IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මුරුංගා කොළ කතාවේදී රජයේ ප්‍රතිපත්තිය වැරදියි’

බිඟුන් මේනක ගමගේ 
 

 
මුරුංගා කොළ කා ජීවත් වූ පවුලක් ගැන මාධ්‍යවේදී සරත් මනුල මහතා විසින් ලියන ලද පුවතේදී ඔහු හැකි තරම් සත්‍ය වාර්තා කිරීමට උත්සාහ කර ඇතැයි ද රජය ඊට ප්‍රතිචාර දැක් වූ ආකාරය මගින් සිදුවන්නේ තම ප්‍රදේශයන්හි දුෂ්කර ජන ජිවිත පිළිබඳ වාර්තාකරණයෙහි නියැලි සිටින මාධ්‍යවේදීන් ස්වල්ප දෙනා ද පසුබෑමකට ලක්වීම යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
කන්න හයක් ම පාළුයි, වේල් ගණනක් බත් නැතිව අඹු සැමි යුවළක් මුරුංගා කොළ තම්බාගෙන කාලා මැයෙන් පළ වූ එම පුවතෙන් ප්‍රකාශයට පත් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ග්‍රාමීය ජනයා මුහුණ දී සිටින දුෂ්කර ජීවිතයේ එක් පැතිකඩක් යැයි එහි සඳහන් වේ. 
 
රජය තම මාධ්‍ය භාවිතා කරමින් මාධ්‍යවේදී සරත් මනුල පදනම් විරහිතව සාවද්‍ය පුවතක් ගොඩනඟා ඇති  බවට චෝදනා කළේ යැයි ද එය මාධ්‍යවේදියකුගේ වෘත්තීමය භාවිතය සම්බන්ධයෙන් එල්ල කළ හැකි දරුණුම චෝදනාවක් යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
 
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට මෙතෙක් ඒ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මගින් පැහැදිලි වන්නේ මෙම මාධ්‍යවේදියා හැකිතාක් දුරට ඉහත සිදුවීමෙහි සන්දර්භය මත පිහිටා සත්‍ය වාර්තා කිරීමට උත්සාහ කර ඇති බව යැයි ද ඔහුගේ මෙම වාර්තාකරණය මඟින් ප්‍රකාශිත සමස්ත කතා පුවත වගකිව යුත්තන්ගේ දැඩි අවධානයට ලක් විය යුත්තක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
 
මෙම ජන ප්‍රජාව මුහුණ දි සිටින දුප්පත්කම සුළු කොට තැකිය නොහැකි බැවින් ඒ පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මාධ්‍ය  වෘත්තියෙහි වගකීමක් වුවද එය නොතකා මාධ්‍යවේදියාට එරෙහි ප්‍රහාරාත්මක චෝදනා එල්ල කිරීමෙන් අත්වන මහජන සුබසිද්ධියක් නැතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. 
 
කරුණුමය නිරවද්‍යතාව අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙහිදී මාධ්‍යවේදියා අතින්  එවැනි යම් වරදක් සිදුව තිබේ නම් වඩා සාධනීය ආකාරයකින් ඊට මැදිහත් වීමේ හැකියාවක් රජයට තිබුණේ යැයි විශ්වාස කරන බව ද පවසයි.
 
එසේ වුවද දුෂ්කර ජනජීවිත ගැන වාර්තා කරන ස්වල්පදෙනා මෙවැනි බාධා කිරීම්  නොතකා තම සමාජ වගකීම ඉටු කරන අතර වෘත්තීය ගුණාත්මකභාවයද වැඩි දියුණු කර ගනිමින් ඉදිරියට යනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාසය පළ කරන්නේ යැයි ද ඔවුන්ට ධෛර්ය පතන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (5)

මුරුංගා කොළ කතාවේදී රජයේ ප්‍රතිපත්තිය වැරදියි’

suranga Sunday, 07 October 2018 12:47 PM

ඕනෑම දෙයක් තියෙනවට වඩා වැඩි කොට පෙන්වන අයට ඔහොම විය යුතුමය. වැඩේ අවුල් වුණාට සංදර්භය ගැන කථා කරනවා...

:       21       134

johan Sunday, 07 October 2018 01:39 PM

අනේ මන්දා මේ මහත්තුරු මොනවා කියනවාද කියලා.. කෑම නැතුව මුරුංගා කොළ තම්බන් කාලා මිනිස්සු ජීවත් වෙනවා කියලා පත්තරේ තිබුණාම රජය කලබල වෙලා ඒ ගැන හොයලා බලලා මහ ජනතාවට ඇත්ත කියලා තියෙනවා. මනුස්සයෙක් බඩගින්නට මුරුංගා කොළ තම්බගෙන කෑමයි, මනුස්සයෙක් මුරුංගා කොළ මැල්ලුමක් එක්ක බත් කෑමයි අතරේ කොච්චර නම් වෙනස්කමක් තියෙනවාද?

:       19       3

Samathasena A . Aluthgamage. Sunday, 07 October 2018 01:44 PM

පුවත්පත් කලාවේදීන් වන අප දුගී ජනතාව දෙස බලනුයේ දේශපාලකයන් ඔවුන් දෙස බලන කෝණයෙන් නොවේ. සීතකාමර තුල වැජඹෙන ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල සමහර දෙනා මෙන්ද නොවේ. දුගියාගේ පොල් අතු පැලත්, රාජ මාලිගයත් අතර වෙනස හොඳින් දන්නා අපට දුගී ජනයාගේ අන්ත අසරණ දුකත්, දේශපාලකයාගේත්, ඔහුගේ ගෝල බාලයන්ගේත් තතු හොඳින් දැනේ. එබැවින් ගහ දන්නා අපට කොළ කඩා පාන්නට අවැසි නොවේ.

:       20       207

himal Sunday, 07 October 2018 03:00 PM

කරුණු හරි හැටි හොයලා වාර්තාකරා නම් ඉවරනේ. ළඟදි අඟහරු වල ගඩොල් තියෙනවා කිව්වා. අව පෝෂණය මන්ද පෝෂණය කරා. අඹ ගෙඩි 18ක් හොරෙන් කඩා ගත්ත එක 3කට අඩු කරා.

:       0       0

උපාලි Sunday, 07 October 2018 03:29 PM

මෙවැනි සිදුවිම් ඉඳහිට හෝ වාර්තාවීම ඉතාම හොඳයි. බලධාරින්ගේ ඇස් ඇරෙන්න. ගමේ මිනිස්සු ඉල්ලන්නේ වාහන බලපත්‍ර නෙවෙයි. කන්න මොනවා හරි. සෙල්ලමක් නෙවෙයි අනුරාධපුරේ කන්න හයක් පාලුවුනා කියන්නේ. කන්නේ හරි ගියානම් ප්‍රතිවිරුද්ධ අදහස් හා විරෝධතා දක්වන බලවතුන්ට කන්න දෙන්න තරම් මේ මිනිස්සු පොහොසත්. නිදහස් මාධය ව්‍යාපාරයට ස්තූතියි මේ සම්බන්ධව අදහස් දැක්වීම පිළිබදව.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1410 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1293 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site