IMG-LOGO

මිනිරන් පතලකින් සිදුවන හානිය වළක්වන්නැයි මැල්සිරිපුර උද්ඝෝෂණයක්

(මොහොමඩ් බුහාර්ඩින් සහ චාන්දනී දිසානායක)


මැල්සිරිපුර, පන්ලියද්ද,  දාස්වත්ත ප‍්‍රදේශයේ ආරම්භ කිරිමට යොජිත මිණිරන් පතලක් හේතුවෙන් සිදුවන පරිසර විනාශය නතර කර දෙන ලෙස බලකරමින් පන්ලියද්ද ගම්වාසිහු අද (13)  කොළඹ අනුරාධපුර ප‍්‍රධාන මාර්ගය පන්ලියද්ද ප‍්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නියැලුණහ.


මැල්සිරිපුර පන්ලියද්ද දාස්වත්ත ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමක විසින් ආරම්භ කිරිමට යොජිත මිණිරන් පතලට සේවක සේවිකාවන් බදවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ අද පැවැත්විමට නියමිතව තිබිණි.


මහජන විරෝධය මධ්‍යයේ මෙම කර්මාන්තශාලව ආරම්භ කිරිමට එහි පාලන අධිකාරිය කටයුතු කිරිමත් සමඟ කුපිත වු පන්ලියද්ද ඹමාරගොල්ල කදුමුල්ල නාබැට උස්සාව හැවනතැන්න මඩහපොල කන්ද ඇතුළු ගම් රැසක 1000 ආසන්න පිරිසක් මෙම මිනිරන් පතල නතර කර දෙන ලෙස බල කරමින් මෙලෙස කොළඹ අනුරාධපුර ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නියලූණහ.


උද්ඝෝෂකයින් කියා සිටියේ මෙම  මිනිරන් පතල ආරම්භ කළහොත් ගම්මාන 7 ක පවුල් 3000 ක් බිමට ජලය නොමැතිව පිඩාවට පත් වන බවයි.


මෙම මිනිරන් පතල හේතුවෙන් ගම්මානයේ ඇති ජල මුලාශ සිදියාම හා අපවිත‍්‍ර විම ඇතුලූ පරිසර ගැටලූ රාශියක් පැන නැගි ඇති බවත් ඔවුහු පැවසුහ.


පැයකට ආසන්න කාලයක් ගම්මු මහමග උද්ඝෝෂන ව්‍යාපාරායේ නිරතවිම නිසා විශාල වාහන පෝලිමක් දක්නට ලැබිණි.
පසුව උද්ඝෝෂණය සිදුවු ස්ථානයට ඉබ්බාගමුව ප‍්‍රදේශිය සභාවේ ලේකම් ඊ ඒ  සෝමරත්න මහතා ඇතුළු මන්ති‍්‍රවරු කිහිපදෙනෙකු පැමිණ ගම්මුන් සමඟ සාකච්ඡා කිරිම සිදුවු අතර එහිදි  ලේකම් ඊ ඒ  සෝමරත්න මහතා කියා සිටියේ තම ආයතනයෙන් මෙම යෝජිත මිණිරන් පතලට වෙළඳ බලපත‍්‍රය ලබා දි නොමැති බවත් ලබන 14 මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡාට  ඉබ්බාගමුව ප‍්‍රදේශිය සභාවේ සභාපති සුමිත් උඩුකුඹුර මහතාගේ මුලිකත්වයෙන්  පැවැත්වෙන බවත් එයට පැමිණ මෙ ගැටලූව විසදා ගන්නා තෙක් මෙම විරෝධතාවය නතර කරන ලෙසට කල ඉල්ලිමකට ගම්මු අවනත විරෝධතාවය තාවකාලිකව නතර කළහ.

පැයකට පසුව මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට පත් කිරිමට ගොකරැල්ල පොලිසිය කටයුතු කළේය.


(ඡායාරූප - මොහොමඩ් බුහාර්ඩීන්)



අදහස් (1)

මිනිරන් පතලකින් සිදුවන හානිය වළක්වන්නැයි මැල්සිරිපුර උද්ඝෝෂණයක්

PA - RA Wednesday, 13 June 2018 10:17 AM

මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? ලෝකයේ හොඳම මිනිරන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒවායින් ලොකු විදේශ විනිමයක් ලබාගෙන ඒවා මැතිඇමැතිවරුන්ට අති සුඛෝපබෝගී වාහන, විදෙස් සවාරි, විදෙස් වෙදකම්, මාලිගා, දරුවන්ට ඉන්ටර් නැෂනල් පාසල්, මේවා ලබාදී නැවත පාර්ලිමේන්තුවට යවා පෙරමෙන් ඉල්ලන් කන්න මොනතරම් සැපද? මෝඩ මිනිස්සු වෙන්න එපා, බදු වැඩි කරගන්න බලන්න.

:       0       136

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 579 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site