මාස 10කට අධික කාලයක් පුරා පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය පන්ති වර්ජනය අවසන් කර සඳුදා සිට යළි දේශනවලට යෑමට තීරණය කර ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකාකාරී කමිටුවේ ආරංචි මාර්ග කියයි.
රාගම වෛද්‍ය පීඨයෙන් පන්ති වර්ජනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේය. ඒ අනුව මාස 10ක පමණ කාලයක් පන්ති වර්ජනය ක්‍රියාත්මක විය.
හෙට කොළඹ කොටුවේදී විශේෂ රැලියක් පවත්වා කොටුවේ ඉදි කර ඇති අට්ටාලය ඉවත් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීවේය.
කෙසේ වෙතත් මෙම තීන්දුව ගැන සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ සිටි කිහිප දෙනකු අතර මත බේද ඇති වී තිබෙන බව ද දැනගන්නට ඇත. සයිටම් ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට සහ එහි දැනට සිටින සිසුන්ට සාධාරණයක් කිරීමට රජය එකඟ වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි. නමුත් සිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ ඔවුන් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගෙනදැයි යන්න ගැන තීරණයක් නැත. අවසන් තීරණයක් නැතිව මෙවැනි තීරණයකට එළඹීම වැරදි බව සයිටම් සටනේ ඉදිරිපෙළ සාමාජිකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන්ගේ ජාතික දිනය නොවැම්බර් 8 වෙනිදාට යෙදී ඇත්තයි කියන්නේ ඇත්තද? බල්ලන්ට අද මාර ජොලි දවසක් ඕයි
රජයේ වෛද්‍ය පීට සිසුන් තම එ්කාදිකාරිය රැක ගැනීම වෙනුවෙන් පන්ති වර්ජනය කර සියලු සිසුන්ගේ අද්‍යාපනය වසරකින් පස්සට තල්ලු කරයි හෙට සිට පුද්ගලික පාසල් සිසුන් තමන්ට වෛද්‍ය අධ්‍යාපනය සිය රට තුලදී ලබාගැනීමට අවස්ථාව ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට සුදානම් වෙයි එතකොට ආයිත් පන්ති වර්ජනය කරනවද ??????
අනේ හොදයි. අපිට පාරේනිදහසේ යන්න පුලුවන්.
සාදු සාදු!
ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ.. දැන් වත් මේ ප්‍රශ්නෙ විසදුනා නම් එච්චරයි.. සයිටම් එකේ 84ක් නිසා අසරණ ලමයි 8000කගෙ කාලෙ විනාස වුනා.. දේශපාලන ඩීල් තියන අය තමා මේ විසදුම පිලිගන්නත් අකමැති.. අන්තරේ, ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුලු සැමට සුභ පතනවා..මේ පුවත ගෙන ඒම සම්බන්ධව ලංකාදීපයට තුති..
ඔය සයිටම් සමත් වෙච්ච සිසුන් එස් එල් එම් සී ලියාපදිංචියේදී ඊ පී ආර් එම් වැනි විභාගයකට පෙනී සිටිය යුතුයි නේද ?
අපරාදේ. තව අවුරුදු දහයක් වත් වර්ජනය කර ගෙන යන්නයි තිබුනේ.
හැට පනින කන් වර්ජනය කළා නම් හරි. දියුණු රටවල සිසුන් වයස 21 වෙන විට සාමාන්‍ය උපාධි සම්පුර්ණ කරනවා. අපේ කට්ටිය හැට පනින කන් අනුන්ගේ ඉගෙනීම නවත්වන්න කුමන්ත්‍රණ කර කර රටට බරක් වෙනවා. උපාධියෙන් පසුවත් අරක දියව් මේක දියව් විතරයි. තමන්ගෙන් රටට තියා ගෙදර වයසක දෙමව්පියන්ටවත් වගතුවක් නැහැ. උන්දලාට නහින දෙහින වයස මාරාන්තික උපවාස කරන්න වෙලා තියෙන්නේ.
අපරාදේ එයාලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තිබුන වෙලාව මාස දහයකින් කල් ගිය එක ගැන දුක ඇති
පුද්ගලික රෝහල් කවද්ද වහන්නේ? එකටත් උද්ගෝෂණයක් කරමු නේ? ඇත්තටම සල්ලි තියන මොලේ නැති දොස්තර වෙන්න ආස අයට ඕනේ කොහොම හරි ඒ දේ කරගන්න. එකට සුදුසු කම් නැති දේශකයන් යොදා සල්ලි වෙනුවෙන් බාල වෙද උපාධි දෙන එක සුදුසු නැහැ.
රජයේ වෛද්‍ය පීට සිසුන් තම එ්කාදිකාරිය පවත්වාගෙන යාම සදහා කරපු වැඩකි මේක .
මේකේ එන මුල්ම අදහස් හරිම ද්වේෂයකින් ලියපු ඒවා.මට හිතාගන්න බෑ ප්‍රතිගාමින් මේ තරම් වයිරයකින් උද්ගෝෂණ වලට විරුද්ද වෙන්නේ අැයි කියල.මේ ප්‍රශ්න රවිඳු මහත්තයටත් එයාගේ දරුවන්ටත් බලපාන දේවල්. මම හිතන්නේ නෑ රවිඳු මහත්තයට තමන්ගේ දරුවෙක් සයිටම් එකට ඇතුලත් කරගන්න තරම් වත්කමක් තියනවා කියල. මේ විදියේ අදහස් එලියට එන්නේ කුහක් කමේ හා මෝඩ කමේ ප්‍රතිපලයක් හැටියට.
සයිටම් ආයතනයෙන් දෙන ඉංජිනේරු හා අනෙකුත් උපාධිවලට ප්‍රශ්නයක් නොමැතිනම් වෛද්‍ය විද්‍යාලයට පමණක් රජයේ තීරණය අදාළ බවයි මම හිතන්නේ. රටතුල ප්‍රමිතියකින් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලබාදිය හැකිනම් විදේශ රටවලට ඇදීයන විශාල මුදලක් ඉතිරි වෙනවා. විදේශ වෛද්‍ය උපාධි පිළිගැනීමට හැකිනම් දේශීය උපාධියට ඔයතරම් විරුද්ධවෙන්න හේතුවක් නෑ කුහකකම හැරෙන්නට.
ඊ ලඟට පෞද්ගලික රෝහල් පෞද්ගලික අධ්‍යාපන කඩ අහෝසි ද?
ළමයිනේ මස් රාත්තල ඉල්ලන්න එපා. ටිකක් නම්‍යශීලි වෙන්න.
රජයේ විශ්ව විද්‍යාල දියුණු කරන්න
මිළගට දොස්තර පෞද්ගලික චැනල් සේවය අහෝසි කරමු. බහිමු පාරට
රජයේ සරසවියක උපාධියක් තිබුන පමණින් මහා බුද්ධිමතෙක් හෝ දක්ෂයෙක් වෙන්නේ නැහැ. අපිට කාර්යයේ නිතර මුණගැහෙනවා පරිගණයක් හසුරුවා රාජකාරි ලියුමක් ටයිප් කරගන්න බැරි , තැනට අවශ්‍ය විදියට නුවනක් නැති උපාධිදාරීන්. දැන් කියන්න එපා ඒකත් රජයේ වැරැද්ද කියලා. රැකියා කුශලතාව සහ උපාධිය දෙකක්. පුද්ගලික අධ්‍යාපන ආයතන වල උපාධිදාරීන් ඉන්නවා ඉතාම ඉහල කාර්යක්ෂමතාවයක් එක්ක රැකියාවේ නියුතු. ඒ නිසා රජයේ සරසවි උපාධිදාරීන් පමණයි රටට අවශ්‍ය කියන කුහක දුර්මතයට මම එකඟ නැහැ.