(හසිත රංග ගුණතිලක)
එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
රටවල් 189 ක් අතරින් ශ්‍රීලංකාවට 76 වැනි ස්ථානය හිමිව තිබෙන අතර ලංකාව හැරුණු කොට දකුණු ආසියාතික රටක් ලෙස එම දර්ශකයේ දෙවනුව පෙරමුණ ගැනීමට 101 වන ස්ථානය හිමි කර ගෙන තිබෙන මාලදිවයින සමත් වී ඇත.
1990 සිට 2017 වසර දක්වා ශ්‍රීලංකාවේ මානව සම්පත් සංවර්ධනය සියයට 23.2කි.මෙම දර්ශකය මගින් සෞඛ්‍ය , අධ්‍යාපනය මෙන්ම ආදායම සම්බන්ධයෙන් ජාතික මට්ටමින් ළඟා කර ගත් ඉලක්කයක් ඇගයීමට ලක් කරනු ඇත.
මානව සංවර්ධන දර්ශකයේ ප්‍රමුඛස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිවී ඇති අතර ස්විට්සර්ලන්තය , ඕස්ට්‍රේලියාව,අයර්ලන්තය සහ ජර්මනිය එහි අනෙක් මුල් රටවල් වේ.
ශ්‍රීලංකාවේ උපත්වලදී ජිවිත අපේක්ෂාව වසර 6 කින් ඉහළ යාමද විශේෂත්වයක් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කර ඇති එම දර්ශකයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව සංවර්ධන දර්ශකයේ ලංකාව 76 වැනි තැනට
සතයපාල Wednesday, 19 September 2018 01:14 PM
දැන් ආණ්ඩුවේ ඉන්න හැමකෙනාම මේක අල්ලගෙන කියයිද දන්නේ නැහැ මේක එයාලගේ වැඩක් කියලා.
samitha Wednesday, 19 September 2018 04:33 PM
2012 දී 73 වන ස්ථානයේ සිට 2017 දී 76 වන ස්ථානය දක්වා පහත බැස ඇති බවත් සඳහන් කල යුතුයි
himalWednesday, 19 September 2018 05:25 PM
2012දි දර්ශක අගය 0.757යි. 2017දි 0.770යි.