියේදී අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලීම් සිදුකර ඇත.



අදහස් (1)

මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක්

රාජේශ් ඛන්නා Saturday, 28 April 2018 10:18 PM

සාමාන්‍ය මහජනයා ලෙස අපට ඔය අනුපාතවලින් වැඩක් වේද කියලා දැනෙන්නේ නැහැ. එ්ත් මේ උගත් මිත්‍රයන් අතර කතා නොකෙරෙන, නොදැනෙන, නොපෙනෙන අසාධාරණයක් තියෙනවා. දැනෙන හේතුවක් නොමැතිවම අවුරුදු 15, 20 ඇදෙන නඩු ඉහටත් උඩින්. සමහර සාක්ෂි කාරයෝ ජීවතුන් අතරත් නැහැ. සමහර සාක්ෂි කාරයෝ දැන් තරහවෙලා. දුන්නොත් දෙන්නේ විරුද්ධ පාර්ශවයට වාසි විදියට. පන ඇති දේවල් පමණක් නොවෙයි, නඩුවලට හේතු වූ සමහර ගොඩනැගිලි වගේ දේවල් දැන් කඩා වැටෙන්නත් ලඟයි. මේ විදිහට අවසානයේ ලැබෙන තරාදියේ තීන්දුව සාධාරණද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරද? සමහර රටවල සියලුම නඩු සුමානයක් දෙකක් ඇතුළත අහලා තීන්දු දෙනවා. මේ රටේ එහෙම නොවෙන්නේ ඇයි. 3 න් 1 ද, 3 න් 3 ද ගැන කාලෙ කන්නේ නැතුව බැරිද අදම රැස්වෙලා මෙයට තිරසාර විසඳුමක් දෙන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site