IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට පිළිතුරක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී මානවහිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව  මානවහිමිකම් කොමිෂන් සභාව ලිපියක් මගින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

මානවහිමිකම් කොමිෂන් සභාවේ ප්‍රමාදය නිසා මාලි රාජ්‍යයේ ස්ථානගත කර  සිටි භට පිරිස් නැවත  ලංකාවට ගෙන ඒමට  ප්‍රමාද වූයේ යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිසේම නිවැරදි නොවන බවත් , එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවත් එහි දක්වා ඇත.

එමෙන්ම එම නිලධාරීන්ගේ ජීවිත අහිමිවීම පිළිබඳව මානවහිමිකම් කොමිෂන් සභාව වෙත පැවරීමෙන් ඔවුන් ඉමහත් කම්පනයට පත්ව ඇතැයිද එහි සඳහන්ය.

 එවැනි සිදුවීම් රැසක් පිළිබඳව තොරතුරු ඇතුළත් කර  ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මානවහිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.
 
‘ඉදිරියේදී  ලංකාවේ  මරණිය දණ්ඩනය  ක්‍රියාත්මක  කිරීමේදී   අපරාධකරුවන්  වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන  ලෙස  ලංකාවේ  මානවහිමිකම්  වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින්   කරුණාවෙන් ඉල්ලා සිටින බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ  කළ අතර  මාලි රාජ්‍යයේ  සාම සාධක හමුදාවේ රාජකාරී නියැලෙමින් සිටි රණවිරුවන් මිය යාමේ සිද්ධි වුයේද ඔවුන් ගෙන්වා ගැනීමට මානවහිමිකම් කොමිෂන් සභාවේ නිසි  අයුරින් ක්‍රියා නොකළ නිසා  යැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.‘

(36698)


 මානව හිමිකම් කොමිෂන් සභාව කරුණු පැහැදිලිකරමින් ජනාධිපතිවරයාට යැවු සම්පූර්ණ  ලිපිය පහත දැක්වේ.

 

 



අදහස් (12)

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට පිළිතුරක්

එරික් Friday, 08 February 2019 10:40 AM

ඕක ඔච්චර ගනන් ගන්න එපා. තමන්ගේ නොහැකියාව කාගේ හරි පිට වරද පටවන කෙනෙක්...

:       1078       689

athura Friday, 08 February 2019 10:47 AM

ජනාධිපති දැන් බලන්නේ කොක්කෙන් හරි, කෙක්කෙන් හරි ඊළඟ පාර ගොඩයන්න විදිහක් තියනවද කියලා. විධායක රහ දැනුණාම පිස්සුවගේ තමයි...

:       660       443

අනුර Friday, 08 February 2019 11:16 AM

අනිකුත් ආයතනවලටත් ආදර්ශයට ගත හැකි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමේ ලිපියක්...

:       559       60

Pandith Friday, 08 February 2019 11:24 AM

පොහොට්ටුවත් දැන් වෙනම ඡන්දෙට යන නිසා ඊළඟ ඡන්දෙට ගොඩයන්න විදිහක් තියනවද කියලා අනාථවෙලා ඉන්නේ. බල තණ්හාව අාවම කියවන්නේ විකාර...

:       615       274

Sapumal. Friday, 08 February 2019 12:12 PM

රටක මානව හිමිකම් ගැන සෙවීම හොඳ වැඩක්.... ඒත්, එම රටේ, පාතාලයන් කුඩ්ඩන් වැනි මහා මිනීමරුවන් රට වනසා බොහොම අමාරුවෙන් අත්අඩංගුවට ගත්තාට පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම රටේ සිටින සාමකාමී ජනතාවට කරනා මහා අපරාධයක් නොවේද? එතකොට සාමකාමී බහුතර පිරිසගේ මානව හිමිකම් කැඩෙනවා නේද? පිටරටවල් නොදන්නා අපගේ දේ ගැන ක්‍රියා කිරීමට ඔවුන් උපදෙස් දීම දෝෂ සහිත නොවේද? මහා දාමරිකයන්, මිනීමරුවන් රට කළඹන පුවත් මවද්දී රහස් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ බොහෝ වෙහෙස වී කොටුකර ගන්නා ජනතාවගේ මානව හිමිකම් වනසන මැරයන් හට ලැබෙන මානව හිමිකමෙන් රටේ සාමකාමී ජනතාවගේ මානව හිමිකම් අහිමි නොවේද? ආරක්ෂක අංශවල ධෛර්යය මෙහිදී හීන නොවන්නේද? ඔවුන් වෙනුවෙන් වැටුප් ගෙවන ජනතා මුදල් නාස්තියක් මේ නිසා වෙනවා නේද? ගමේ අසරණ පියදාසට නොමැති මානව හිමිකම් පාතාලයාට ලැබීම සාධාරණද? එවිට පාතාලයා වරදට බියවන්නේ නැහැනේද?

:       25       873

nihal Friday, 08 February 2019 02:40 PM

ඒ නීති සියල්ල අපේ රටට පමණයි

:       0       574

රසිකFriday, 08 February 2019 03:58 PM

ඔය කියන ඒවට උදාහරණ කිහිපයක් දෙන්න පුළුවන්ද? මානව හිමිකම් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව කතාකරනවා...

:       569       2

Bangomunu.Saturday, 09 February 2019 01:42 AM

ටිකක් දන්නා කෙනා හිතන්නේ තමන් විතරයි සියල්ල දන්නේ කියා. ඉතින් ඔක්කොම දන්නා පණ්ඩිතයින්... උදාහරණ සහිතව අපට වටහා දෙන්නකෝ. ඒ ලිපියෙන් ඔහු පෙන්වා ඇත්තේ මානව හිමිකම් කාරයින්ගේ වැඩවලින් වෙන සැබෑදේ. පුළුවන් නම් ඒ තර්ක බිඳින්නකෝ....

:       0       33

චමින්දSaturday, 09 February 2019 01:43 AM

ජනාධිපතිතුමා හා සපුමල් කියනදේ හරි. ලංකාවේ මානව හිමිකම් සංවිධාන වැඩිපිරිසකගේ මානව හිමිකම් වලට වඩා කුඩ්ඩන් මැරයන් වැනි සුලු පිරිසකගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බවක් වැස්සකටවත් පාසැලකට ගොඩ නොවුන අයෙකුට වුනත් තේරෙනවා. සභාපතිතුමියණි අනුන්ට දොස් කියන්න පෙර කරුණාකර ඔබලාගේ වැරදි අදහස් ඉවත්කර ගන්න.

:       0       31

saliya Saturday, 09 February 2019 05:04 AM

ආදරණිය ජනපතිතුමනි, ඔබතුමා මේ දාලා තියන සටහන් ගැන දුක්වෙන්න එපා. පිඟන් හොදනකොට පිඟන් බිඳෙනවා. ඔබතුමාට පහුගිය කාලයේ හුඟක් අසාධාරණ වුණා. දැන් ඒවා තේරුම් අරගන ඔයාට ඡන්දේ දීපු ජනතාව වෙනුවෙන් අතිශයින් දුෂ්කර ගමනක් යන්න හදනකොට ඔබතුමා රූකඩයක් කරන්න හදපු කට්ටියට හුඟක් රිදෙනවා. ආයේ ඔබතුමා ඡන්දෙට එනවද? නැද්ද? අපි දන්නේ නෑ. නමුත් ජනතාව ඔබට දීපු ජොබ් එක හරියට කරලා ටිකකලක් ගෙදර ගියත් අායෙත් ඔවුන්ට ඔබතුමා ඕනෑවෙනවා. එතකොට ඉබේම ඔයා ආයෙත් ජනපති... හොඳම උදාහරණය මහින්ද මහත්තය හා ගෝඨාභය මහත්තයා. ඔබතුමා හිටියා වගේම ඔවුන් සමග හොඳින් ඉන්න, ඒ අය ගුණ දන්නවා කියලා අපි හිතනවා. ඔබතුමාට ජය..!

:       0       8

සුගත් Saturday, 09 February 2019 05:58 AM

මානව හිමිකම් කොමිෂමේ ස්වාධීනත්වය රැකගැනීමට දැරූ මෙම උත්සහය අනෙකුත් රාජ්‍ය ආයතනවලට මෙන්ම කොමිෂන් සභාවලටද ආදර්ශයක්... කොමිෂන් සභා හා රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අඩපන නම් එයට විසඳුමක් විධායකට ලබාදිය නොහැකි නම් විධායකය කෙරෙහි ඇති ජනතා අපේක්ෂාවද පළුදු විය හැකිය.

:       4       8

Chandran Prasad Saturday, 09 February 2019 08:02 AM

මානව හිමිකම' කොමිසමේ' ප්‍රධානියා කුමන උත්තරයක් දුන්නත් සාමසාධක කටයුතුවලට යන අයගේ නිෂ්කාශනයන් මේ තරම් පමාද වීම හෝ ප්‍රමාද කිරීම පිළිගත නොහැකිය. මෙම කොමිසමේ සිටින දෙමළ ජාතික කාන්තාවක් බාධාකරන බව ප්‍රසිද්ධ රහසක්. ඒබැවින් පම්පෝරි නැතිව මෙම කටයුතු ඉටුකළානම් රටටත්, නිලධාරීන්ගේ අනාගතයටත් හැමෝටමත් අැඟට ගුනයි. නැත්නම්' මෙයට වගකිවයුතු අයට වැහි නැති හෙන ගහනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 574 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 512 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2094 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2114 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 222 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2549 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site