IMG-LOGO

මන්නාරමේ කැලයකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

 
ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
 
එහිදී පොලිතීන් උරයක තිබී පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් හා කාල විරාම පරිපත 6 ක් හමු වී ඇති අතර අදාළ කාල විරාම පරිපත එම ස්ථානයේදී නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
 
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුපුරණදුව්‍ය තොගය ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටි අතර සොයාගත් පුපුරණද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාර දී ඇත.

 



අදහස් (3)

මන්නාරමේ කැලයකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

Kumar Sunday, 05 May 2019 07:22 AM

දෙයියනේ...... ලංකාවට මොකද්ද මේ කරන්න හදලා තියෙන්නේ......

:       15       93

sandy123Sunday, 05 May 2019 08:37 AM

ලෝක සිතියමෙන් අයින් කරන්න හිතන් ඉදලා තියෙන්නේ.

:       29       112

ravi Sunday, 05 May 2019 08:12 AM

මේ පුපුරන ද්‍රව්‍ය වලට වැඩිය වැදගත් වෙන්නේ ... කව්ද මේවා තියාගෙන හිටියේ කියන එකේ නේද ..

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site