( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබු මිනිස් ඇටසැකිලි වලට සමාන අස්ථි කොටස් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසියි කියයි.
සුදන්දිරපුරම් ප්‍රදේශයේ වැසියකු විසින් සිය ඉඩමේ නිවසක් ඉදිකිරීම වෙනුවෙන් පොළොව හෑරු අවස්ථාවේදී පස් සමඟ අස්ථි කොටස් කිහිපයක් මතුවී ඇති අතර පසුව එම පුද්ගලයා විසින් ඒ බව පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇත.
පසුව එම ස්ථානයට පුදුකුඩුඉරිප්පු පොලීසිය පැමිණ පරික්ෂා කර අස්ථි මිනිස් අස්ථිවලට සමාන යැයි සැක සිතීමෙන් ප්‍රදේශය ආවරණය කර ආරක්ෂාවය යෙදීමට පියවර ගනු ලැබීය.
අද (21) දිනයේදී මුලතිව් මහේසත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අස්ථි මතුවූ ස්ථානයේ වැඩිදුර කැණීමක් සිදු කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd