(සිතුම් චතුරංග)
ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය මන්නාරම සමූහ මිනී වළ පිළිබඳව කාබන් නිර්ණ වාර්තාව කෙළින්ම ලිඛිතව මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව මන්නාරම මහෙස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළේය.
මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මෝසමක් මගින් අද දහවල් නඩුව කැඳවු අවස්ථාවේදීය .
අධිකරණ වෛද්‍යවරයා අද උදෑසන මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන් කාබන් කාල නිර්ණය වාර්තාවේ පිටපතක් මුදාහරින ලෙස අතුරුදන් වූවක්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ.
එම වාර්තාව නිල වශයෙන් අදාල ආයතනයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට එවා නැති නිසා අධිකරණ වෛද්‍ය වරයා දුන් පිටපත ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් නිල පිටපත ලැබුණු පසු එය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෙච්චර සඟවාගෙන ඉන්න හේතුව කුමක්ද ? දොස්තර ගැන මහේස්ත්‍රාත් තුමාට විශ්වාසයක් නැද්ද ?
මෙම රාජකාරිය කරනකොට අත් වැස්මක් පලදින්නේ නැද්ද? ඒවා සේෆ්ටි වලට අදාළ දේවල්. ආරෂාව පලමුව.