ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය නිසා කිසියම් ආකාරයකින් මහජනතාවට බාධාවූවා නම් ඒ ගැන සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
ඒ මහතා මේ බව කියනුයේ ඔහුගේ නිල ට්විටර් ගිනුමේ පණිවිඩයක් සටහන් කරමිනි.
‘මේ රටේ කොපමණ ජනතාවකට වෙනසක් අවශ්‍යද කියා ඇත්තටම ආණ්ඩුවට පෙන්වන්න වෙන විකල්පයක් තිබුණේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ගේ නායකයන් තේරා ගැනීමට ඇති අයිතිය තහවුරු කරන තුරු අපේ සටන කරගෙන යනවා.‘
රජයේ බියගැන්වීම් තිබියදීත් විරෝධය දැක්වීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගී වීමට කාලය වෙන් කළ සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ ආණ්ඩුව ගෙදර යැවීමේ උත්සාහයේ පළමු පියවර තිබ්බේ ඔබයි. යහපත් රටක් උදෙසා දිගටම අරගල කරමු.‘‘

COMMENTS
එතකොට රටේ සම්පත් මුදල් දේපොළ හොරකම් කලාට සමාව ගන්නේ කවද්ද
නා මල පරවෙයි.....
සමාව ඉල්ලලා මහත්මයෙක් වෙන්න හැදුවට ප්‍රමාද වැඩියි, ජනබලේට ආපු, රෑ බිල බිල මහපාරේ වැටිලා හිටපු අයම උදේ සංවිධායකයින්ට බැණ බැණ ගිය හැටි අපි දැක්කා.
බීලා වැඩිවෙලා රෝහල්ගත කරපු උදවිය වෙනුවෙනුත් කවුරු හරි සමාව ඉල්ලුවානම් හොඳයි .
සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූ වා නම්........ සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම්
ගොන් කතා නොකිය හිටියනං හොදයි වගේ.
දැන්වත් ඔය තොවිල සති අන්තයක කර ගන්නවද? අපිට නම් ඔය එක එකාගේ විකාර දැන් ඇති වෙලා තියෙන්නේ.
කොපමණ ජනතාවකට වෙනසක් අවශ්‍යද කියල අපූරුවට පෙන්නුවා අරලියගහ මන්දිරය වටලන්නවත් ප්‍රමාණවත් ජනතාවක් නැතුව. ඔයාලගෙ කාලෙනම් බියවැද්දීම තිබුණ. ඒත් අපිනම් දැක්කෙ නැහැ රජය කවුරුවත් බිය වද්දනවා. අනේ මෙහෙම බොරු කියා කිය එන්නෙ රටට ආදරේට නේද?
තව සමාවත් ඉල්ලනවා.
මේ ඔය අඬවැඩියාව නිසා අපේ කන්වලට නිවනක් නැහැ .
අනේ මේ මහජන නියෝජිතයා බොරු බයිලා "රචනා" කියවනවා නේද ??
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ , මාලිගාව ඉස්සරහ පාරවල් වහලා කාර් රේස් තියපු මිනිස්සු.
සමාව ඉල්ලුවට මහත්තයෙක් වෙන්න බැහැ........
ආනේ මහා ජනතාවට ටුවිටර් නෑ කියල මෙයා දන්නේ නැද්ද? ටුවිටර් තියා දුරකතනයක් නැති අය කොච්චරද.
අනේ නාමල් බේබි. රටේ බහුතරයක් ඔයාගේ තාත්තව ගෙදර යැව්වේ ඔයාලගේ වැඩ නිසයි. දැනුත් ඒ මනුස්සයාට ඉන්න නැත්තේ ඔයාලා වගේ වටේ ඉන්න අය නිසයි.
මේ වසර එක හමාරත් ඔය පිස්සු නට නටා ඉමු නේද. ඇත්තටම වැඩකට ඇති දෙයක් කලානම් ගොඩක් වටිනවා. මිනිසුන්ට ආර්ථික අපහසුකම් අහස උසට. මොනවා කරන්නද පුරුවේ කල පවට.
ඒ කාලයේ නීති විභාග පවත්තපු හැටි මතක් වෙනකොට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.
මුළු රටම ඔබව ප්‍රතිෂේප කරලා ඉවරයි. ඔබට දේශපල අනානගතයක් නැහැ. ඒ බව දන්නා ඔබගේ පියා වලිකන්නේ නාමල් බේබිට හෙටක් හදලා දෙන්න. ඒක ඔය පෙළපාලි යන ගොඩදෙනකුට තේරෙන්නේ නැහැ.
දැන් මෙයාද පක්ෂයේ ලොක්කා ? අපි දැනගෙන හිටියේ නැහැනේ ? අපි හිතුවේ හෝඩියේ පංතියේ විවිධ ප්‍රසංගයක් කියලා .
ඔබ තුමා වැනි නායකයින් තමා අද රටට අවශ්‍ය. අපි දන්නවා ඔබ තමා දවසක මේ රටේ ජනාධිපති. එහෙම ස්ථානයකට එන්න සිටින ඔබ සත්‍යවශයෙන්ම නොවුන වැරැද්දකටත් සමාව ගන්නවා යනු ඉතා හොද මහත්මා ගතියකි. කවුරු මොනවා කීවත්, අපි ඔබ තුමා සමගයි. ඔබට සුභ පතමි.!
අනේ කිසිම පීඩාවක් නැහැ. පොඩි දරුවෙක් කන ලඟින් කෙඳිරි ගානවා වගේ ඇහුනා .
මෙයා ඒ කාලෙ මාලිගාව ඉස්සරහ රේස් පෙදලත් සමාව ඉල්ලුවද? මට මතක නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණ තියන්න ව්‍යවස්ථාවෙන් දන්වා තිබෙන්නේ අවුරුදු පහෙන් පහට නේද? පසුගිය මැතිවරණය පවත්වා අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ 2020 නේද? ව්‍යවස්තාව වෙනස්කරමුද අවුරුදු දෙකෙන් දෙකට මැතිවරණ පවත්වන්න?
සමාව ඉල්ලන ගමන්ම කියනවා මහනුවරටත් ඔය සෙනඟම යනවා කියලා. මොන ජීවිතයක්ද මේක?
අපිටත් සමාවෙන්න. මේ කෝලම් අහනවා බලනවට.