රොමේෂ් මධුෂංඛ
මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් ධීවරයින් මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස ඉල්ලා අද (2) මුලතිව්හි සියලුම ධීවරයෝ උද්ඝෝෂණයක නිරත වෙමින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා එම කාර්යාලයට දැඩි අලාභ හානි සිදු කර ඇති බවට මුලතිව් පොලීසිය කියයි.
මුලතිව් කෝකිලායි සිට චලෙයි දක්වා සිටින සියලුම ධීවරයින් අද උදෑසන මුලතිව් නගර මධ්‍යට පිවිස පළමුව විරෝධතාවක නිරතවී කියා සිටියේ මුලතිව් මුහුදේ සිදු කරන තහනම් ධීවර කටයුතු වහාම නවතන ලෙසයි.
එම විරෝධතාවයට විසඳුමක් නොලැබීම හේතුවෙන් ධීවරයින් සියලුම දෙනා එක්ව විරෝධතා පාගමනින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූවේ තම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමිනි.
නමුත් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයේ දොරටුව වසා කිසිදු නිලධාරියකු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් උද්ඝෝෂණයෙහි නිරත වූ ධීවරයින් පළමුව සහකාර ධීවර පරික්ෂක කාර්යාලයේ වැට ගලවා දමා කාර්යාලයට ඇතුළු වී කාර්යාලයේ දේපලවලට දැඩි හානකියක් සිදු කර ඇති අතර තත්වය පාලනය කිරීමට මුලතිව් පොලීසියටද මැදිහත් වීමට සිදුවිය.
උද්ඝෝෂණ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුලතිව් ධීවරයෝ සහකාර පරික්ෂක කාර්යාලය වටලති