IMG-LOGO

මියන්මාර් - නොර්වේ රටවලට නව තානාපතිවරු දෙදෙනක්

( තිළිණි ද සිල්වා )

 

මියන්මාරය සහ නොර්වේ රටවල් සදහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු මහ ඇමැතිවරයකු  වන නන්දිමිත්‍ර ඒකනායක මහතා සහ නොර්වේ හි ශ්‍රී ලංකා තානාපති වශයෙන්  මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය රජය විසින් පත් කරනු ලැබ ඇත.

මීට පෙර මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ කේ.ඩබ්ලිව්.එන්.ඩී කරුණාරත්න මහතාගේ සේවා කාලය අවසන් වීමත් සමඟ පුරප්පාඩුව පැවති එම ධූරයට ඒකනායක මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පියවර ගෙන ඇත.

ඒකනායක මහතා පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක්,මහ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කර ඇති දේශපාලනඥයකුද වේ.

නොර්වේ රටවල් හී ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කරනු ලැබූ මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය නොටින්හැම් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය.

මීට පෙර නොර්වේ හී ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ජයන්ත පලිපාන මහතා කටයුතු කළ අතර ඔහුගේ තුන් වසරක සේවා කාලය අවසන් වීමත් සමඟ මෙම මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය පත් කරනු ලැබුවාය.



අදහස් (2)

මියන්මාර් - නොර්වේ රටවලට නව තානාපතිවරු දෙදෙනක්

ලුම්බිණි Monday, 23 July 2018 08:55 AM

නොටින්හැම් විශ්ව විද්‍යාලයේ ඉන්න කෙනෙක් යවන්නේ වෙන සුදුසු කිසිවෙක් ලංකාවේ නැතුවද?

:       5       58

C.K.Lankaputhra Monday, 23 July 2018 09:21 AM

එතකොට හිටපු මහ ඇමැති තුමා සුදුස්සෙක්ද?

:       9       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site