විනීතා එම් ගමගේ
මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි.
මෙම පැමිණිලි අතරින් වැඩි ප‍්‍රමාණයක් ලැබි ඇත්තේ දරුවන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන්ය එවැනි පැමිණිලි 2037ක් ලැබි ඇති බව අධිකාරිය පවසයි.
අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදිම සම්බන්ධ පැමිණිලි 1298 ක් ද වාර්තා වි ඇතැයි පවසන ලමා ආරක්ෂක අධිකාරිය ළමුන් නොසලකා හැරීම පිලිබඳව පැමිණිලි 358 ක් වාර්තා වී ඇතැයි ද කියයි.
ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481 ක් හා බරපතල ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 284 ක් ද ස්ත‍්‍රී දුෂන පිළිබඳ පැමිණිලි 322 ක් ද මෙම පැමිණිලි අතර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කළේය.
වැඩිපුරම පැමිණිලි එනම් පැමිණිලි 1232ක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බවත් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පැමිණිලි 925 ක් වාර්තා වු අතර කුරුණෑගලින් පැමිණිලි 647 ක් ලැබී ඇති බව ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දත්ත අනුව පෙනී යන්නේ ලෝකයේ වැඩිම අසහන කාරයෝ ඉන්නේ පෙරදිග ලෝකයේ මුතු ඇටයක්වු නිර්මල බුදුදහම පවතින, හන්දි ගානේ බෝගස් තිබෙන සහ ඒවාට පූජා පවත්වන ලංකාවේ බවයි.
අවුරුදු 2500 කට වැඩි කාලයක් තිස්සේ බණ කිවුවත් එයින් පලක් සිදු වී නැත. තව තව බණ කිවුවත් පලක් නැත. බණ කියන්නන් මිස පිළිපදින්නන් කවුරුවත් නැති බැවිනි. ධර්මද්වීපයේ හැටි එහෙමයි!
මෙවැනි බරපතල අකටයුතුකම් ගැන කටයුතු සොයා බලන්න වෙනම අධිකරණ පිහිටුවීමත්, දක්ෂ නීතීඥයින් බඳවා ගත යුතුයි. ළමයින්ගේ අයිතීන් රැකීමට ඉන්නේ ඇතැම්විට පොලිස් නිලධාරියෙක් පමණි.
හැම රටකම ළමා අපචාර සිදු වෙනවා. ලංකාවට වඩා එය සිදුවෙන රටවල් තියෙනවා. ඉතාලියේ ගොඩක් පල්ලි බංකොලොත් වුනේ ළමා අපචාර නිසා. බණ දේශනා කරන අය නෙවෙයි වග කියන්න ඕනෑ මේ තත්වයට, බණ අහන අයයි. අදහස් දාන කොට තමන්ගේ කුහකත්වය වෛරය මුසු කරන්න එපා.
රටකට මොනවගේ සමෘද්ධියක් ඇතිකළත් වැඩෙක් නැහැ .. අපි අපේ අනාගත පරපුර ආරක්ෂා කරගත්තේ නැත්තම්. මේ වගේ නිශ්ප්‍රයෝජනයට ලක්වෙන දරු / දැරියන් අනිවාර්යෙන්ම මානසික රෝගීන් බවට පත්වෙනවා . බාල වයස්කාරයන් දුෂණය අපේ බෞද්ධ රටේ සමාජ සංස්කෘතියක් නොවිය යුතුයි .
මල් වත්තක මල් ලස්සනට පිපෙන්න කලින් නොතැලුන පොහොට්ටු හැටියටයි අපි දකින්නේ. ඒ පොහොට්ටු බාධාවකින් තොරව වැඩුනොත් එහි වාසිය තියෙන්නේ උද්‍යානයටයි උද්‍යානය බලන්න එන අමුත්තන්ටයි. රටක දරු දැරියන්ද ඒ වගේමයි. ලස්සනට පිපුන මල සුවඳවත්ව පරිසරය ඔපවත් කරන විට ඒ සුවඳින් මුළු පරිසරයම බැබලෙන්නා සේම හොඳින් වැඩුන දරුවන් ජාතියම සුවඳවත් කරනවා. වැඩිහිටියන් අතින් මේ කෙලෙසෙන්නේ රට රකින්න ඉන්න අනාගත පරපුර බව මෙනෙහි කරන්නේ නම් රටට එය මොන තරම් ආශීර්වාදයක්ද?
වැඩිපුරම පැමිණිලි එනම් පැමිණිලි 1232ක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බව කියනවා. මම දන්නා මධ්‍යම පාන්තික පවුල් වල දරුවන් නිවස තුලදිම තම දෙමව්පියන්ගේන්ම හිංසනයට ලක් වෙනවා.හොදයි කියලා හිතන පවුල් වල සමහර අම්මලා තම වයස 6-7 දරුවට නොදැනිම පුදුමාකාර වදයක් දෙනවා. පාසැල් ගොස් නිවසට එන කුඩා දරුවට පැයක් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ආ ගනන් පොත්. දැන් පාඩම් කරන්න කියනවා. එසේත් ගෙදර බලු ලැටියා හුරතල් කරන්න තත්පරයක් දරුවට දෙන්නේ නැහැ අම්මා කැමති පොෂ් පන්ති වලට නොදරුවා ඇදගෙන යනවා. මානසික ව්‍යාධි තියෙන අම්මලා ඉන්නවා. මේ අය රැකියාවේ පිඩනය සැමියාගේ පිඩන සේරම යවන්නේ නිවසේ සිටින නොදරුවන් පිටින්. මා දන්නා එක් මවක් සිටිනවා දරුවාගේ නිවාඩු කාලේ පටන් ගත් දිනයෙවත් දරුවට පොත් අතට ගන්නේ නැතුව ඉන්න දෙන්නේ නැහැ. ඇය නිවසේ සිටන සෑම වෙලාවේම කරන්නේම විෂය කරුන කටපාඩම් කරවන එකමයි කරන්නේ. මේ නිසා කුඩා දරුවන්ට අනවශ්‍ය පිඩනයක් නොදෙන ලෙස පාසැල් මට්ටමින් අම්මලාව නිරතුරුවම දැනුවත් කරන සම්මන්ත්‍රණ පටන් ගන්න. මේවා රූපවාහිනී වල කිව්වට ඒ අම්මලා බලන්නේ නැහැ. වැඩට යනවා....ගෙදර ඇවිත් දරුව අරන් පන්ති දුවන එක විතරයි මේ අය කරන්නේ.
බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේ දන්නා නීති හදන්න ඕන.
කියන්න කනගාටුයි අපේ රටේ බොහෝ පුංචි පන්ති වල ගුරුවරියිනට පවා ළමා මනස ගැන ළමා අයිතිවාසිකම් ගැන නිසි අවබෝධයක් නැහැ. එයාලත් කරන්නේ දරුවගේ අම්මට කියනවා දරුවා හොදයි තව මහන්සි වුනොත් තවත් හොද වෙයි. දරුවා දුර්වලයි. කව උනන්දු කරන්න කියන වචන ටික විතරයි. ඉතිං මෝඩ සමහර අම්මලා දරුවට වද දෙනවා. නිදියන්න දෙන්නේ නැහැ. සෙල්ලමක් කරන්න දෙන්නේ නැහැ පන්තිම එක්කකන් යනවා. ගහනවා. ලොකු අයට බනනවා වගේ තම දරුවට බනිනවා පාඩම් කරන්න කියලා. ලකුණු 90 ගන්න දරුවටත් කියන්නේ ලබන පාර 95 ක් ගන්න ඕනේ. අරයට වඩා ලකුණු ඕනෙ කියලා. මුලින්ම ගුරුවරු දැනුවත් කරන්න. ඉන්පසු ඔවුන් හරහා කුඩා පන්ති වල දරුවන් සිටින අම්මලා දැනුවත් කරන්න. දරුවට අධික පිඩනයක් දෙන්න එපා. බනින්න ගහන්න එපා පවුල් ප්‍රශ්න දරුවන්ගේ කරපිටින් යවනන් එපා කින එක ගැන.
සමහර කොළඹ දරුවන් එයාලගේ මෝඩ අහංකාර දරදඩු අම්මලා ගාව හැදෙනවට වැඩියි හොස්ටල් එක්ක හැදෙනවා නම් හොදයි. අඩුගානේ දරුවා කනක් ඇහිලා ඉන්නවා. අපේ දරුවො ගන්න පාසැල ගාව ඉන්නකොට නානාප්‍රකාර එකඑක රැකියා කරන අම්මලා හමුවෙනවා. හරිම කනගාටුයි සමහර අය හිතන්නේ හරි හොඳ අම්මලා කියලා.නමුත් දරුවන්ට නොදැන මානසික වද දෙන අම්මලා එමටයි.
මගේ අද්දැකිම අනුව කොළඹ නොදරුවො තමන්ගේම අම්මලා අතින් මාසනසිකව පිඩාවට පත්වෙනවා. ගම්වල නොදරුවෝ පිට අය අතින් සහ ගෙදරම අය අතින් ශාරිරික පිඩා වලට ලක්වෙනවා. මේ දෙකම ඉතාම බරපතලයි. නමුත් අවාසනාවට අවධානය යොමු වන්නේ ශාරිරික පිඩාවට ලක්වෙන නොදරුවො ගැන විතරයි. සමාජයට නොපෙනි තමන්ගේම මව නිසා හිරකාරයින් වෙලා කදුලු සලන නොදරුවෝ කොළඹ දිස්ත්‍රික්කයේ සිටිනවා. එ්කට මේ සමීක්ෂණය සාක්ෂි දරනවා වැඩිම පැමිණිලි කොළඹින්...........