IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව දැඩී නීති

(විනීතා එම් ගමගේ)

මයික්‍රෝන  20ට අඩු පොලිතින් භාවිතා  කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇත.

2006 වසරේ සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය, අලෙවිය, හා ළඟ තබා ගැනීම වරදක් බවට පත්වූ නමුත් මේ වන තුරුත් ජාවාරම්කරුවන් පිරිසක් තහනම් පොලිතින් නිෂ්පාදනය කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි. 

ඉදිරියේ දී පරික්ෂා කිරීම් හා වැටලීම් දැඩි කිරීමට පියවර ගත් බව ද ධර්මසිරි මහතා කියයි. 

භාවිතය තහනම් කොට ඇති මයික්‍රෝන විස්සට අඩු තුනී පොලිතින් නිපදවූ හා අලෙවි කළ ස්ථාන 1648 ක් වටලා 254 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ධර්මසිරි මහතා ප්‍රකාශ කරයි. 

ආහාර එතීමට තුනී පොලිතින් භාවිතය හා ආහාර ගැනීමෙන් පසු ඒවා ඉඳුල් සමඟ පරිසරයට මුදා හැරීම නිසා කිසිදු කළමණාකරණ ක‍්‍රමවේදයකට නතු කර ගැනීමට නොහැකි වීමත් පවතින බරපතලම පාරිසරික ප‍්‍රශ්නය මතු කරන්නේ යැයි ඒ මහතා පවසයි.



අදහස් (5)

මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතා කරන්නන්ට එරෙහිව දැඩී නීති

ඩිල් Thursday, 04 May 2017 07:01 PM

මේ මිනිස්සුන්ට මොනවා වෙලාද? මයික්‍රෝන 20ට අඩු පොලිතින් පාවිච්චිය තහනම් කරලා ගොඩක් කල් නමුත් හැම තැනම ඒවා පාවිච්චි උණා අඩු නැතුව. සුපිරි වෙළඳසැල්, ඇරුනාම ගොඩක් කඩවල් වල තියෙන්නේ මේවා. දැන් තමා පරිසර අධිකාරියේ මිනිස්සුන්ට මේව මතක් වෙන්නේ. හානිය වෙලා ඉවර උණාම තමා බොරුවට කෑගහන්නේ. කමක් නෑ මේක ලංකාව නේ. මෙහෙ ඉන්නේ ඉක්මණට රවට්ටන්න පුළුවන් සහ ඉක්මනට රැවටෙන මිනිස්සු.

:       1       0

don Friday, 05 May 2017 02:19 AM

පොලිතීන් මිල 200% කින් වැඩිකොට විකල්ප ද්‍රව්‍ය වල මිල 50% කින් අඩු කරන්න.

:       0       0

thilina Friday, 05 May 2017 02:23 AM

මයික්‍රෝන 20 අඩු පොලිතින් නිෂ්පාදනය ගෙන්වීම විකිණීම තහනම් කරන්න. වැඩි දඩ පනවන්න.

:       0       0

ජයරත්න Friday, 05 May 2017 07:13 AM

පොලීතීන් සහ ප්ලාස්ටික් නැත්නම් මේ කසළ ගැටළුව විසඳන්න පහසුයි. අනිත් ඔක්කොම දිරනවා. ඒ නිසා නොදිරන දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි. විකල්ප තමන්ම හදා ගනියි.

:       0       0

de silva Friday, 05 May 2017 10:29 AM

ඔය පොලිතීන්වල මෛක්‍රෝන ගණන මැන ගන්න අවශ්‍ය උපකරණ පොලිසියේ සහ වෙනත් රජයේ නිලධාරීන්ට තියෙනවාද? විකාර... මම නම් කරන්නේ ඔය පොලිතින්, ප්ලාස්ටික් ටික එකතු කරලා ගිනිගොඩක් ගහල පුච්චලා දමනවා... දිරායන කුණු පරණ බැරල් දෙකකට එකතු කරනවා. මාසයක් විතර යනකොට බැරල් එක පිරුණම අනිත් බැරල් එකට කුණු එකතු කරනවා. මාසයක් විතර කුණු බැරල් එකේ ගොඩ ගැහිලා තිබුණට පස්සේ තුනී කර අවුවේ වෙලාගෙන, පැලවලට දමනවා, එතකොට රටපෝර අවශ්‍ය වෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1859 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1498 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site