IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට

බිඟුන් මේනක ගමගේ 
 
 
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත.
 
 
මහාචාර්ය සමරජීව මහතා සභාපති ධූරයට පත්කර ඇත්තේ එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරමිනි. 
 
 
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ඉක්ටා ආයතනය පිහිටු වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව මහතා එමගින් ක්‍රියාත්මක වූ ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙල් මූලික සැලසුම් සකස් කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් කළේය. 
 
 
මහාචාර්ය සමරජීව මහතා විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.
 
නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය ICTA පිළිබඳ විශේෂඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත වේ. 
 
අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැනට ක්‍රියාත්මක කරගෙන යමින් තිබෙන ව්‍යාපෘති හා ආයතනයේ වත්මන් ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ පසු විපරමක් කිරීම මූලිකව ආරම්භ කළ බව මහාචාර්ය සමරජීව මහතා පැවැසීය.
 
 
දැනට ක්‍රියාත්මක කරමින් සිටින සියලූම ව්‍යාපෘති මඟින් රාජ්‍ය අංශයේ ඵලදායීතාව, ආර්ථික සංවර්ධනය හා සමාජීය ඒකාබද්ධතාවය සඳහා දායක වන ඩිජිටල් ව්‍යපෘති ප්‍රමුඛතා සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (5)

මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට

රවින් Tuesday, 17 April 2018 12:18 PM

කලකින් ඇහුවේ සුදුස්සෙක් සුදුසු තැනකට පත්කළාය කියලයි.

:       0       0

DJ Tuesday, 17 April 2018 05:53 PM

හොඳයි

:       0       0

sachith Wednesday, 18 April 2018 03:13 AM

අයි.සී.ටී.ඒ. කියන්නේ තනිකරම සුදු අලියෙක්. මෙයාලා කරනවා කියල කෑගහන ඒවායින් 10% ත් කරන්නේ නෑ. රටේ සල්ලි කෝටි ගානක් කාබාසිනියා කරගෙන ඉන්නවා.

:       0       0

සෙනෙවි Wednesday, 18 April 2018 05:29 AM

මොහු යෝජිත මරඋගුල් එට්කා ගිවිසුමට කඩේ යන කෙනෙක්. දැන් ඒ වැඩේ පහසුවෙයි.

:       0       20

Ranjith Wednesday, 18 April 2018 09:17 AM

මහැදුරුතුමනි, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවය සහ පළාත් රාජ්‍ය තොරතුරු තාක්ෂණ සේවාවන් සවිමත් කර රාජ්‍ය සේවය නගා සිටුවීමට කටයුතු කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site